කීර්ති රත්නායකගේ හෙළිදරව්වක්
(ලංකා ඊ නිව්ස් -2021.ජුනි.15, පෙ.ව.4.55) සොරකම සහ ජඩකම ජීවන දර්ශනය කරගත් පාලකයන් පිරිසක් රජකරන රටක අපරාධ වලට අනුබල දෙන නිතී රාමුවක් බිහි වීම නොවැලැක්විය හැකිය. එපමනක් නොව අපරාධ වර්ණනා කරන සංස්කෘතියක්ද බිහිවෙයි. අද ලංකාවේ සිදුව ඇත්තේ එම ඛෙදවාචකයයි.
කොරෝනා මැඩලීමට සංචරණ සීමා පනවා රට 'ලොක් ඩවුන්' කළේ රටේ විධායක ජනාධිපතිය. නමුත් සරත් වීරසේකර සහ චන්දිමාල් එම නියෝගය තඹයකට මායිම් නොකොට සාද දැමුවෝ ය . සරත්- චන්දිමාල් නඩුවේ උණුසුම මැකී යාමටත් ප්‍රථම හමුදපති ශවේන්ද්‍ර නීතිය සමග සෙල්ලම් පා තිබේ. අනුරාධපුර සතොස සුපිරි මත්පැන් සැලේ බෝතල් 89 ක කොල්ලය මෙහෙයවා ඇත්තේ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා බව හෙලිවී ඇත. හමුදාව සිදුකළ මත්පැන් කොල්ලය ගැන පරීක්ෂා කිරීමට අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල්වරයකු මේ වන විටත් එම ප්‍රදේශයට ගොස් ඇත. එම වාර්තාව අගමැති මහින්දට සහ සතොස ඇමති බන්දුල ගුණවර්ධනට ලබා දීමට නියමිතය.
1964 උපත ලැබූ ශවේන්ද්‍ර 57 වන විය පසු කොට ඇත. ඔහුට තව ඉතිරිව ඇත්තේ මාස දෙකක සේවා කාලයක් පමනි. එළඹෙන අගෝස්තු මාසයේදී ඔහු විශ්‍රාම යා යුතුව ඇත. නමුත් ශවේන්ද්‍ර සහ අඹුව සුජීවා ප්‍රභූ හිස්ටීරියාව රෝගයෙන් පෙළෙන දෙපලකි. මොවුන් දෙදෙනාට VVIP සැලකිලි නොමැතිව ජීවත් විය නොහැක. මේ වන විට ශවේන්ද්‍ර තවත් සේවා දිගුවක් ඉල්ලා. නමුත් එය ලබා දීමට මහින්ද එකඟ නැත. ශවේන්ද්‍ර පසුගියදා අනුරාධපුරයේ ඥාන අක්කාගේ දෙවොලට ගියේ පිහිටක් අපේක්ෂාවෙනි. ශවේන්ද්‍ර සහ සුජීවා ගමන අතරතුර පාටියක් දැමීමට අමතක නොකළහ. සතොස ගබඩාව බිඳ විස්කි පැහැර ගත්තේ එම පාටිය වෙනුවෙනි. අහෝ..! ජනතාව මහමග මියදෙමින් සිටියි, හමුදාපති රාජ නියෝග පවා නොතකා පාටි දමා විනෝද වෙයි.
රට වසංගත උවදුරකට මුහුණ පා ඇති අවස්ථාවක සෑම පුරවැසියෙකුම වගකීමෙන් කටයුතු කළ යුතු වෙයි. රට තුල බලපත්වන නීති රෙගුලාසි වලට අවනත විය යුතු වෙයි. නමුත් ශවේන්ද්‍ර රටේ නීතිය බල්ලාට දැමුවේය . සතොස මත්පැන් හලේ කොල්ලය ඇඟ හිරිවැටෙන කතාවකි. දෙනෝදාහක් ඉදිරියේ නීතියේ කන්‍යාවියගේ පුක මිරිකීමකි. කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රධානි ශවේන්ද්‍ර සිල්වා මේ ආකරයෙන් කටයුතු කිරීම ඛෙදවාචකයකි. තක්කඩි දේශපාලකයෙකුවත් නීතිය මෙතරම් හෑල්ලුවට පත් කොට නැත. යට කී චෝදනාව ශවේන්ද්‍රට එරෙහි කුළුඳුල් චෝදනාව නොවේ. ඔහුට එරෙහිව ඇති චෝදනා වලින් පොතක් ලිවිය හැකිය. ඒවායින් කීපයක් පහත පරිදිය.
