~

ඇත්ත කියනු..! පාස්කු ප්‍රහාරය ගැන සොයන කොමිසම පිළිතුරු දිය යුතු අතිශය වැදගත් ප්‍රශ්න 13 ක්..!

(ලංකා ඊ නිව්ස් -2020.දෙසැ.01 ‍පෙ.ව.9.30) ඉකුත් 2019 වසරේ අප්‍රේල් 21 දින පාස්කු ඉරිදා  ශ්‍රී ලංකාවේ කතෝලික දේවස්ථාන ඇතුලු සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක  කරගනිමින් සිදු වූ  මරාගෙන මැරුණ ප්‍රහාරය පිලිබඳව සොයන ජනාධිපති කොමිෂන් සභාව මගින් ⁣එම ප්‍රහාරයන්ට අදාළව විවිධ පාර්ශවයන්ගේ හා පුද්ගලයන්ගෙන් සාක්ෂි විමර්ශනය කරමින් සිටී. මාධ්‍ය සඳහන් කරන අන්දමට මේ වන විට එම විමර්ශනයේ අවසානය කරා සමීප වෙමින් පවතී.

ලාංකීය කතෝලික බැතිමතුන් මෙන්ම  දෙස් විදෙස් සංචාරයකයන් ඇතුලු  අහිංසක නිරායුධ පුරවැසියන් 300 කට වැඩි පිරිසක් ඉන් මියගිය අතර එම ප්‍රහාරය හේතුවෙන් බරපතළ සහ සාමාන්‍ය තුවාල ලැබු සංඛ්‍යාව  500 ඉක්මවීය.

මෙම ප්‍රහාරය නිසා ලාංකීය සමාජයේ සාතිශ බහුතර ජනතාව මෛත්‍රීපාල සිරිසේනගේ සහ  රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් බලයේ සිටි පසුගිය ආණ්ඩුව රටට සපයා ඇති  ජාතික ආරක්ෂාව පිලිබඳව බරපතළ සැක සංකා ඇති කර ගත්තේය.

2015 ජනාධිපතිවරණය පරාජයත් සමග ගමක් ගමක් පාසා විහාරස්ථානයක් විහාරස්ථානයක් වෙත ගොස් මහින්ද රාජපක්ෂ විසින් දෛනිකව පවසන ලද ජාතික ආරක්ෂාව දුර්වල යැයි කී කතාව ඒ සමගම විජයග්‍රාහී ලෙස තහවුරු විය. එය රාජපක්ෂවරුන්ට යලි ආණ්ඩු බලය ලබාගැනීමට වෙස්වලාගත් ආශිර්වාදයක් විය.

සැබවින්ම එම ප්‍රහාරය රටේ බල හුවමාරුවකට ප්‍රබල සාධකයක් වූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඇතුලු වත්මන් ආණ්ඩුවට සම්බන්ධ පිරිස් පාස්කු ප්‍රහාරය සම්බන්ධව වගකිවයුතු අපරාධකරුවන්ට ලබාදෙන බවට රටට පොරොන්දු වූ දඬුවම් සහ අන්තවාදය නැතිකිරීමට අනුගමනය කරන බව සදහන් කළ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට මේ දක්වා අපොහොසත්වී ඇත.

කතෝලික සමාජයේ නායකත්වය දරණ මැල්කම් රංජිත් කාදිනල්තුමා ඇතුලු  නොයෙක් සංවිධාන ඉකුත් ජනාධිපතිවරණ සමයේ ඒ පිලිබඳව යුක්තිය ඉල්ලා සිදුකරනලද නොයෙක් බලපෑම් හා ප්‍රකාශ, උද්ඝෝෂණ, මේ වනවිට හීන වී ගොස් දියාරු ස්වභාවයක් ගෙන ඇත. 

පාස්කු ප්‍රහාරය පිලිබඳව ජනාධිපති කොමිෂන් සභාවේ මේ දක්වා එලිදරව් වී ඇති සාක්ෂි සහ වෙනත් මාධ්‍ය වාර්තා පදනම් කරගනිමින් මියගිය හා තුවාල ලැබූවන්ට යුක්තිය ඉටුකිරීමට නම් පහත සදහන් ප්‍රශ්න කෙරෙහි ජනතාවට අපක්ෂපාතී පිළිතුරු අවශ්‍යම ය.

01. 2010 සිට 2014 දක්වා කාලය ඇතුළත සහරාන් ඇතුලු අන්තවාදී සංවිධානවලට ආරක්ෂක අමාත්‍යාංශය මගින් වැටුප් ගෙවා තිබුනේ ඇයි ?

02. මරාගෙන මැරෙන බෝම්බ නිෂ්පාදනය කිරීමට සහරාන් ඇතුලු ත්‍රස්තයන්ට තාක්ෂණික දැනුම හා පුහුණුව ලැබුනේ කෙසේද ?

03. හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර කොමිෂන් සභාවේදී සඳහන් කළ දෙහිවල ලැගුම්හලකදී බෝම්බය පුපුරවාගත් ප්‍රහාරකයා එම පුපුරුවා ගැනීමට පෙර හමුවු බුද්ධි නිලධාරීයා 
කවුද ? ඒ පිලිබඳව විමර්ශන නොකරන්නේ මන්ද..?

04. ප්‍රහාරය පිලිබඳව පුර්ව දැනුවත් කිරීම් පිලිබඳව දැන දැනම සේනාධිනායක ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා කිසිම දැනුවත් කිරීමකින් තොරව ඔහුගේ පවුලේ උදවිය සමග සිංගප්පූරුවේ හදිසි සංචාරයක නිරත වුයේ ඇයි.? (ඔහු එම ප්‍රහාරය එල්ලවන බව කලින්ම දැන විදෙස් ගතවුණා යැයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කොමිෂන් සභාවට ප්‍රකාශ කළේ ය.)

05. ප්‍රහාරයෙන් පසුව දුරකථනයකින් හෝ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධ කරගැනීමට දුෂ්කර වුයේ ඇයි.?  ඔහු කඩිනමින් නැවත ලංකාවට නොපැමිණීමට හේතුව කුමක්ද? 

06. රටතුළ ඇතිවූ හදිසි තත්ත්වය පාලනය කරගැනීමට අදාළව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ කැඳවන ලද හදිසි ආරක්ෂක රැස්වීමට ආරක්ෂක ලේකම් වරයාට සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුලු ත්‍රිවිධ හමුදාපතිවරුන්ට නොයන ලෙස මෛත්‍රීපාල සිරිසේන උපදෙස් නිකුත් කළේ ඇයි.?

07. සහරාන් පිලිබඳව දීර්ඝ කාලයක සිට විමර්ශන සිදුකළ එවකට ත්‍රස්ත විමර්ශන අංශයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සිරගත කළේ ඇයි.? ඔහුගෙන් මෙම කොමිෂන් සභාව වැඩිදුර ප්‍රශ්න කිරීම් නොකළේ ඇයි.?

08. නාමල් කුමාර නම් පුද්ගලයෙක් යොදා නිර්මාණය කළ මෛත්‍රීපාල සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් පිලිබඳව විමර්ශනය පාස්කු ප්‍රහාරයත් සමග නතර කළේ ඇයි?

09. 2012 වසරේ සිට 2019 දක්වා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවය මගින් රාජ්‍ය මාධ්‍ය තරංග උපයෝගී කරගනිමින් ප්‍රචාරය කරන ලද සහරාන් ඇතුලු අන්තවාදී සංවිධානයන්ගේ මතවාද සජීවී දේශනා පිලිබඳව කිසිම විමර්ශනයක් සිදු නොකළේ ඇයි ? එම වැඩසටහන් සඳහා උපදෙස් හා මුල්‍ය ආධාර ලබාදුන්නේ කවුද ?

10. සහරාන්ගේ බිරිඳ මෙම ජනාධිපති කොමිෂන් සභාවට සිදුකරන ලද කිසිම ප්‍රකාශයක් මාධ්‍යට වාර්තා කිරීමට ඉඩ ලබානොදුන්නේ ඇයි ?
 
11. මාවනැල්ල නගරයේ ස්ථාපිත බුදු පිළිමයකට පහරදීමට සම්බන්ධ සැකකරුවන් වහාම නිදහස් කරන ලෙස නියෝග කළේ කවුද .?

12. වනාතවිල්ලුවේ දී සොයාගන්නා ලද අධිබලැති පුපුරන ද්‍රව්‍ය පිලිබඳව නිසි විමර්ශනයක් සිදු නොකළේ ඇයි?

13. රාජපක්ෂ කඳවුරේ බරපතළ විරෝධය හා පිලිකුලට ලක්ව සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉකුත් ජනාධිපතිවරණ මැතිවරණ සමයේ පොහොට්ටුව පක්ෂ සංධානයේ සභාපති ලෙස පත් කරගත්තේ ඇයි..?  

එම බිහිසුණු ප්‍රහාරයෙන් මියගිය අයගේ සහ තුවාල ලැබුවන්ගේ නෑ හිතමිත්‍රයන් ඇතුලු සැමට සත්‍ය දැනගැනීමට හැකිවන්නේත් ඉතිරිව ඇති අපරාධකරුවන්ට දඬුවම් ලබාදීමට හැකියාව ඇත්තේත් ඉහත ප්‍රශ්න වලට පිළිතුරු ලැබුනහොත් පමණි. 

විශේෂ ලියුම්කරුවෙක් විසිනි

---------------------------
by     (2020-12-24 01:01:10)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links