-විශේෂ ලියුම්කරුවෙක් හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2021.දෙසැ.17, ප.ව.10.30) ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට ගෑස් අර්බුදය නිසා ඉතාම අවදානම් තත්ත්වයකට පත්ව ඇත. වෙළෙඳපොළෙන් සියයට 75ක් පමණ සපයන ලිට්රෝ ගෑස් ලංකා සමාගම ගෑස් ආනයනය සම්පූර්ණයෙන්ම ලසන්ත අලගියවන්න ගේ පුද්ගලික මැදිහත්වීම, බලපෑම හමුවේ නවතා දමා ඇත.
මේ වන විට සංචාරක ව්‍යාපාරය, හෝටල් කර්මාන්තය, ආපනශාලා කර්මාන්තය සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇත. ටයිල් කර්මාන්තය, බිස්කට් කර්මාන්තය පමණක් නොව ගෑස් මත ක්‍රියාත්මක වන කෘෂි කාර්මික නිෂ්පාදනයන් පවා මේ අවස්ථාවේ ඇනහිට ඇත. ආරෝග්‍ය ශාලා සඳහා ගෑස් ලබාදීම සම්පූර්ණයෙන්ම නතර වී ඇත. කුඩා දරුවාගේ උදෑසන කිරිපිටි වේලේ සිට ගෙදර ඉදෙන බත් මුට්ටිය පවා දර නොමැති පළාත් තුළ මේ අවස්ථාවේ ඉතා අසරණ තත්ත්වයකට පත් වී ඇත.
මෙය ඉබේ සිදු වූවක් නොවෙයි දීර්ඝ කාලීනව මෙම ගෑස් වෙළෙඳපොළ ග්‍රහණය කරගැනීමට බලාපොරොත්තු වනදේශපාලන බලපුළුවන්කාරකම් මත යැපෙන දේශද්‍රෝහී කල්ලියක් සහ ලසන්ත අලගියවන්න, බන්දුල ගුණවර්ධන වැනි අමාත්‍යවරුන් ගේ මෙන්ම මුදලට ගිජුවී සිටින රාජ්‍ය නිලධාරීන්ගෙන් සාමූහික ප්රයත්නයකි. රාජපක්ෂ පාලනය මේ සඳහා ආශීර්වාද කරන බව දැන් ඉතා හොදින්ම පැහැදිලිය.
චීනයෙන් තුට්ටු දෙකට ආනයනය කරන ලද ලද වීදුරු වැස්ම සහිත ඉතාම බාල තත්වයේ ගෑස් උදුන් ප්‍රමාණයක් වෙළඳපොල තුළ පුපුරා යාම, චීන රෙගියුලේටර වැනි බාල අමතර උපාංග වල ඇති අඩුපාඩු සහ චීන කුණු උපාංග ලංකාවට ගෙන ඒමෙන් පාරිභෝගික ජනතාව අත්විඳින ගෑස් ගිනි ගැනීම් ප්‍රමාණය මෙන්ම ගෑස් පාවිච්චි කිරීමේදී සිදුවන සාමාන්‍ය මෙන්ම භාවිතයේදී නිතර සිදුවන වැරදි කිහිපයක් තමන්ට සල්ලි වලට කඩේ යන මාධ්‍ය වෙත ලබා දී ඒවා මහා ප්‍රමාණයේ ඒවා යැයි පෙන්වයි. ලංකාවට එම බාල චීන උපාංග ගෙනාවේ කවුද යන්න පරීක්ෂණ නොකරමින් ඒවා වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට කටයුතු නොකරමින් උපාංග වල ප්‍රමිතිය නොසලකා හැර කූඨ කල්ලියේ එකම අරමුණ වී ඇත්තේ ලිට්රෝ ගෑස් සමාගමට කෙළවීම ය. මේ කූඨ අරමුණ පෙරටු කරගෙන මේ වන විට ලංකාව තුළ ගෑස් හිඟයක් පමණක්ම නොව නොව සම්පූර්ණයෙන්ම ගෑස් වෙළඳපොල විනාස කරමින් තමාගේ යටි අරමුණ වන ලිට්රෝ සමාගම තවත් කණ්ඩායමකට ග්‍රහණය කර ගැනීමට ඉඩ දී ඔවුන්ගෙන් ඩොලර් ලබා ගැනීමේ මෙම පහත් ක්‍රියාවලියේ අවසාන රංගනය මේ වන විට කරළියට පැමිණ ඇත.
දෙසැම්බර් මස 11 වෙනි දින සිට ලංකාවට ආනයනය කරන ලිට්රෝ ගෑස් නෞකා මේ අවස්ථාවේදී ද ප්‍රමාද ගාස්තු ගෙවමින් මුතුරාජවෙල මුහුදු තීරයේ නැංගුරම් ලා ඇත. ශ්‍රී ලංකාව පුරා ගෑස් හිඟයක් පැවතිය ද එම නැව් වලට තමා රැගෙන ආ ගෑස් ලිට්රෝ ගෑස් ලංකා සමාගමට ලබා දීම හේතු විරහිතව ලසන්ත අලගියවන්න විසින් නවතා දමා ඇත. ඒ සිදුවීම මෙසේය.
දෙසැම්බර් 11 වැනි දින ලිට්රෝ ගෑස් ලංකා සමාගම විසින් මෙ.ටො. 3199 ක Balta නෞකාවද දෙසැම්බර් 13 වන දින මෙ.ටො. 3906 ක PGC-Perikilis නෞකාව ද දෛනික ගෑස් අවශ්‍යතාවයන් සැපිරීම සඳහා කෙරවලපිටියේ පිහිටි තමන්ගේ බෝයාව වෙත ගෙන යන ලදී. වෙනදා කිසිදු සොයා බැලීමක් නොකරන පාරිභෝගික අධිකාරිය විසින් මෙම නැව් වලින් ගෑස් සාම්පල් රැගෙන යන ලදී. එම රැගෙන ගිය ගෑස් සාම්පල ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විද්‍යාගාරයට ද (cpc) ලාෆ් සමාගම මගින් ක්‍රියාත්මක කරන Intertec සමාගමට ද ලබා දුන්නේ ය . ඒවායේ පරීක්ෂණ වාර්තා සම්බන්ධයෙන් ලිට්රෝ සමාගම ඉතා අවධානයෙන් පසුවිය. එසේ නොවන්නට මෙම නරුමයන් විසින් එම වාර්තා වෙනස් කරනවා නොඅනුමානය. නොයෙක් බලපෑම් කළ ද අවසානයේ ඔවුන් විසින් එම නෞකා දෙකෙහි සඳහන් ගෑස් මිශ්රණයන් ගේ ප්‍රතිශතය ගෑස් අලෙවි කිරීමට සුදුසු බව ප්‍රකාශ කෙළේ ය. Intertec ආයතනය ලාෆ් සමාගමේ අවශ්‍යතාවය මත වාර්තා ප්‍රමාද කළ ද cpc ආයතනය ඒ එළිදැක්වූ නිසා ඔවුන්ට වාර්තා ලබා දීමට සිදුවිය.
ගෑස් වල ඇති ප්‍රධාන සංයෝගයන් වන Propane සහ Butent සංයුතිය ලාංකීය වෙළඳපොළට ගැළපෙන බවත් වන බවත්, ගෑස් ගඳ සුවද සම්බන්ධයෙන් විවාදයට පත්වන Ethyl mercaptan ඒකකයන් වාෂ්ප කරණයේදී ඒකක 19 ආසන්න වන බවත් වාර්තා මගින් හෙළි කෙළේ ය. Ethyl mercaptan ශ්‍රී ලංකාවේ ප්‍රමිති ඒකකය 14 යුතු බවට ප්රමිතිකරණය කොට ඇත. එම වාර්තාව මෙම ලිපිය පහතින් දැක්වේ.
