-කුමරතුඟු මුනිදස් 77 වන සමරුව වෙනුවෙනි
(ලංකා ඊ නිව්ස් -2021.මාර්තු.02, පෙ.ව.5.00)
දීනයො හෙළ බිම කෙරුව ද මවු රට
හීන මානි වෙති මවු බස් වහරට
ගාති විදෙස් බස් මී සේ දිවගට
මේක තමා මහ හෙණ හත හෙළයට
"මා බස හෙළ බස වෙන කිසි බසකට
මේ හිස නො නමමි නො නමමි කිසි විට
"සීහ නාඳ කළ මුනිදස් පඬිදුට
මා හිස සුනමමි සුනමමි හැම විට
පා අත වී ණය වෙන පර රැසකට
පාත හෙළත් අබිමන හිඟමන් කොට
පාලක කොඳු වක කල දුනු හැඩයට
පාලිත කොඳු උදු වන්නේ කෙලෙසට
"මා රැස හෙළ රැස වෙන කිසි රැසකට
මේ හිස නො නමමි නො නමමි කිසි විට "
සීහ ගැජුම් කළ මුනිදස් නිරිඳුට
දෑ අබිමන් හිමිවෙයි අද මෙන් හෙට
වූවොත් උදහස් විලංගු දෙඅතට
කිවොත් ඇත්ත ම යවන්නෙ දඟ ගෙට
සී හෙළ බිම කඩ කඩ අන් දෙසකට
දී උපයත් මිල මවු බිම පටු කොට
"මා දෙස හෙළ දෙස වෙන කිසි දෙසකට
මේ හිස නො නමමි නො නමමි කිසි විට"
කී මුනිදස් ජාතික විරු සිරිතට
මේ පැදි මල් දම පළඳමි නමකොට
---------------------------
by (2021-03-01 23:32:33)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි