ධර්මදාස ලියයි
(ලංකා ඊ නිව්ස් -2021.අප්‍රේල්.20, ප.ව.1.30) සිය උදර පෝෂණය සඳහා නිර්මල බුදු වදන විකෘති කරන වර්තමාන භික්ෂු ප්‍රතිරූපකයන් අතර ගාල්ල ගිංතොට තුන්මහල් චෞරාරමයේ පදිංචි වීරකැටියේ සංජය නමින් පෙනී සිටින සිවුරුකාර බේබදු වසලයා තරම් පට්ටපල් කපටි බොරු කාරයෙකු තවත් නැතුවා විය හැකිය. මොහු කහ පැහැති රෙදි කඩක් ඉඟ දවටාගෙන වෙරිමතින් එහෙ මෙහෙ විසිවෙමින් තිත්ත කුණුහරුපයෙන් බැන වදිමින් පොලිස් නිළධාරීන් ඉදිරියේම කිසියම් ගිහි පුද්ගලයෙකුට පහර දෙන ආකාරය මුහුණු පොත තුලින් පසුගිය දා අපි දුටුවෙමු. මේ වන විට මිලියන ගණනක පිරිසක් මෙම විප්‍රකාරය දැක නරඹා තිබේ. සිංහල බෞද්ධකම ගැන කට මැත දොඩන පුස්සන්ට මෙය උදාන වාක්‍ය පළ කිරීමට තරම් වීර ක්‍රියාවක් විය හැකිය. එහෙත් සැබෑ බෞද්ධයන්ට පමණක් නොව අනෙකුත් ආගමිකයන්ට නම් මෙම නින්දිත ක්‍රියාව අතිශයින්ම පිළිකුල් සහගතය. පාදිලි කෙනෙක් මවුලවි වරයෙක්, පූසාරියෙක් මෙසේ හැසිරුනා නම් ඊනියා සිංහල බුද්ධාගම් කාරයෝ කුමකින් කුමක් නොකියාද?
වීර කැටියේ සංජය යනු මහින්ද රාජපක්ෂ විසින් පොහොට්ටු සිවුරු පටිය කරලූ මැදමූලන වසුරු භුංජක නිකායේ තවත් ශාසන පාළුවෙකි. (මෙම නිකායකයින් සියළු දෙනාම කුරහන් පාට වස්ත්‍ර හඳිති) නානසාරගේ මොකක්දෝ බලුකායේ සුණඛ පෝතකයෙකු ද වන මොහු, ගාල්ල උසාවියේ විභාග වෙමින් පවතින ඉඩම් නඩු දෙකකට මැදි වූ අයෙකි. තම දායකයන්ගේම ඉඩම් බලහත්කාරයෙන් අත්පත්පත් කරගැනීමට දත කන මසුරෙකි. අංගම් පොර කාරයෙකි. අන් භික්ෂූන් සතු පන්සල් මැරකමින් ඩැහගත් අයෙකි. පසුගිය මස 30 වැනි දා හටගත් සිද්ධියේ සුල මුල ඇත්තේ ද එතැනය. ගමේ ගිහියන් සතු ඉඩමක් බලෙන් අල්ලා ගත් ඔහු දැන් එය බුද්ධ දේපළක් බව කියමින් පිස්සුවෙන් දඟලයි. පුදුමයට කාරණය වන්නේ වීරකැටියේ සංජය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධි ධරයෙකු ද වීමය. එක් අතකට එහි පුදුම වීමට දෙයක් නැත. මන්ද අප රටේ බහුතරයක් ආචාර්ය මහාචාර්ය පට්ටන් ධාරීන්ගේ හැසිරීම් රටාව මෙයම වන නිසාය. සිවුරුකාරයන් කියා එහි වෙනසක් නැත.
