~

යෝෂිතගේ අමන වැඩ නිසා ඇඟලුම් කර්මාන්තයටත් අබ සරණයි..!

-අරලියගහ මන්දිර වාර්තාකරු ලියයි

(ලංකා ඊ නිව්ස් -2021.දෙසැ.23, ප.ව.5.45) ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයේ ඉහල පෙළේ නිෂ්පාදන ආයතන බොහොමයක නිෂ්පාදන සිදුවෙන්නේ ජාත්‍යන්තර ලේබල සඳහා ය. ලෝක ප්‍රකට ටොමී, ගැප්, පෝලෝ, නයිකි, ලිවයිස්, වික්ටෝරියා සීක්‍රට් වැනි ඇඟලුම් බොහොමයක් නිමි ඇඳුම් බවට පත්වෙන්නේ ශ්‍රී ලංකාවේ දී ය. අඩු ශ්‍රම වෙළඳපොල සහ කලක් තිස්සේ පැවති ව්‍යාපාරයක් නිසා පුහුණු ශ්‍රමිකයන් සුලබ වීම ආදිය අනුව අපේ රටට මේ අවස්ථාව ලැබී තිබිණ. නමුත් රාජපක්ෂලාගේ 2005-2015 ආණ්ඩු සමයේ දී GSP+ සහනය අහිමි වීම නිසා අපේ ඇඟළුම් කර්මාන්තය ශාලා රාශියක් බංග්ලාදේශය, වියට්නාමය වැනි රටවලට ගෙන යනු ලැබීය. 

සන්නාම අයිතිය...

නිෂ්පාදන සැලසුම, ඩිසයින් එක, රෙදි, නූල්, බොත්තම් වැනි සියලු උපාංග මෙරටට ගෙන්වා දේශීයව ශ්‍රී ලංකාවේ ශ්‍රමය පමණක් භාවිතා කර, ලෝක ප්‍රකට ජාත්‍යන්තර සන්නාම කීපයක් තවමත් අප රටේ දී නිමි ඇඳුම් බවට පත්වේ. ඒවා ශ්‍රී ලංකාවේ වෙළඳපොල වෙත නිකුත්කිරීම සපුරා තහනම්ය. රෙදි කැබැල්ලක්වත් කර්මාන්ත ශාලාවෙන් එලියට රැගෙන යාම තහනම් වන අතර එවැනි දෙයක් සිදුවුවහොත් එම ඇණවුම අහිමිවීමේ තර්ජනය නිසා ඇඟළුම් කර්මාන්ත ශාලා හිමියෝ ඉතා ප්‍රවේශමෙන් ඒ ගැන සැලකිලිමත් වෙති. 

නිෂ්පාදනයේදී වැරදීම් සිදුවෙන, තත්ව පාලනයේදී අසමත් වන ඒවා 'ස්ටොක් ලොට්ස්' නමින් නිෂ්පාදන ලේබල කපා දේශීය වෙළඳපොලට නිකුත් වන අවස්ථා තිබුන ද නියමිත සන්නාම ලේබල සහිතව දේශීය වෙළඳපොලේ ඒවා අලෙවි කිරීමට කිසිදු අවස්ථාවක් නැත. තත්ත්වයෙන් අසමත් නිෂ්පාදන සන්නාම ලේබල කපා පවා දේශීය වෙළඳපොලට නිකුත් කිරීමටත් අවසර ලැබෙන්නේ වසර 2 කට පමණ පසුවය. මන්ද යත් එම නිෂ්පාදන වල ඩිසයින් එක කල් ඉකුත් වීමෙන් පසුව එය සිදුවිය යුතු නිසාය. 

රාජපක්ෂ පවුලේ අමන වැඩ..

නමුත් දැන් ශ්‍රී ලාංකික ගැනුම්කරුවන් ට ඒවා නියමිත සන්නාම ලේබල සහිතවම මිලදී ගැනීමට හැකියාවක් උදාවී ඇත. ඒ රටට හෙණ ගැහුව ද තම මඩිය තර කර ගන්නා රාජපක්ෂ පවුලේ අමන වැඩ නිසා නමුත් ඉන් රටට විදේශ විනිමය ගෙන එන ඇඟළුම් කර්මාන්තය වළපල්ලටම යෑම නිසැකය. 

මෙම ලියුම්කරු විසින් පෙර වාර්තාවක සඳහන් කළ පරිදි අරලියගහ මන්දිරයේ සියලු සැපයුම් දැන් සිදුවන්නේ නිතීෂා ජයසේකර හෙවත් යෝෂිත ගේ බිරිඳ ගේ බිස්නස් හරහා ය. සියලු බැංකු සහ රජයේ ආයතනවල ඇඩ්වර්ටයිසිං පමනක් නොව රජයේ වැඩවල දී කෙරෙන සංග්‍රහවලට සැපයෙන කේක් කෑල්ල පවා ගෙන්වන්නේ නිතීෂාගේ කොම්පැනි හරහා ය. 

නිතීෂාගේ නුමා කොන්සෙප්ට් ස්ටෝර්ස්..

කොළඹ 7 ටොරින්ටන් ඇවනිව් හි අංක 260 ස්ථානයේ පිහිටි "නුමා කොන්සෙප්ට් ස්ටෝර්ස්" නම් නිතීෂා ජයසේකර ගේ නවතම ව්‍යාපාරික ස්ථානයේ ඉහත කී ලෝක ප්‍රසිද්ධ සන්නාමවල ලේබල සහිත ඇඟළුම් නිෂ්පාදන දැන් අලෙවියට තිබේ. ඒ නිකම්ම නොවේ. 

පසුගිය දිනක දිවයිනේ ප්‍රධානතම ඇඟලුම් නිෂ්පාදන ආයතනවල උසස් නිලධාරීන්ට කතා කළ යෝෂිත, තම බිරිඳගේ ව්‍යාපාරයට ඔවුන්ගේ ඇඟලුම් නිෂ්පාදන ලබාදෙන ලෙස නියෝග කළේ අදාල ව්‍යාපාරිකයන්ට වචනයක් හෝ කතා කරන්‍නට ඉඩ නොදෙමිනි.

ඊට පසුදා සිටම යෝෂිතගේ නාවික හමුදා හෙංචයියන් කිහිප දෙනෙක් ගොස් අදාල ආයතනවලින් ජාත්‍යන්තර ලේබලයේ ඇඟලුම් නිෂ්පාදන රැගෙන ආවේ තනිකර ම රාජපක්ෂලාගේ දේශපාලන බලය සමග හමුදා බලය භාවිතා කරමිනි.

ඇඟලුම් කර්මාන්තයට අබ සරණයි..

මේ අමන ක්‍රියාවෙන් ලඟදීම සිදුවන්නේ කඩාවැටෙන රටට යාන්තමින් හෝ ඩොලර් මුක්කුවක් ගැසිය හැකි ඇඟලුම් ව්‍යාපාර ආයතන වලට ලැබී තිබෙන ජාත්‍යන්තර සන්නාම ඕඩර අහිමි වී යෑම ය. 

හෙට අනිද්දාම GSP+ තහනම ද යලි ක්‍රියාත්මක වූ පසු, යුරෝපා සංගමයෙන් සහ ඇමරිකාවෙන් ගන්නා තීන්දු ද අනුව ඉතිරි ඇඟලුම් කර්මාන්ත ශාලා ටිකට ද අබ සරණ ය. 

තම හෙංචයියන්ගේ කසල තේ "සිලෝන් ටී" සන්නාමය යටතේ අපනයනයට අවසර දී රාජපක්ෂලා අපේ තේ කර්මාන්තය සම්පූර්ණයෙන් විනාශ කර දැමු ආකාරයටම ඇඟලුම් කර්මාන්තය ට  ද අකල් මරණයක් උරුමවීම අනිවාර්ය ය. 

(බැංකු පද්ධතියේ සියලුම පරිගණක ගත කිරීම් සියතට ගත් යෝෂිතගේ ඩිජිටල් ව්‍යාපාර කොම්පැනියේ වැඩ ගැන අප්‍රසාදය පලකළ සෙලාන් සභාපති ට යෝෂිත ඇමතූ අයුරු සහ ඊට කබ්රාල් ගේ ප්‍රතිචාර ඊළඟ හෙළිදරව්වෙන් බලාපොරොත්තු වෙන්න)

-LeN අරලියගහ මන්දිර වාර්තාකරු

---------------------------
by     (2021-12-23 12:35:16)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links