ලසන්ත අලගියවන්න ඇතුළු කූඨකයන්ගේ කුමන්ත්‍රණය කූඨප්රාප්ත වන්නේ මෙහිදී ය. මේ වාර්තා නොපිළිගත් පාරිභෝගික අධිකාරිය සහ ලසන්ත අලගියවන්න ඇමතිවරයා විසින් මෙම තුවාලය තවත් ඔඩු දිවීමට තවත් දවස් කීපයක් ඉඩ හැරියේය. ඉන් නොනැවතුණු ඔවුන් මෙම පරීක්ෂණ දෙක ඔවුන්ට පිළිගත නොහැකි යයි පවසා ජාත්‍යන්තර ආයතනයක් වන Geocham වෙත සාම්පල් යැවීය. ජාත්‍යන්තර පරීක්ෂණ සමාගමක් වන එම සමාගම මගින් ලබාදුන් වාර්තාව ද ඉහත වාර්තාව වඩා නොදෙවෙනි විය. Propane සහ Butent සංයුතිය ලාංකීය වෙළඳපොළට ගැළපෙන බවත්, Ethyl mercaptan අගය 20 වැඩියෙන් පවතින බවත් ඔවුන් ප්‍රකාශ කෙළේ ය. කුමන්ත්‍රණය කොතෙක් දරුණු ද යත් ලසන්ත අලගියවන්න පාරිභෝගික අධිකාරිය සමග එක්ව පෙර කී නෞකා දෙක බාගත කිරීමට අවශ්‍ය අවසරය ලිට්රෝ සමාගමට ලබා දුන්නේ නැත.
සිදුකරන ලද්දේ ලිට්රෝ ගෑස් ලංකා සමගමට මෙම නෞකා ආපසු යවන ලෙස දැනුම් දීමයි. එහිදී ලිට්රෝ ගෑස් ලංකා සමාගම තමාගේ වාර්තා පිළිබඳව, මෙම ගෑස් වල ඇති ගුණාත්මක භාවය පිළිබඳව පාරිභෝගික අධිකාරියට දැනුම් දුන්න ද ඒ නොසලකා ඔවුන් නැවත වතාවක් මෙම වාර්තාවන් සහ සාම්පල ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට (SLS) යැවීය. බලපෑම් නිසාම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මේ සම්බන්ධව කිසිදු ප්‍රකාශයක් හෝ වාර්තාවක් මෙම ලිපිය ලියන අවස්ථාව වන විටත් ලිට්රෝ ගෑස් සමාගමට හෝ වෙන කිනම් හෝ ආයතනයකට ලබා දී නැත.
එහි ප්‍රධානී සිද්ධිකා සේනාරත්න (වස චුට්ටක් කෑවාට කමක් නැතැයි කී බඩ්ඩ) විසින් ප්‍රකාශ කරනු ලබන්නේ, අරුම පුදුම කතාවකි. ඇය ප්‍රකාශ කරන්නේ පුද්ගලිකව එම ගෑස් වල ගඳ සුවඳ තමන්ගේ නාසයට ඉතා අඩුවෙන් දැනෙනා බවය. ගෑස් ගඳ සුවද සම්බන්ධයෙන් විවාදයට පත්වන Ethyl mercaptan මැනීමේ ඒකකය තිබෙන්නේ සිද්ධිකාගේ නහයේ ද යන්න ප්රශ්නයකි.
කොතැනින් හෝ කොණක් සොයා ගැනීමට බලාපොරොත්තු වෙන පාරිභෝගික අධිකාරිය සහ ලසන්ත අලගියවන්න ඇමතිවරයා සිද්ධිකාගේ නාසයේ ගඳ-සුවඳ උවමනාව මත මේ වන විටත් ලිට්රෝ ගෑස් සමාගම ගෙන්වූ නෞකා බාගත කිරීමට අවස්ථාව ලබා දෙන්නේ නැත.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ප්‍රකාශ කර සිටින්නේ ඔවුන් මේ සම්බන්ධව පාරිභෝගික අධිකාරියට සහ ලසන්ත අලගියවන්න ඇමතිවරයාට දැන්වූ බව නමුත් ඒ පිළිබඳ ඔවුන් කිසිදු ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කරන්නේ නැත. සතියකට ආසන්න කාලයක් ප්‍රමාද ගාස්තු ගෙවමින්, ජාතික සමාගමක ජාතික ධනය නාස්ති කරමින් ලිට්රෝ ගෑස් සමාගමේ නැව් දෙක තවම මුහුද මැද ය. ලසන්ත අලගියවන්න ඇමතිවරයා සූදානම් වන්නේ කුමකට ද යන්න දැන් ඉතා පැහැදිලිය.
ඔහුට අවශ්‍ය වන්නේ ලිට්රෝ සමාගමේ සැපයුම එහෙම පිටින්ම නවතා දමා තමාට ඩොලර් කොමිස් දෙන, මෙම ව්‍යාපාරය ග්‍රහණය කරගැනීමට බලාපොරොත්තු වන හොර නඩේට ලිට්රෝ ගෑස් ලංකා සමාගම පිටින්ම නතු කර දීමයි. ලාෆ් සමාගමේ වෑගපිටිය විසින් ලිට්රෝ සමාගම තමන්ගේ ග්‍රහණයට ගැනීමට දැරූ ප්රයත්න සම්බන්ධව අපි මීට පෙර හෙළිකළෙමු. රුපියල් මිලියන 3,90,000 ක ණය බේරා ගැනීමට සහ තමාගේ අදුරදර්ශී ගබඩා සංකීර්ණයේ බර නිදහස් කරගැනීමට වෑගපිටිය දිගින් දිගටම රාජපක්ෂ ආණ්ඩුවේ සහ ලසන්ත අලගියවන්න, බන්දුල ගුණවර්ධන ගේ සහාය පැතීය. ලිට්රෝ ගෑස් සමාගමෙහි නැව් නවතා තබන අවස්ථාවක කරළියට ආ ලාෆ්ස් සමාගමේ වෑගපිටිය ප්‍රකාශ කරන්නේ අපට ණයවර ලිපි නිකුත් කරන්නේ නම් ලිට්රෝ ගෑස් සමාගමට ද නියමිත මිශ්‍රණයකින් ගෑස් ලබා දිය හැකි බවයි. නමුත් හාස්‍යයට කරුණ වන්නේ ඔහු, ඔහුගේ ගෑස් සැපයුම සම්පූර්ණයෙන් නවතා දමා ඇති බවයි. ලසන්ත අලගියවන්න සහ ජාවාරම්කරුවන්ට අවශ්‍යවන්නේ ලිට්රෝ ගෑස් සමාගමේ ගෑස් සැපයුම නවතා දමා වෑගපිටිය ගේ සහ ඩීල් කරුවන් ගේ ග්‍රහණයට එම සමාගම පත් කරලීමයි.
ගෑස් නිසා අද රටම කලබලයට පත් වී ඇත. මහා පරිමාණ ව්‍යාපාර බිඳ වැටී ඇත. නමුත් තවම ගෑස් නැව් දෙක මහ මුහුද මැද ය. ලසන්ත අලගියවන්න කියන්නේ ගෑස් හොඳ නැති බවත් ගෑස් ගිනිගන්නා බවත් ය. ඇත්ත වශයෙන් ම ඔහුට අවශ්‍ය වන්නේ ලිට්රෝ ලංකා ගෑස් සමාගමේ මෙහෙයුම් නවතා, මළමිනී මතින් තමන්ගේ ඩොලර් පිපාසාව සංසිඳවා ගැනීමට බව දැන් ඉතා හොඳින් පැහැදිලිය.
---------------------------
by (2021-12-17 17:03:45)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි