~

ජවිපෙ/ජාජබ නායක අනුරගේ 'මොනාක් ප්‍රකාශය' පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ දැඩි කනස්සල්ල..! (Video)

-විශේෂ වාර්තාකරුවෙකු ලියයි

(ලංකා ඊ නිව්ස් -2021.දෙසැ.21, පෙ.ව.8.45) තව වසර 3කින් පැවැත්වීමට නියමිත බල හුවමාරු ජනාධිපතිවරණයක් ඉලක්ක කර ගනිමින් කල් තබා ඊයේ (20) ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් සම්මන්ත්‍රණ ශාලාවේදී විශේෂ නියෝජිත සමුළුවක් කැඳවූ ජවිපෙ සහ ජාතික ජන බලවේගයේ නායක පා.ම. අනුර කුමාර දිසානායක එහි ප්‍රධාන දේශනය වූ ‘බිඳවැටුණු මව්බිම ගොඩනඟන විසඳුම’ පැහැදිලි කරමින් පැවැත්වූ දේශනය  සම්බන්ධයෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දිගු කලක් මුළුල්ලේ සටන් කරන ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ දැඩි කනස්සල්ල පල වී තිබේ.

කෙළ බිංදුවක් නොහෙලීම..

ඊට හේතු වන්නේ දිගු කලක් මුළුල්ලේ රටට ව්‍යසනයක් වී පවතින සහ විසි වැනි සංශෝධනයෙන් තව දුරටත් ශක්තිමත් වූ ඒකාධිපති ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන හෝ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමක් කෙරෙන නව ව්‍යවස්ථාවක් ගෙන ඒම ගැන හෝ පවතින දූෂිත මජර දේශපාලන ක්‍රමයට ප්‍රධාන හේතුවක් වී තිබෙන පවතින මනාප මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමක් ගැන හෝ සුළු ජාතීන්ගේ දේශපාලන අයිතිවාසිකම් ලබාදීමක් ගැන හෝ අනුර දිසානායක විසින් සිතා මතාම එක කෙළ බිංදුවක් නොහෙලීම ය. අඩුම ගණනේ හෙතෙම විස්ස අහෝසි කර තමන් ද සහාය දුන් දහනවය යළි සක්‍රීය කරන බව හෝ කීවේ නැත. 

අනුර දිසානායක තම මොනාක් ප්‍රකාශයේ දී මව්බිම බිඳ වැටීමට ප්‍රධාන හේතුව ලෙස අවධාරණය කළ කාරණය වන්නේ ඔහුගේ වචන වලින්ම නම් "අතිශය දූෂිත දේශපාලනඥයන් සහ ඔවුන් නිර්මාණය කර ඇති දූෂිත ව්‍යාපෘතීන්" ය. ඊට විසඳුම ලෙස ඔහු කීවේ දූෂිතයන් වෙනුවට තම බලවේගය සමග සිටින අදූෂිත කණ්ඩායමට බලය දිය යුතු බවය. අදූෂිත කණ්ඩායම සමග සාමූහික ප්‍රයත්නයකින් විසඳුම් සෙවිය හැකි බව කී අනුර, අද සිටින වරප්‍රසාදිත දේශපාලනඥයා උඩු මහලින් බිමට බස්සා ජනතාව සමග එකට වැඩ කරන පුද්ගලයෙකු බවට පත් කළ යුතු යැයි කීවේ ය. 

අනුර කියනා පරිදි දේශපාලනඥයන් දූෂිත වී ඇත්තේ පුද්ගල බද්ධ කාරණා නිසා නොව ඔවුන් දූෂිත වී ඇත්තේ ප්‍රධාන වශයෙන්ම පවතින ඒකාධිපති බලය සහිත ජනාධිපති ක්‍රමයත්, මනාප ඡන්ද ක්‍රමයත් නිසා නමුත් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කර ඡන්ද ක්‍රමය වෙනස් කෙරෙන නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමක් ගැන ඔහු මුණිවත රැක්කේ ය. 

'අතිදූෂිතයන්' කරේ තියාගෙන ගෙනාවේ කව්ද?

කෙසේ වෙතත් අද අනුර දිසානායක කියන දූෂිත පාලකයන්ගේ 'ගොඩ් ෆාදර්' වන මහින්ද රාජපක්ෂ ප්‍රථමයෙන්ම 2005 දී ජනාධිපති ධූරයට ගෙන ඒමට ප්‍රථම ඔහු සුනාමි ආධාර මුදල් වංචා කළ පුද්ගලයෙකු ලෙස හෙළි වී හමාර නමුත් මහින්දගේ ජයග්‍රහණය වෙනුවෙන් හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා පවා මග හරිද්දී, මහින්ද කරේ තියාගෙන රට පුරා ගියේ අන් කිසිවෙක් නොව අනුර ද ප්‍රමුඛ ජවිපෙම ය. ඒ නිකම්ම නොව ඡන්ද වර්ජනය සඳහා එල්ටීටීඊයට පගාව ද ගෙවමින් ය. අද පවතින අනුර කියන "අතිදූෂිත" පාලක පවුල බිහි වූයේ ඉන් පසුව ය. 

අද තමන් සමග සිටින බලවේගය අදූෂිත යැයි අනුර කීව ද ඔවුන් මේ පාර්ශව දෙකෙහිම දූෂිතයන් බලයට ගෙන ඒම සඳහා වරින් වර ඇමැති ධූර ද සමග විශාල දායකත්වයක් දුන් බලවේගයක් බව අනුර අමතක නොකළ යුතුය. 

අඩුම ගණනේ ඒ සම්බන්ධයෙන් ඊයේ මොනාක් ප්‍රකාශයේ දී අනුර ජනතාව ඉදිරියේ අවංක ස්වයං විවේචනයක හෝ ‍නොයෙදීම ගැන ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ දැඩි කනස්සල්ල පළ වී තිබේ. එසේ කෙළේ නම් ප්‍රජාතන්ත්‍රවාදීන් තුල නව බලාපොරොත්තුවක් ජනිත කළ හැකිව තිබිණි. 

කෙසේ වෙතත් ඊයේ පැවැති විශේෂ නියෝජිත සමුළුව මීට පෙර පැවැති ඒවා සේම මිස කිසිදු නැවුම් අත්දැකීමක් ලබා දුන්නේ නැත. සහභාගී වූවෝ ද පෙර අයම වූ අතර ඉන් අති බහුතරයක් දෙනා වයස අවුරුදු පනහ පැන්න අය වූහ. කාන්තා සහභාගීත්වය ඉතාම සුළුතරයක් විය. සුළු ජන සහභාගීත්වය ගණන් නොගත යුතු  තරම් විය.

ජවිපෙ/ජාජබ නව බලවේගයක් ලෙස සිටිනා තැනින් ඉදිරියට යන්නේ නම් ඉහත කී කරුණු ගැන දැඩි අවධානයක් යොමුකළ යුතුය.

ඊයේ ප්‍රකාශිත ජාතික ජන බලවේගයේ නව ජාතික විධායක සභාව මෙසේය.

මහාචාර්ය චන්දන අබේරත්න
මහාචාර්ය උපාලි පන්නිලගේ
මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු
ආචාර්ය හරිනි අමරසූරිය
මහාචාර්ය විජේ කුමාර්
මහාචාර්ය වසන්තා සුබසිංහ
මහාචාර්ය ජිනසේන හේවගේ
මහාචාර්ය ලියනගේ අමරකීර්ති
මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන
මහාචාර්ය සුනිල් සෙනෙවි
ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න
නීතිඥ ලාල් විජේනායක
රාමලිංගම් චන්ද්‍රසේකර්
සමන්මලී ගුණසිංහ
විජිත හේරත්
ආචාර්ය අජිත්ද මෙල්
ආචාර්ය අනුර කරුණාතිලක
හිටපු අමාත්‍යාංශ ලේකම් අශෝක පීරිස්
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජිත් රෝහණ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පී. ඩී. එන්. කේ. පලිහේන
බිමල් රත්නායක
නීතිඥ උපුල් කුමරප්පෙරුම
ලාල් කාන්ත
නීතිඥ චරිත් ගල්හේන
නීතිඥ හර්ෂණ නානායක්කාර
නීතිඥ නිමලා සිරිවර්ධන
රංගන ශිල්පි ජගත් මනුවර්ණ
සාහිත්‍යවේදී රවි සිරිවර්ධන
ෂෙයික් මුනීර් මුලෆ්ෆර්
ක්‍රිෂ්නන් කලෙයිච්චෙල්වි
සරෝජා සාවිත්‍රි පෝල්රාජ්
මුදිත නානායක්කාර
ආනන්ද විජේපාල
කුමාර ජයකොඩි
අරුන් හේමචන්ද්‍රා
අයි.එන් ඉක්රාම්
සමන්ත විද්‍යාරත්න
වෛද්‍ය රිස්වි සාලි
සාහිත්‍යවේදී කමල් පෙරේරා
සිනමාවේදී විසාකේෂ චන්ද්‍රසේකර්
කිට්නන් සෙල්වරාජ්
වෛද්‍ය නලින්ද ජයතිස්ස
මහින්ද රත්නායක
සුනිල් හඳුන්නෙත්ති
ව්‍රායි කැලී බල්තසාර්
මහින්ද ජයසිංහ
වෛද්‍ය එච්.පී. ධම්මික
රංගන ශිල්පි චමින්ද ජයසූරිය
අරුණ ශාන්ත නෝනිස්
නාමල් කරුණාරත්න
නිහාල් ගලප්පත්ති
නලින් හේවගේ
චතුරංග අබේසිංහ
එරංග වීරරත්න
වසන්ත සමරසිංහ
ලක්‍ෂ්මන් නිපුනආරච්චි
ආර්.එම්. ජයවර්ධන
සඳුන් යාපා
අජිත් හැඩ්ලි පෙරේරා
රවිඳු උස්වැටකෙයියාව
නීතිඥ සුනිල් වටගල
රත්න ගමගේ
උපාලි සමරසිංහ
ආචාර්ය අසෝක රංවල
ප්‍රේමරත්න තෙන්නකෝන්
එරංග ගුණසේකර
ශාන්ත පද්මකුමාර
ගමගෙදර දිසානායක
ටී.බී. සරත්
මංජුල සුරවීර ආරච්චි
වසන්ත පියතිස්ස

-විශේෂ වාර්තාකරුවෙකු විසිනි

මොනාක් ප්‍රකාශයේ දී අනුර දිසානායක කළ සම්පූර්ණ කතාව පහතින්

---------------------------
by     (2021-12-21 03:34:44)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links