සමාජ මාධ්‍යය වෙත නැවත් ප්‍රකාශයක් කරන සංජය නැමති සිවුරුකාර වසලයා තමා පසුගිය 30 වන දා එසේ හැසිරුනේ ආත්ම ආරක්ෂාවට බව කියයි. පොලිස් නිළධාරීන් කණ්ඩාමක් වටවී සිටිය දි කිසිවෙකුගේ ඔහුට පහර දීමක් සිදුවෙයි ද?පොලිසිය වෙහෙසුනේ මේ පිස්සු බල්ලාගෙන් ගම්වැසියන් බේරා ගැනීමට ය. ඇඳ සිටින බුද්ධ චීවරයට අගෞරවයක් වන නිසා තමා එය ගලවා අඳනය පිටින් මැරයන් මට්ටු කිරීමට සූදානම් වූ බව ඔහු කියයි. අෂ්ඨ පරිස්කාරයට අනුව සිවුර පමණක් නොව අඳන කඩය ද භික්ෂුවගේ ඇඳුමට අයත්ය. ඒ අනුව එදා ඔහු හැසිරිය යුතුව තිබුනේ හෙළුවෙන්ය. ඒ අඳනයට අපහාස කිරීම ද වරදක් වන නිසාය.
කොතරම් දුසිලෙක් වුවත් ඔහු පොරවා සිටින සිවුරට ගරුකළ යුතුය යන මතය බුදු දහමේ කිසිදු තැනෙක සඳහන් නොවේ. බුදුන් වහන්සේ දේසනා කර ඇත්තේ තට්ට හිසක් කහ රෙද්දක් දරූ පමණින් භික්ෂුවක නොවන බවයි. සිවුරට ගරු කළ යුතුය කියන්නේ නම් මුං අඳින ජංගි කඩයටත් අපි වැඳුම් පිදුම් කළ යුතුද? පළමු සිද්ධියෙන් දින දෙකකට පසුව බේබදු සංජය සිවුර පෙරවාගෙනම මහ පාරට පැන ගම්වැසියන්ට බැන වැඳී ඇත. ඒ ගැන මොහු කියන්නේ කුමක්ද?
බුද්ධ දේපළ ආරක්ෂා කර ගැනීම තම අරමුණ බව බේබදු සංජය පවසන තවත් ගොන් කථාවකි. සියළු යස ඉසුරු හැර දමා වන ගතව බවුන් වඩා ලෝක සත්‍යය අවබෝධ කරගත් බුදුන්වහන්සේ සතුව පැවති එකම දේපළ එකී චතුරාර්ය සත්‍යයි 'මගේ පරිනිර්වානයෙන් පසුව මාගේ ධර්මය ගුරු තැන්හී තබා කටයුතු කරන ලෙස' උන්වහන්සේ භික්ෂූන්ට දේසනා කළහ. යසෝදරා දේවිය මහ මඟ වඩිනා බුදුන් දැක 'අන්න පුතේ නුඹේ පියා වඩිනවා. ගිහින් දෑවද්ද ඉල්ලා ගන්නයි' කියා සිය පුතු රාහුල කුමරු පිටත් කර හැරියාය. සත් හැවිරිදි රාහුල බුදු පියාගේ අතැඟිල්ල අල්ලාගෙන මවගේ පණිවිඩය උන්වහන්සේට සැළ කර සිටියේය. එතුමන් තම අතිජාත පුත් රාහුල කුමරු ජේතවනාරාමයට කැඳවාගෙන ගොස් පැවිදි කළේ තමාට දීමට ඇති එකම දායාදය එය බව පවසමින්ය. අප කියවා ඇති බණ පොත්වල සඳහන් වන්නේ එසේය. ඒ කිසිදු පොතක බුදුන්ගේ දේපලක් ගාල්ලේ හෝ වෙනත් තැනක ඇති බවට සඳහනක් නැත.
තවද, හොඳට නරකට දෙකට කටමය යන කවි පදයට ද බේබදු සංජය අමුතු අර්ථනයක් ලබා දී ඇත.
“හොඳ දේට හොඳ විදියට කට පාවිච්චි කරන්න ඕනෑ. නරක දේට නරක විඳියට කට පාවිච්චි කරන්න ඕනෑ. ඒ කවි පදයෙන් කියන්නේ ඒ කාරණය තමයි මම එදා ටිකක් සැරට කථා කළේ ඒ නිසයි. මොකක්ද ඒකේ තියෙන වැරැද්ද?” යනුවෙන් බේබද්දා අපෙන් අසයි. විශ්ව විද්‍යාල උපාධියක් ඇතයි කීවත් අපේ කවියක සැබෑ අරුත වටහා ගැනීමට නොහැකි මේ ගොබ්බයාට අපි කුමක් කියමුද?
අප හිතවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නාපානේ පේමානන්ද හිමියන් 2009 නොවම්බර් 16 දා බුදුසරණ පුවත්පත තුලින් මෙම කවි පදය පිළිඳව අපූරු විග්‍රයක් කර තිබේ. එයින් කොටසක් මෙසේ උපුටා දක්වමින් ලිපිය අවසන් කරන්නේ, අපේ විග්‍රහයෙන් බේබදු සංජයගේ ජංගි කඩය ද ගැලවෙතැයි සිතෙන නිසාය.
“සමාජයේ යහපත උදෙසා පුද්ගල චර්යාව මූලික වශයෙන්ම බලපායි. පුද්ගලයාගේ යහපත් චර්යාව මඟින් යහපත් සමාජයක් බිහිවන්නා සේම අයහපත් චර්යාව මඟින් අයහපත් සමාජයක් බිහිවන්නේය. හොඳ පුද්ගලයකු බිහිවන්නේ කය, වචනය, සිත මනාව මෙහෙයවීමෙනි. දහමට අනුව එය දස කුසල කර්මයෙන් යුක්ත වීමයි. තිදොරෙහි එබඳු මනා භාවිතයට පුද්ගලයාට හොඳ අවබෝධයක් අවශ්‍යය.
සමාජගත වන පුද්ගලයා ඒ අවබෝධය සඳහා විචාරශීලි විය යුතුය. මෙහි දී අප සාකච්ඡා කරන්නේ යහපත් පුද්ගලයෙකු නිර්මාණය වීමේදී වචනයේ භාවිතාව සකස් විය යුතු ආකාරය පිළිබඳවය.
මහනෙල්, ඕලු, නෙළුම් ඈ සුවඳ මල් දියේ පිපේ. විල්වලට, වැව් පොකුණු වලට පමණක් නොව මඩවගුරු වලට ද ඒවා රමණීය සැරසිල්ලකි. සුවඳ මුසු අලංකරණයකි. වැවක්, විලක්, පොකුණක් ළඟට යන කවරෙක් වුව එහි පිපි පියුම් දෙස තුටින් බලා සුවඳ සමඟින් දැවටී මොහොතක් හෝ ගත කරති. එමෙන්ම ඒ ජලස්ථාන කුඩ මසුන්, මසුන්, මැඩියන්, ඉස්ගෙඩියන් වැනි සතුන්ගේ ද වාසස්ථානයයි. ඒ සතුන් ස්වභාවයෙන්ම පිලී ගඳින් යුක්තය. එහෙයින් කවරෙක් හෝ ඒ ගන්ධය හා මුසු වන්නට වෑයම් කරනු වෙනුවට නාස්පුඩු ද වසා ගනිති.
සුවඳ පියුම් ද කුඩ මසුන් ද ජනිත වූයේ එකම දියෙහිය. එහෙත් එය අන් අයට ගෝචර වූයේ දෙපරිද්දකිනි. අපේ මුවින් පිටවන වචන ද එසේමය. කාටත් ප්‍රිය උපදවන , යහපත සලසන, අර්ථවත් වදන් අපට මුවින් බිණිය හැක. කාටත් අප්‍රිය, අන් අය පීඩාවට පත් කරන, අයහපත ඇති කරන, නිරර්ථක කඨෝර වදන් ද මුවින් බිණිය හැක. මෙයින් අප කෙරෙහි අන් අය ප්‍රිය වීමට උපකාරි වන්නේ ප්‍රිය වදන් බව අමුතුවෙන් කිවයුතු නොවේ."
---------------------------
by (2021-04-20 08:10:07)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි