-ලෝකාචාර්ය ජනගුප්ත හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2021.සැප්.16, පෙ.ව.6.50) කොවිඩ් වසංගතය නිසා මිය ගිය විජමු ලොකුබණ්ඩාර ගේ පුත්‍රරත්නය විජේසිංහ ජයවීර මුදියන්සේලාගේ උදිත් සංජය ලොකුබණ්ඩාර වනාහී උපන්ගෙයි මෝඩයෙකි. හැබැයි බිස්නස් ඩීල් දාන්නත්, කාන්තාවන් සම්බන්ධ කටයුතු වලදීත් උදිත් අති දක්ෂයෙකි.
කලක් මහින්ද රාජපක්ෂ ගේ පුද්ගලික ලේකම් ධූරය හෙබවූ උදිත් ට හිටි හැටියේම රාජපක්ෂ නිවස තහනම් කලාපයක් විය. වසරකට අධික කාලයක් එළියේ සිටි උදිත් යලිත් මහින්ද ගේ පාර්ලිමේන්තු ලේකම් තනතුර ද සමග රාජපක්ෂ සමීපයට පැමිනීමේ කතාන්දරයේ සත්‍ය කතාව මෙසේ ලියා ජනගත කරමු.
ලංකාවේ දේශපාලනයේ තිත්ත ඇත්ත ගැන ඔබට මෙයින් අදහසක් ලබා ගත හැකිවනු ඇත.
උදිත් දෙදරු පියෙක් වන විවාහකයෙකු වුවත් ඔහු දිගුකල් ජීවත්වන්නේ රජිතා තෙන්නකෝන් නැමති ලංකා හොස්පිට්ල්හි හි හිටපු අලෙවි විධායක නිලධාරිනියක් සමග ය. දෙදරු මවක් වන ඇය රෝහලේ වෛද්‍යවරුන් අතින් අත මාරුවී උදිත් අසල නැවතුනේ අනාගතයේ ආරක්ෂාව ගැන හිතූ නිසා විය හැකිය.
රජිතා සමග පෙම්කෙලිනා අවධියේ උදිත් ඇය වෙනුවෙන් මිළදී ගැනීමට "රේන්ජ් රෝවර්" රියක් සොයමින් සිටින බව බොරැල්ල 'මහින්ද කාර් සේල්' අධිපති හරහා මහින්ද රාජපක්ෂට ආරංචි විය. මහින්දගේ ශරීර ආරක්ෂක නෙවිල් ට උදිත් සමග ලොකු ආරෝවක් විය. ඒ උදිත් ගේ විවාහක බිරිඳ නදිනා, නෙවිල් ගේ ඥාති දියණියක් වූ බැවිනි. එබැවින් නෙවිල්, උදිත් ගැන ඇස ගසා ගෙන සිටියේ ය.
කෙසේ නමුත් පෙම්වතිය කැමතිම මෙරූන් වර්ණයේ "රේන්ජ් රෝවර්" රථයක් මිලියන 30 කට මහනුවර 'උවයිස් හාජ්ජියාර්' ගෙන් මිලදී ගැනීමට උදිත් සමත්වුවද , වැලේ වැල් නැතිව ඉඩම් විකුණමින්, දේපොල විකුණමින් ජීවත් වූ උදිත්ට මෙසේ හදිසියේ මුදල් ලැබුනේ කෙසේද යන්න මහින්ද රාජපක්ෂ ට දැඩි ප්‍රහේලිකාවක් විය. මහින්ද රාජපක්ෂ ඒ ගැන සෙවීය.
මහින්ද රාජපක්ෂ මුණගැසීමට එන විවිධ ව්‍යාපාරිකයන් ඔහුට මුදල් සහ ත්‍යාග ලබාදීම සාමාන්‍ය දෙයකි. මහින්ද බොහෝ විට ඒවා බාරගෙන ලබා දෙන්නේ ලඟම සිටින උදිත ගේ අතට ය. ඇති වූ සැකය නිසා නිවසේ එක් කාමරයක [මහින්ද ඇඳුම් මාරු කරන ස්ථානය] දොරටුවේ ඇති රහසිගත CCTV කැමරාවකින් හොරා අතටම අල්ලා ගැනීමට මහින්ද ට හැකිවිය. අදාල දිනයේ එක් පාර්සලයකින් මිලියන 3 ක් ද, තවත් චීන ජාතිකයෙක් ලබා දුන් පාර්සලයකින් ඇමරිකානු ඩොලර් 5000 ක්ද උදිත් සොරාගෙන තිබින.
එසැනින් ක්‍රියාත්මක වූ ශිරන්ති, යෝෂිත හා රෝහිත එක්ව උදිත් ලොකුබණ්ඩාර නිවසින් පන්නා දැමුවා පමනක් නොව සිය නිවස උදිත් ට තහනම් කලාපයක් ද කළේ ය.
මීට කලින්ද මහින්ද විජේරාම නිවසේ සිටියදීම එම නිවෙස් පරිශ්‍රයේම ඇති කන්ටේනර් කාර්යාල පරිශ්‍රයේ 'ඇන්ජි' නම් බර්ගර් කාන්තාවක් සමග යහන්ගතව සිටියදී උදිත් මහින්ද ගේ අතටම අසුවිය. එවර බේරුනත් මුදල් හොරකම නිසා උදිත්ට කිසිම අවස්ථාවක් නොවීය.
නිවසින් එළවන අවස්ථාව වනවිට ද උදිත් විශාල ගණුදෙනුවක් මහින්දට පංගාර්තු කර තිබිණ. ඒ මහින්ද ගේ යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරිය සතු බම්බලපිටිය ෆ්ලැට් මහල් නිවාස ඇති ඉඩම "මධූ චෞද්‍රි " නම් ඉන්දියානු ජාතිකයෙකුට විකුණා, එහි ඇති නිවාස ඉවත් කර අලුත් නිවාස තනා දැන් පදිංචිකරුවන් ට ද ලබා දී ඉතිරි ඉඩම තුල තට්ටු 60 ක ගොඩනැගිල්ලක් ඉදිකර විකිණීමේ දැවැන්ත ව්‍යාපෘතියකි. මෙහි මූලික සාකච්ජාවට මහින්ද මුණගැස්සවීමට පමනක් උදිත්, ඇමරිකානු ඩොලර් 50,000 ක් ඉන්දීය ජාතිකයාගෙන් ලබාගෙන තිබිණ.
කෙසේ නමුත් උදිත් ගේ වාසනාවට අදාල ඉන්දීය ජාතික "මධූ චෞද්‍රි" පසුගිය දා කොවිඩ් නිසා ජීවිතක්‍ෂයට පත්විය. දැන් මහින්ද රාජපක්ෂට අවශ්‍ය ඉන්දීය ජාතිකයාගේ පුතා සමග මෙම ව්‍යාපෘතිය කරගෙන යන්නට ය. එහි දේශීය නියෝජිතයා උදිත් ලොකුබණ්ඩාර ය. මුදල් ලැබේ නම් මහින්ද ට ගෙදර ගෑනි හොරකම් කළ ද වගේ වගක් නැත. උදිත්, මහින්ද ගේ 'පාර්ලිමේන්තු ලේකම්' ලෙස යලි පත්වීම් ලබන්නේ මෙවැනි පසුබිමක් තුලය.
පහුගිය දා ඉතාලිය බලායාමට පෙර උදිත් විසින් අදාල ඉන්දීය ව්‍යාපාරික පුතා මහින්දට මුණගස්වන ලදී.
උදිත්, ජාතික ලැයිස්තුවෙන් යලි පාර්ලිමේන්තු ආව ද පුදුමයට පත් නොවිය යුතු වන්නේ රාජපක්ෂ දේශපාලනය එතරම්ම ජරාජීර්ණ එකක් නිසා බැවිනි.
(උදිත් සහ රජිතා ද, රජිතා තනිවද, මහින්ද සහ උදිත් ද, උදිත් සහ නෙවිල් ද සේයාරූ වල දැක්වේ)
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/63
---------------------------
by (2021-09-16 01:45:41)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි