~

බල්ලා, ඌරා, තෝ හොර රාජක්ෂ කෙනෙක්..! ගෝඨා තිත්ත පහත් භාෂාවෙන් විජේදාසට බැන වදී..! (Video)

(ලංකා ඊ නිව්ස් -2021.අප්‍රේල්.16, ප.ව.3.00) වරාය නගරය චීන කොළණියක් කිරීම සඳහා ගෙන ඒමට නියමිත පණතේ භයානක කමත් ඉන් රට චීනයට පාවා දෙන අන්දමත් හෙළිකරමින්  අභයයාරාමයේ දී මු. ආනන්ද හිමි සහ පා.ම. විජේදාස රාජපක්ෂ විසින් ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවෙන් වියරු වැටුණු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දුරකථනයෙන් අද උදෑසන ආනන්ද හිමියන්ට ද දොස් කියා,  විජේදාස රාජපක්ෂ අමතා අශික්ෂිත භාෂාවෙන් බැන වැදී තිබේ. 

“බල්ලා, ඌරා, තෝ හොර රාජපක්ෂ කෙනෙක්, උඹ දන්නෙ නෑ නියම රාජපක්ෂලා කියන්නෙ කව්ද කියලා,” ආදී තිත්ත පහත් භාෂාවෙන් ජනාධිපති ගෝඨාභය විජේදාසට බැන වැදී තිබේ. 

මු. ආනන්ද හිමි අමතා, “ඔබ වහන්සේ ඇයි විජේදාස වගේ පහත් එකෙකුට පන්සලේ මාධ්‍ය සාකච්ඡා තියන්න දුන්නේ?, ඕකට ආචාර්ය උපාධි තියා එල්එල්බී වත් නෑ.” ආදී වශයෙන් විජේදාසට බැන වැදී ඇත. මු. ආනන්ද හිමි පවසා ඇත්තේ ගෝඨාභය විජේදාසට බනිනනවා සේ බැන්නේ තමාට බවයි.  

විජේදාසට එල්එල්බී ඇතුවා හෝ නැතුවා ඔහු ඇටර්නි ඇට් ලෝ සමත් වී ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙකු ලෙස දිව්රුම් දුන් නීතිඥවරයෙකි. පසුව ඔහුට ආචාර්ය උපාධි දුන්නේ ඔහු ලියන ලද ග්‍රන්ථ කිහිපයක් සලකා බලා ය. ඒවා දීමේ දී දූෂනයක් සිදුවුනා හෝ විජේදාස හෝ ඔහුගේ ගෝලයන් හෝ ලියන ලද්දේ වී නමුත් විජේදාසට ආචාර්ය උපාධි දීමට ග්‍රන්ථයක් හෝ තිබිණ. නමුත් ගෝඨාභයට තිබෙන සම්මාන ආචාර්ය උපාධිය දුන්නේ ගෝඨාභය ලියන ලද ග්‍රන්ථයක් සලකා බලා නොව ඔහු මිනිසුන් ඝාතනය කිරීම සලකා බලා ය.

විජේදාසලාගේ, මු ආනන්දලාගේ සටන් මැදමූලන රාජපක්ෂලාගේ දෙපතුල් අභියස කෙළවර විය හැකි නමුත් ගෝඨාභයගේ බැන වැදීමෙන් පසු විජේදාස රාජපක්ෂ මාධ්‍ය හමුවක් කැඳවා ඒ පිළිබඳ හෙළිදරව් කෙළේය. ඒ පිලිබඳ සම්පූර්ණ වීඩියෝව පහතින් 

---------------------------
by     (2021-04-16 11:58:41)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links