~

පාස්කු ප්‍රහාරකයන් පිළිබඳ තොරතුරු, සාක්ෂි සියල්ල විනාශ කරලා..! ජනාධිපති කොමිසම කූඨ ‍රැවටීමක..!

-කීර්ති රත්නායක හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2021.අප්‍රේල්.23, ප.ව.5.25) පාස්කු ප්‍රහාරය විශාල මිනිස් ඝාතනයක් සමගින් ලංකාවේ දේශපාලනය උඩු යටිකුරු කළේය. ප්‍රහාරයේ ලේ පැල්ලම්  වියැකී යාමටත් පෙර  2019 ජනපතිවරණයට ඉදිරිපත් වන බව ගෝඨාභය රාජපක්ෂ පොහොට්ටු පක්ෂයේ අවසරයකින් තොරව තනිවම ප්‍රකාශ කළේය. ගෝඨාභය ජනපති වුවහොත් IS ත්‍රස්තවාදීන්ගේ අල ගිය මුල ගිය තැන් සියල්ල කම්මුතු කරණු ඇතැයි  ජනතාව බලාපොරොත්තු වූහ. මුස්ලිම් අන්තවාදයට උඩගෙඩි දුන් අයට තරාතිරම නොබලා දඬුවම් කරනු ඇතැයි ද විශාල අභිරහසක් වූ පාස්කු ප්‍රහාරයේ සැඟවුන තතු සියල්ල සොයා ගනු ඇතැයි ද ජනතාව සිතූහ. මුස්ලිම් අන්තවාදීන්ට උපරිම දඬුවම් දෙනවා පමනක් නොව ඒ අරභයා සමාජයේ විශාල පරිවර්තනයක් කරනු ඇතැයි ද ජනතාව බලාපොරොත්තු වූහ. 

අන්ධ භක්තියකින් ගෝඨා සරණ ගියා..

පාස්කු ප්‍රහාරයෙන් වික්ෂිප්ත වූ ජනයා අන්ධ භක්තියකින් ගෝඨා සරණ ගියෝ ය. තුවක්කුව බැන්ද එකා (බෝම්බය පිපිරැවූ එකා)  නොපෙනුනාට, දඩයම (සිංහල ඡන්ද) අත්පත් කරගන්නා විට දඩයක්කරු හෙළිවන බව කීවද සාමාන්‍ය ජනයා  ඒවා විශ්වාස කළේ නැත. පාස්කු ප්‍රහාරය ගැන  ලංකා ඊ නිවුස් තරම් සත්‍ය හෙළිකරමින් ලිපි ලියූ වෙනත් මාධ්‍ය ආයතනයක් නැත. අප හෙළිදරව් කළ කරුණු  ප්‍රබල වුවද ඒවාටද නිසි පිළිගැනීමක් ලැබුනේ නැත. උදාහරණයක් ලෙස ඉස්ලාම් අන්තවාදී ලේබලය යටතේ  සෙවනැලි ප්‍රහාරයක් (A false flag operation )  එල්ල වන  අප හෙළිදරව් කළේ 2019 ජනවාරි 22 දා හෙවත් පාස්කු ප්‍රහාරය එල්ල වීමට හරියටම මාස 3 කට පෙරය. (එම ලිපිය මෙම දිගුවෙන් කියවන්න https://www.lankaenews.com/news/8840

ගෝඨාභය ගැන ජනයා තුලින්ම මතු වූ සැකය..

පාස්කු ප්‍රහාරය ගෝඨාභයගේ මැතිවරණ වේදිකාවේ ආකර්ශනීයම ''ට්‍රේලරය'' විය . නමුත් ගෝඨාභයට බලයට පැමිණි පසු  දුන් පොරොන්දු සඵල කළ නොහැකි විය. පාස්කු ප්‍රහාරයෙන් වසර දෙකක් ගත වුවද මෙරට IS සංවිධානයේ අණ දෙන රේඛාව  හෙළිදරව් කර ගෙන නැත. ත්‍රස්තවාදීන්ට අවි ආයුධ, පුපුරණ ද්‍රව්‍ය, තාක්ෂණය ලැබුණු ආකාරය දන්නේ නැත. පිපිරවීම සිදු කළ ආකාරය ගැන තොරතුරු නැත. ලංකාවේ IS ත්‍රස්තවාදීන්ට සහයෝගය දුන් විදේශීය සංවිධාන හෝ පුද්ගලයන් ගැන හාංකවිසියක් දන්නේ නැත. අගනුවරට  ප්‍රහාර 8 ක් එල්ල කළ ත්‍රස්ත ජාලයේ මහ මොළකරුවන් කිසිවෙක් අත් අඩංගුවට ගෙන නැත. අත්අඩංගුවට ගෙන ඇති අසාත් සාලි වැනි චරිත පෘතග්ජන දේශපාලකයන් මිස IS  නොවන බව ඕනෑම ගොනෙකුට තේරෙන දෙයකි. කරුණූ එසේ වූ හෙයින් ගෝඨාභය සාහසික ලෙස තමන් ‍රැව‍ටුවේද යන සැකය ජනයා තුලින්ම මතුවිය.  

පාස්කු ප්‍රහාරය විමර්ශනය කළ ජනපති කොමිසම විනාශ කළ හැටි.. 

ගෝඨාභය බලයට පත්වන විට පාස්කු ප්‍රහාරය විමර්ශණය සදහා සිරිසේන පත්කළ කොමිසම සක්‍රීයව පැවතුණි. ගෝඨාභය, සිරිසේන පත්කළ කොමිසම අහෝසි කළේ නැත. ගෝඨාභය යහපාලන ආණ්ඩු කාලයේ සිරිසේන සමග එකගෙයි කෑම ඊට බලපෑ එක් හේතුවක් විය. නමුත් ගෝඨාභය ශූක්ෂමව සිරිසේන පත් කළ කොමිසම අල කළේය. කොමිසමේ සාමාජිකයන් මාරු නොකළ ද විමර්ශන මෙහෙය වූ ශානී අබේසේකර වැනි නිළධාරීන් ඉවත් කළේය.  මුල් අවස්ථාවේ සිට විමර්ශන මෙහෙය වූ CID  සහ TID  නිළධාරීන් 71 දෙනෙක් ඉවත් කළේය. එපමනක් නොව විමර්ශන තමන්ට අවශ්‍ය පරිදි මෙහෙය වීමට සය පුද්ගල ජනාධිපති කාර්ය සාධක කමි‍ටුවක් (Task force) පත් කළේය . මෙම කමි‍ටුව පත් කළේ ජනාධිපති විමර්ශන කමි‍ටුවට ඉහලිනි. (ඒ සඳහා දුන් ගෝඨාභයගේ නියෝගය මෙම දිගුවේ ඇත  http://www.defence.lk/Article_Sinhala/view_article/887)

තමන්ගේ නඩුව තමන්ම අසන සාහසික කුමන්ත්‍රණය..

ගෝඨාභය පත් කළ සය පුද්ගල ජනාධිපති කාර්ය සාධක කමි‍ටුව ලොවෙත් නැති ලොවි ගහෙත් නැති එකක් විය.  එම කමි‍ටුවේ සියළු දෙනාම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බරපතල ලෙස සැකයට පාත්‍ර වූවෝ වූහ. 

1. ජාතික බුද්ධි අංශ ප්‍රධානියා
2.  රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා
3. හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා
4. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා
5. ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රධානියා
6. පොලිස් නීති අංශයේ ප්‍රධානියා

ජාතික බුද්ධි අංශ ප්‍රධානී, රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී සහ හමුදා බුද්ධී අංශ ප්‍රධානියා යන තුන්දෙනාම එක් අයෙකි. ඒ නම්  සුරේෂ් සලේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධව සුරේෂ් සලේට බරපතල චෝදනා ඇත. කෙහෙළිය හෙළිකළ පරිදි සහරාන්ට හමුදා බුද්ධි අංශයෙන් ගෙවීම් කරද්දී එම බුද්ධි අංශ ප්‍රධානියා වූයේ සලේ ය. ගෝඨා බලයට පැමිනීමත් සමග CID ය සහ  TID ය  මාරුවෙන් මාරුවට පාලනය කළේ එස්එස්පී ප්‍රසන්න අල්විස් සහ එස්එස්පී නිහාල් තල්දූව ය. මොවුන් දෙදෙනාම නාමල් කුමාර නාටකයේ ප්‍රධාන චරිත දෙකකි.  සහරාන් පසු පස හඹා ගිය නි.පො නාලක සිල්වා සිරගත කළේ මොවුන් දෙදෙනා ය. සහරාන් අත් අඩංගුවට පත් වීම වැලැක්වූයේ මොවුන් දෙදෙනා ය. එනම් තල්දුව සහ ප්‍රසන්න අල්විස් සිටිය යුත්තේ පාස්කු විමර්ශන ජනාධිපති කොමිසමට ඉහලින් නොව වැලිකඩය.  

පොලීසියේ නීති අංශය දැන් රන් කරන්නේ පොලිස්පතිගේ කුප්‍රකට 'කළු පුතා' හෙවත් එස්එස්පී රුවන් ගුණසේකරය. යහපාලන ආණ්ඩු කාලයේ පොලිස් මාධ්‍ය කාර්යාලයේ ප්‍රධානියා මොහු විය. හිටපු පොලිස්පති පූජිතට අනුව පාස්කු ප්‍රහාර අනතුරු ඇඟවීමේ ලිපිය පොලිස් මාධ්‍ය කාර්යාලයට ද යොමු කොට ඇත. නමුත් රුවන් ගුණසේකර ලිපිය නොසළකා ඇත. එනයින් ඔහු ද  චූදිතයෙකි. ජනාධිපති කොමිසම අධීක්ෂණයට එම අපරාධයේ  චූදිතයන් පත් කිරීම ඛේදවාචකයකි. මෙය ස්භාවික යුක්ති මූලධර්මයන්හි පළමුවැන්න වන 'කිසිවෙකු තම නඩුවේ විනිසුරු නොවිය යුතුය' යන්න අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.

ලාංකීය දේශපාලනයේ නින්දිතම ජනාධිපතිවරණ කැම්පේන් එක..  

මේ වන විට පාස්කු ප්‍රහාර විමර්ශන වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට ලැබී ඇත.  නඩු පවරන්නේ කාටද? නිදොස් කොට නිදහස් කරන්නේ කවුද? යන්න නීතිපති දෙපාර්තමේන්තුව  අධ්‍යයනය කරමින් සිටියි. පෙරේදා පා.ම මනූෂ නානායක්කාර පාස්කු ප්‍රහාරය පිලිබඳව පාර්ලීමේන්තුවේ කථාවක් කළ අතර බුද්ධි අංශ ප්‍රධානියා නීතිපති දෙපාර්තමේන්තුවට යාම එහිදී ප්‍රශ්න කොට තිබුණි. ගෝඨාභයගේ කුප්‍රකට බුද්ධි අංශ ප්‍රධානියා සුරේෂ් සලේ නීතිපති දෙපාර්තමේන්තුවට යන්නේ ගෝඨාභය පැවරූ කාර්ය ඉ‍ටු කිරීමට නොවේද.? එනම් පාස්කු ප්‍රහාරයේ ඇත්ත යට ගැසීමට නොවේද? කරුනු එසේ හෙයින් ප්‍රශ්න කළ යුත්තේ සුරේෂ් සලේ ගැන නොව ස්වාභාවික යුක්ති මූලධර්ම පවා කෙලෙසමින් චුදිතයන් නඩු ඇසීමට පත් කළ ගෝඨාභය පිළිබඳව නොවේද? ලාංකීය දේශපාලනයේ නින්දිතම ජනාධිපතිවරණ කැම්පේන් එක දියත් කළ භයානක ගෝනි සෙල්ලම්කරු පිළිබඳව නොවේද?

කීර්ති රත්නායක

හිටපු ගුවන් හමුදා බුද්ධි නිලධාරී

ලියුම්කරුගේ පෙර ලිපි එකතුව
https://www.lankaenews.com/category/48

---------------------------
by     (2021-04-23 12:04:44)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links