~

මල්වානේ මාලිගා නඩුව: බැසිල් වෙනුවෙන් තිලක් මාරපන; තිරු නඩේසන් වෙනුවෙන් සාලිය පිරිස්..! 'මං පොලිසියට කිව්වේ බොරු'

(ලංකා ඊ නිව්ස් -2021.ඔක්.18, පෙ.ව.3.20) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (එෆ්සීඅයිඩිය) භාරයට ගෙන නඩු භාණ්ඩ ලෙස මහා අධිකරණයේ ඇති ලිපි ලේඛනවල අත්සන් 'මගේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්' යැයි වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරු කුමාර් නඩේසන් යන විත්තිකරුවන් දෙදෙනාට විරුද්ධව ඇති නඩුව ගම්පහ මහාධිකරණය හමුවේ පසුගිය 14 වැනිදා විභාගයට ගත් අවස්ථාවේ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා ඇසූ හරස් ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් වරලත් ගෘහ නිර්මාණ ශිල්පී මුදිත උපාලි ජයකොඩි නමැති සාක්ෂිකරු පවසා තිබේ.

තවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලබාදුන් ප‍්‍රකාශ අසත්‍ය බවත් ගෘහ නිර්මාණ ශිල්පී මුදිත උපාලි ජයකොඩි එදින අධිකරණයට පවසා තිබේ.

අත් අකුරු රස පරීක්ෂකයින් විසින් එම අත්සන් පිළිබඳ නිගමයක් දී ඇත්ද නැත්ද යන්න තවම වාර්තා නොවේ.

මුදිත ජයකොඩි මෙසේ කියා සිටියේ දොම්පේ මල්වාන මාපිටිගම ප‍්‍රදේශයෙන් අක්කර 16ක ඉඩමක් මිලට ගෙන එහි නිවසක් සහ නාන තටාකයක් ඉදිකර සත්ව ගොවිපළක් පවත්වාගෙන යමින් රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍ය වත්මන් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේසන් යන දෙදෙනාට විරුද්ධව ගම්පහ මහාධිකරණයේ අධි චෝදනා 03 ක් යටතේ ගොනුකර ඇති නඩුව,  මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා ඉදිරියේ විභාගයට ගැණුන අවස්ථාවේදී ය.

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න සහ රජයේ නීතිඥ ඔස්වල්ඞ් පෙරේරා යන මහත්වරු පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ. රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා ඇසූ හරස් ප‍්‍රශ්න හමුවේ පිළිතුරු දුන් මුදිත උපාලි ජයකොඩි නමැති සාක්ෂිකරු මෙසේ ද පැවසීය.

අත්සන හඳුනාගන්න මම අති දක්ෂයෙක් නෙවෙයි...

"මම මීට ඉහත මෙම නඩුවේ සාක්ෂි ලබා දීලා තියෙනවා. 2016 වර්ෂයේ දී පූගොඩ මහෙස්ත‍්‍රාත් හමුවේ ප‍්‍රකාශයක් ලබා දුන් බව පිළිගන්නවා. 2015 වර්ෂයේ මැයි මස 22 දා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් මගේ කාර්යාලයට කඩා වැදී එහි තිබූ ලිපිගොනු අරන් ගියා. ඔවුන් එන විට මා සිටියේ නැහැ. මා වෙනත් වැඩක යෙදී සිටියේ.

මා එතැනට පැමිණි පසු මාව කාමරයකට දැම්මා. මගේ කාර්යාලයත් නිවසක් පුංචි අම්මාගේ නිවසක් පවා එම නිලධාරීන් පරීක්ෂාවට ලක් කළා.

අල්මාරි ලාච්චු අවුස්සා ලිපි ගොනු හෙව්වා. මා සිටියේ හොඳ මානසිකත්වයෙන් නොවේ. ලිපි ලේඛන රැසකට මගෙන් අත්සන් ගත්තා. මා විසින් අත්සන් නොකරපු ලේඛන ඔවුන් රැගෙන ගියා. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් රැගෙන ගොස් නඩු භාණ්ඩ ලෙස නම් කර ඇති ලේඛනවල තිබෙන අත්සන් මගේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අත්සන හඳුනාගන්න මම අති දක්ෂයෙක් නෙවෙයි."

මං එෆ් සීඅයිඩියට කිව්වේ බොරු...

රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතාගේ හරස් ප‍්‍රශ්න ඇසීම අවසන් කිරීමෙන් අනතුරුව මුදිත උපාලි ජයකොඩි යන සාක්ෂිකරුගෙන් හරස් ප‍්‍රශ්න ඇසීම ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා විසින් සිදු කළ අතර සාක්ෂිකරු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලබාදුන් ප‍්‍රකාශ අසත්‍ය බවට සාක්ෂිකරු මහාධිකරණය හමුවේ දී පිළිගත්තේය.

මෙම නඩුව රනිල් වික්‍රමසිංහ අගමැතිකම දැරූ යහපාලන ආණ්ඩුව සමයෙහි පවරන ලද්දකි. එමෙන්ම මෙම මල්වානේ මාලිගය අයත් වන්නේ බැසිල් රාජපක්ෂට බව රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක පිරිස් රටට කියා සිටියහ.

දැන් එම නඩුවෙහි බැසිල් රාජපක්ෂ වෙනුවෙන්, රනිල් වික්‍රමසිංහ ගජ මිතුරකු සහ එම ආණ්ඩුවේ ඇමැතිවරයකු වූත් නීතිඥ තිලත් මාරපන පෙනී සිටි. ඔහු ඇවන්ට් ගාඩ් හිමිකරු සමඟ පැවැති ලැදියාවන් අතර ගැටුමක් ඇති කරන සම්බන්ධතාවක් නිසා ඇමැති ධූරයෙන් ඉල්ලා අස් වූ නමුත් රනිල් වික්‍රමසිංහ ඔහු යළි ඇමැති මණ්ඩලය ඇතුල් කර ගත්තේය.

එම නඩුවේ අනෙක් සැකකරු වන පැන්ඩෝරා පත්‍රිකා මගින් කලු සල්ලි ජවාරම්කරුවකු ලෙස දක්වන ලද තිරුකුමාර් නඩේසන් වෙනුවෙන් යහපාලන ආණ්ඩුව විසින් අතුරුදහන්වුවන්ගේ කාර්යාලයේ සභාපති ලෙස පත් කරන ලද සහ නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට පොරොන්දු වී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති තනතුරට පත් නීතිඥ සාලිය පීරිස් ද පෙනී සිටී.

නීතිඥ තිස්ස ගුණවර්ධන ඇතුළු නීතිඥ කණ්ඩායමක් සමග ඩී. ඒ. පී. වීරත්න, නවීන් මාරපන සහ තිලක් මාරපන යන ජනාධිපති නීතිඥවරුන් තිදෙනා පළමු විත්තිකාර බැසිල් රාජපක්ෂ වෙනුවෙන් ද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් දෙවැනි විත්තිකාර තිරුකුමාර් නඩේසන් වෙනුවෙන් ද පෙනී සිටියහ. වැඩිදුර නඩු විභාගය නොවැම්බර් මස 01 වෙනිදාට කල් තැබුණි.

ස්තූතිය ලංකා බ්‍රීෆ්ට

---------------------------
by     (2021-10-17 21:57:32)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links