ශවේන්ද්‍ර සිල්වා චරිතයක් වූයේ 58 සේනාකයට අණ දීම නිසා යයි බොහෝ දෙනෙක් විශ්වාස කරති. නමුත් ඇත්ත කතාව ඊට හාත්පසින්ම වෙනස්ය. ශවේන්ද්‍ර පොරක් වූයේ යුධ බිමේදී දැක්වූ දක්ෂතා නිසා නොව සමන් කුමාර රාමවික්‍රම ලබාදුන් මාධ්‍ය ආවරණය නිසාය. කමල් ගුණරත්න වැනි නිලධාරීන් සතුරාට සම්මුඛ වෙමින් සටන් කරන විට ශවේන්ද්‍ර කළේ මේකප් දමමින් කැමරා ඉදිරියේ කතා පැවැත්වීම ය. ශවේන්ද්‍ර පොරක් වූයේ වැඩ පෙන්වා නොව මාධ්‍ය සංදර්ශන වලිනි. ජඩමාධ්‍යකාරයෝ ද ශවේන්ද්‍රගෙන් ලැබෙන නොමිලේ විස්කි වලට ශවේන්ද්‍ර පිම්බුවෝ ය.
එකල්හි රාමවික්‍රම සහ ශවේන්ද්‍ර දෙමළ ජනයාගෙන් අල්ලා ගන්නා ලද රත්‍රන් කොළඹ ගෙනවිත් විකුණන බවට චෝදනාවක් විය. මේ පිළිබඳව පැමිණිලි පොලීසියට ගලා ආවේය. ඒ අනුව සිදුකළ මාර්ග පරීක්ෂාවකදී රත්‍රන් කිලෝ ගණනක් සමග රාමවික්‍රම පොලීසියට කොටු විය. එකල රත්‍රන් ජාවාරමට රජයේ ඉහලම පුද්ගලයන් පවා සම්බන්ධව සිටිය හ. එම නිසා උතුරේ රත්‍රන් දකුණ ගෙන එන ජාවාරම වසන් කිරීමට අවශ්‍ය විය. රාමවික්‍රම රත්‍රන් සමග අසුවූ පුවත වසන් කොට ලැප්ටොප් ජාවාරමකට හසු වූ බව වාර්තා කළේ ය. මෙම චෝදනාව නිසා රාමවික්‍රම වැඩ තහනමට ලක් විය. රත්‍රන් ජාවාරමේ තෝරුන් මෝරුන් බේරී හාල්මැස්සෙකු වූ තමා කොටු වීම ගැන රාමවික්‍රම කෝපයෙන් පසු වූයේය. ටික කලෙකින් රාමවික්‍රම බටහිර රටකට පැනගිය අතර ලංකාවේ හමුදා සිදුකළ යුධ අපරාධ පිළිබඳ වීඩියෝ සාක්ෂි 'ලීක්' කළේ මොහුය.
ශවේන්ද්‍ර බටලන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පුහුණු පාඨමාලාව තුලදී විභාග වංචාවකට අතේ කෝට් විය. ශවේන්ද්‍ර moral turpitude other wise Conduct Unbecoming An Officer And Gentleman යටතේ වරද කරුවෙකු විය.
4 වන ඊලාම් යුද්ධයේ මුහමාලේදී රජයේ හමුදාව දරුණු පසු බැසීමකට ලක් විය. කමල් ගුණරත්න ලියූ පොතේද මේ පිළිබඳව ලියා ඇත . මුහමාලේ සටනේදී ශවේන්ද්‍ර අණ දුන් සේනාංකයේ යුද්ධ ටැංකි 4 ක් ත්‍රස්තවාදීන් අතට පත් විය. එම යුද ටැංකි වලින් පහර කා ආණ්ඩුවේ හමුදාවේ සෙබළු රාශියක් මරු දුටහ. එම පරාජය අත්වූයේ අන්කිසිවක් නිසා නොව ශවේන්ද්‍රගේ දුර්වල නායකත්වය නිසාය.
නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයට අනුබද්ධව රාජකාරි කරද්දී ශවේන්ද්‍ර, චන්දුලා රඹුක්වැල්ලට (කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය) අතවර කළ බවට ඇය බලධාරීන්ට පැමිණිලි කළාය. ඒ සම්බන්ධව විමර්ශනයක්ද සිදුවිය. කෙසේ වුවද එම සිද්ධිය යට ගසන ලෙස එල්ල වූ බලපෑම නිසා ශවේන්ද්‍ර ගොඩ ගියේය.
මේ කතාව ලියුම්කරුට කීවේ නිව්යෝක් නුවර සිටින ප්‍රකට ව්‍යාපාරිකයෙකු ද ශවේන්ද්‍රගේද මිතුරෙක් ද වන අයෙකි. ශවේන්ද්‍ර නිව්යෝර්ක් සිටියදී ඔහුගේ ආරක්ෂක භටයන් දෙදෙනා ශ්‍රී ලාංකිකයන්ගේ ගෙවල් වල ආවතේව කිරීමට යවා ඇත. එහිදී හමුදා භටයන්ට ඩොලර් 100- 200 අතර සන්තොසම් ලැබී ඇත. නමුත් ඒවා ශවේන්ද්‍ර විසින් ලබා ගෙන ඇත .
ශවේන්ද්‍ර හමුදාපති වීමෙන් පසු ඔහුට මේක් අප් දැමීම සඳහා වෙනම කාමරයක් සහ කාර්ය මණ්ඩලයක් ඇත. මෙය පිහිටා ඇත්තේ ශවේන්ද්‍ර ගෙදර නොව නිළ කාර්යාලයට අනුබද්ධව ය. රාජකාරියට එන ශවේන්ද්‍ර ප්‍රථමයෙන් මේක් අප් දමා ගනී. පසුව රුපියල් 6000 ක් වියදම් කර මල් වට්ටියක් ගෙන බුදුන් පුදයි. මෙය දිනපතා කෙරෙන වියදමක් වන අතර මල් සැපයීමෙන් ගාණ කපා ගන්නේ ශවේන්ද්‍රගේ බිරිඳ ය.
හමුදාව උත්සව, සංදර්ශන සහ සාද සංවිධානය කරන විට ශවේන්ද්‍රට විශේෂ කෝටා එකක් වෙන් කළ යුතු විය. උදාහරණයක් ලෙස, අදාල ඉසව්ව සාදයක් නම් ශවේන්ද්‍රගේ හිතවතුන්ට පුටු 100 වෙන් කළ යුතුය. ඒ අනුව ශවේන්ද්‍රගේ හිතවතුන් පාටියට පැමින කාබී විනෝද වන්නේය. ශවේන්ද්‍රගේ හිතවතුන්ගේ කෑමට, බීමට සහ ලෑමට වැය වන්නේ මහජන මුදල්ය.
