~

දේශබන්දුගේ හිට් ස්කොඩ් එක අද රාත්‍රියේ කොස්ගොඩ තාරක මරා දැමීමට සැරසේ..!

කීර්ති රත්නායක හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2021.මැයි.12, ප.ව.7.45) කොස්ගොඩ තාරක අද  රාත්‍රීයේ ආයුධ පෙන්වීමට කියා ‍රැගෙන ගොස් වෙඩි තබා මරා දැමීමට නියමිත බව ලංකා ඊ නිවුස් වෙත වාර්තා විය. කොස්ගොඩ තාරක  දීර්ඝ කාලයක් ‍රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පසුවිය. මීට ස්වල්ප මොහොතකට පෙර කොස්ගොඩ තාරක ‍දේශබන්දු තෙන්නකොන්ගේ ''හිට් ස්කොඩ්'' එකක් වෙත බාර දී ඇත. 

තාරක ඝාතනය කරන්නේ 'පෑලියගොඩ හිට් ස්කොඩ්' එකෙන්..

එම ''හිට් ස්කොඩ්'  එක පෑලියගොඩ අපරාධ  ඒකකය යටතේ ක්‍රියාත්මක වන අතර තාරක මේ වන විට පෑලියගොඩ රඳවා ඇත. ඒ අනුව අද රාත්‍රීයේ ඔහුව ආයුධ පෙන්වීමට කියා කොස්ගොඩ ප්‍රදේශයට ‍රැගෙන යාමට නියමිත අතර එහිදී වෙඩි තබා මරා දැමීමට සැලසුම් කොට ඇත. කොස්ගොඩ තාරක අයුධ පෙන්වීමට ‍රැගෙන ගොස් මරාදමන පළමු හෝ අවසාන සැකකරු  නොවේ. මේ වන විට ශ්‍රී ලංකා පොලීසීය මේ අයුරින් සැකකරුවන් 1000 කට වැඩි පිරිසක් මරාදමා ඇත.

සිවිල් සමාජයට මතක් කළ යුතු කරුණු 3 ක්.. 

හිට්ලර් පාලනයකට ආවඩන හෝ  පාතාල නායකයන් මරා දමන විට නිහඬ ප්‍රේක්ෂකයන් ලෙස සිටින සිවිල් සමාජයට මතක් කළ යුතු කරුණු 3 ක් ඇත

1. පොලිසිය විසින් සැකකරුවෙකු ඝාතනය කරන විට එම  රාජ්‍ය අවනීතිය රජ කරන ෆැසිස්ට් රාජ්‍යයක් බවට පත් වෙයි
2.  සැකකරු සමග ගණුදෙනු කළ දේශපාලකයන්ට සහ ඉහල පෙලේ ජාවාරම්කරුවන්ට නීතියේ ‍රැහැනින් පැන යා හැකිය. 
3. නීතියේ ආධිපත්‍යය සහ  නීතිය බලාත්මක කරන ආයතන කෙරේ ඇති විශ්වාසය අහෝසි වී යයි.

තාරක ඝාතනය කෝටි ගණනක කොන්ත්‍රාත්තුවක්..

කොස්ගොඩ තාරක ඝාතනය කරන්නේ පාතාලය සුද්ධ කිරීමට නොව එය ඩබල් ප්‍රමෝට් කිරීමට ය. පසුගිය අවුරුදු 5 පුරා පාතාල ලෝකයේ  අනසක පතුරුවා සිටියේ මාකදුරේ මදූෂ් සහ කොස්ගොඩ තාරක ය.  මදූෂ් මේ වන වීට ඝාතනය කොට අවසානය. ඉතිරි වූ තාරක ඝාතනය කරන්නේ  පාතාලයට නව 'ගෝඩ් ෆාදර්' කෙනෙකු පත් කිරීම වෙනුවෙනි. තාරකගේ වියෝවත් සමග  පාතාලයේ නව 'ගෝඩ් ෆාදර්' බවට පත් වන්නේ 'කොස්ගොඩ සුජී' ය.   

කෙස් කෙලින් කරන කුමන්ත්‍රණය මෙන්න..

කොස්ගොඩ සුජී  හිටපු CID  අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසාගේ ලඟම ඥාතියෙකි. (නිශාන්ත ද සොයිසා සුජීගේ මාමාය)  ඩුබායි හි දී මාකදුරේ මදූෂ් එරට පොලීසියට අල්ලා දුන්නේ සුජී ය. තාරක ඝාතනය කරන්නේ කොස්ගොඩ සුජී සිය මාමාට දුන් කොත්‍රාත්තුව අනුවය. 

ඊයේ නවගමුව පොලීසිය විසින් ඝාතනය කළ දිනිත් මෙලන් හෙවත් 'ඌරු ජුවා'  තාරකගේ හොඳම සගයෙකි. මෙම ඝාතන සියල්ල සිදුවන්නේ සුජීගේ මාමා හෙවත් ජ්‍යෙ.පො.අ.  නිශාන්ත ද සොයිසාගේ සම්බන්ධීකරණයෙනි. දේශබන්දු තෙන්නකොන් සහ  නිශාන්ත ද සොයිසා මේ ඉ‍ටු කරන්නේ කොස්ගොඩ සුජී පාතාලයේ අග රජු කිරිමේ කොන්ත්‍රාත්තුව ය. එය ද රුපියල්  කෝටි ගණනක ගණුදෙනුවකි.

තාරකගේ නොදත් ඉතිහාසය..

කොස්ගොඩ තාරකගේ සත්‍ය නම ධර්මකීර්ති  තාරක පෙරේරා විජේසේකර ය. ඔහු බලපිටිය රේවත විද්‍යාලයේ ආදි සිසුවෙකි. තාරක 5 වසර ශිෂ්‍යවත්වය සහ අපොස සාමාන්‍ය පෙළ විශිෂ්ඨ ලෙස සමත්ව ඇත. ඔහු උසස් පෙල ගණිත විෂය ධාරාව හැදැරූ අතර එයද වැඩ තුනක් සමත් වී ඇත. ඉන් අනතුරුව සාමාන්‍ය සෙබලෙකු ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉන්ජිනේරු බලකායට බැඳී වසර කිහිපයක් එහිද සේවය කොට ඇත. නමුත් අවාසනාවේ කර්ම ප්‍රවාහයට හසුවූ තාරක අවසානයේ  පාතාලයේ සොල්දාදුවෙකු විය. 

යුක්තිය වෙනුවෙන් නැගී සිටීමට තවමත් වෙලාව ඇත..  

තාරකලාට මදූෂ්ලාට දඬුවම් කළ යුතු බව අවිවාදිතය. එය සම්මත ක්‍රියා පටිපාටියට අනුව විය යුතුය. විශේෂයෙන්ම උන්ඩය පිට කළ තාරකලාගේ හස්තයට පමනක් නොව න්‍යාය ක්‍රියාත්මක කළ දේශපාලන ශරීර වලටද දඬුවම් කළ යුතුය.  නමුත් බණ්ඩාරනායක ඝාතනයේ පටන් සිදුවන්නේ න්‍යාය ක්‍රියාත්මක කළ දුෂ්ඨ හස්තය ආරක්ෂා කිරීමය. තාරක ඝාතනය ඒවායේ දිගුවකි. නිරායුධ තාරක තව ස්වල්ප මොහොතකින් සන්නද්ධ පොලිස් අළුගෝසුවන් අතින් අවසන් ගමන් යාමට නියමිතය. 

නමුත්...... මේ ලියන මොහොතේ, ඔබ මෙය කියවන විටත් ඔහු ජීවතුන් අතරය.  තාරක ඝාතනය යුක්තිය නොවේ. යුක්තිය වෙනුවෙන් සිට ගැනීමට තවමත් ප්‍රමාද නැත .

කීර්ති රත්නායක

හිටපු ගුවන් හමුදා බුද්ධි නිලධාරී

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/48

---------------------------
by     (2021-05-12 14:30:14)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links