ශවේන්ද්‍ර කර්නල් කාලයේදී ගෙදර වහලය හදා ගන්න ක්‍රමයක් නැතැයි තිතර කනපින්දම් කීවේ ය. දැන් ඔහු දැන් පාර්ලිමේන්තුව අභියස තෙමහල් මාලිගාවක හිමිකරුවෙකි. ශවේන්ද්‍රගේ නිවස එක් පසෙකින් දියවන්නා ඔයට මායිම් වෙයි . 2020 නොවැ 11 දින රාත්‍රියේ ප්‍රභාත් මධුසංක සහ රාජේන්ද්‍ර ඔරුවක නැගී ඔයේ මසුන් මරමින් සිටියහ. හදිසියේම ශවේන්ද්‍රගේ සෙබලු මෝටර් බෝට්‍ටුවකින් පැමිණ ඔරුවට පහර දුන්නේය. එහිදී රාජේන්ද්‍ර මිය ගියේ ය. දිවි බේරාගෙන පලා ගිය මධුසංක CIB 03 142/34 යටතේ වැලිකඩ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
මෙම සිද්ධිය ගැන හිරු නාලිකාව තත්පර කිහිපයක පුවතක් විකාශනය කළේය. එහිදී මියගිය අයගේ බිරිඳ වූ. ශානි මධුවන්ති කී කථාව හද කම්පා කරන සුළු විය
''අපිට ජීවත් වෙන්න මුදල් නෑ. ඒකයි මහත්තයා මාළු අල්ලන්න ගියේ. අපිට මාසයක් වයසැති බිළිඳියක් ඉන්නවා. එයාට තාම නමවත් තිබ්බේ නෑ. මහත්තයා හරි ආදරෙයි. පුංචි බබාව එයා නිතරම අතේ තියාගෙන හිටියා. අයියො දැන් එයා අපිට නෑ... ඇයි හමුදාව මෙහෙම දෙයක් කළේ කළේ? ''
අපරාධය යට ගසා තිබේ.
ශවේන්ද්‍ර හමුදාපති වූ විගස මිලියන ගණනක කාර්යාල උපකරණ මිලදී ගත්තේය. ඔහු මිල දී ගත් පුටුවේ වටිනාකම රුපියල් ලක්ෂ 3 ක් විය. ශවේන්ද්‍ර නව වසරට තෑගි දෙන දිනපොත්, පෑන්, දින දර්ශන සහ ඔර්ලෝසු වලින් විශාල වංචාවක් සිදු කරයි. මෙම වංචාව පිළිබඳව වරක් හිටපු මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න ශවේන්ද්‍රගේ මූණටම විරෝධය පෑවේය.
හමුදා සාමාජිකයෙකුගේ ශාරීරික යෝග්‍යතාව අත්‍යවශ්‍ය සාධකයකි. හමුදාපති ඇතුළුව සෑම හමුදා සාමාජිකයෙකුම Body mass index (BMI) , Army. Physical Fitness Test (APFT) වලට අවනත විය යුතුය. මේ වන විට ශවේන්ද්‍රට ඇත්තේ බෝල ශරීරයකි. ඔහු තුලින් දිස්වන්නේ හමුදා නිළධාරියෙකු නොව පුටු රත්කරන මුදලාලියෙකුගේ ස්වරූපය ය.
කොරෝනා මර්දන ප්‍රධානියා ලෙස ශවේන්ද්‍ර පත් කිරීම සහ වෛද්‍ය වෘත්තිකයන් ඔහු යටතට පත්කිරීම අශ්වයන්ට ගස් නගින්න කියා රිලව් දුවන්න දැම්මා වැනි වැඩකි. අද රට පත්ව ඇති ඛෙදවාචකයට මූලිකවම වගකිව යුත්තේ ජනපති සහ අගමැති සේම වැඩ බැරි ශවේන්ද්‍රය.
බංගලාදේශයේ දලදේශීය නිෂ්පාදනයෙන් 3% උපයා දෙන්නේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් (UN peacekeeping forces) සඳහා දායක වන එරට හමුදාවය. මෙය එරට ආර්ථිකයට විශාල දායකත්වයකි. ලංකාවේ හමුදාවටද එවැනි තත්වයකට ලඟා විය හැකි නමුත් ලංකාවට එම තත්වය අහිමිවී ඇත්තේ ශවේන්ද්‍ර නිසා ය. යුධ අපරාධ චෝදනා ලැබ ඇති අයෙක් හමුදාපති තනතුරේ සිටීම නිසා එ.ජා සංවිධානය ලංකාව නොසලකා හැර ඇත. මෙය රටට විශාල අලාභයකි. UN මිෂන් එකකට ගොස් නිවසක්, වාහනයක් ගැනීම සොල්දාදුවන්ගේ සිහිනයකි. නමුත් ශවේන්ද්‍ර නිසා ඒ සිහිනය ද බොඳ වී ඇත
මේ වන විට සීනි, පොල් තෙල්, පරිප්පු ඇතුළු පාරිබෝගික භාණ්ඩ ආනයන කිරීමේ ඒකාධිකාරිය පිරමිඩ් විල්මා අධිපති සජාත් මව්සූන් සතුය. මීට දශකයකට පමණ පෙර එම වෙළඳ අධිකාරිය සතුවූයේ කලා ට්‍රේඩර්ස් අධිපති නඩරාජා ශ්‍රී ස්කන්ධරාජා සතුව ය. 2006 වසරේදී ගුවන් හමුදා නිලධාරී නිශාන්ත ගජනායක මෙහෙයවූ කප්පම් කල්ලිය විසින් එම ව්‍යාපාරිකයා පැහැර ගනු ලැබීය. අනතුරුව මිලියන ගණනක කප්පමක් ගෙන ඔහුව මරා දැමුවේය. ඒ වන විට ඔහුට කෝටි 3000 පමන දේපල විය. මෙම දේපල වලින් බොහොමයක් කොල්ල කෑමට ලක්විය. එම කොල්ලයට ශවේන්ද්‍ර ද හවුල්ය. C7 Sea Fruit Bar & Coffee Lounge, No. 95, Wijerama Rd, Colombo 07 යන දේපල කොල්ල කෑවේ කවුද කියා සොයා බැලුව හොත් මෙහි සත්‍ය අසත්‍යතාව වටහා ගත හැකිය.
ගෝඨාණ්ඩුව රැකියා අහිමි වූ මැදපෙරදිග ශ්‍රමිකයන්ට යලි මව්බිමට පැමිණිය නොහැකි වන සේ ගුවන් තොටුපොල වැසුවේ ය. ඉන්පසු නිරෝධායන පැකේජයක් හඳුන්වා දී සාහසික ලෙස මුදල් ගසා කෑවේය. ශවේන්ද්‍ර හඳුන්වා දුන් පැකේජය අනුව අසරන ශ්‍රමිකයෙකු ලංකාවට පැමිණීමට රු ලක්ෂ තුන හමාරක් පමන වැය කළ යුතු විය. එම හෙණ ගහන අපරාධය සහ මුදල් බෙදී ගිය ආකාරය ගැන වාර්තාවක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
ලංකාවේ නීතිය මකුළු දැලක් මෙනි. දුර්වලයන් කුහුඹුවන් සේ දැලේ පැටලේ. බලසම්පන්න උන් කඟවේවේනුන් සේ නීතියේ රැහැනින් පලා යති. පොලීසිය සහ අධිකරණය මොවුන් ඉදිරියේ ක්‍රියා කරන්නේ ගොනා සහ තණ කොළ මෙනි. කරුණු එසේ හෙයින් සිංහ හම් පොරවා ගත් නරි මෙන්ම බැටලු හම් පොරවා ගත් වෘකයින් හඳුනා ගැනීමට පුරවැසියන් තීක්ෂණ විය යුතුය. දූෂිත නිළධාරීන්ට, පාලකයන්ට අත්පොලසන් දෙනවා වෙනුවට ඇඟිල්ල දිගු කිරීමට කොන්දක් තිබිය යුතුය. මක්නිසාදයත් මෙවැනි දූෂිතයන් කෙලෙසා දමන්නේ අපේ කාලයේ මිනිසුන්ගේ සිහින පමනක් නොවේ, මතු පරපුර ද අනතුරේ හෙලනු ලබයි.
හිටපු ගුවන් හමුදා බුද්ධි නිලධාරී
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/48
විස්කි හොරකමට අදාල වීඩියෝවක් පහත
---------------------------
by (2021-06-28 03:01:13)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි