-ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයේ වාර්තාකරුවෙක් ලියයි
(ලංකා ඊ නිව්ස් -2021.දෙසැ.29, ප.ව.3.00) සමාජ ජාලා තුල මහත් ආන්දෝලනයකට තුඩුදුන්, ඉන්දියාවේ තිරුපති වන්දනා ගමනක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ (මරා) ඇතුළු පවුලේ අය පසුගිය දා දෙදින සංචාරයක නිරත වී තිබූ T7-JSG නම් පෞද්ගලික ව්‍යාපාරික ජෙට් යානය සහ රාජපක්ෂලාගේ ගුප්ත ගමන් පිලිබඳ තව තවත් තොරතුරු හෙළිවෙමින් තිබේ.
ජෙට්සෙට්ගෝ ඒවියේෂන් ප්‍රයිවට් ලිමිටඩ් (JetSetGo Aviation Services Private Limited) නම් ඉන්දියානු සමාගමකට අයත් ලෝකයේ ඉහළම ධනවතුන් සඳහා ගුවන්ගමන්වලට පෞද්ගලික ජෙට් යානා සහ ගුවන් යානා සපයන සමාගමක් වන අතර එම සමාගම ලියාපදිංචි කර ඇත්තේ බදු නිවනක් බඳු ඉතාලියේ සෙන්ට් මරීනෝ හි ය. මෙම යානයේ ගුවන් ගමනක් සඳහා සාමාන්‍යයෙන් අයකරන මිල පැයකට ඇ.ඩො. 6700 ක් බව සඳහන් ය.
ජෙට්සෙට්ගෝ සමාගමේ සැබෑ අයිතිකරු වන්නේ දැනට ලයිකා මොබයිල් ආයතනයේ සභාපති සූභාෂ්කරන් අල්ලිරාජා විය හැකි බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වාර්තා කරයි.
ත්‍රස්තවාදී සංවිධානවල කළු සල්ලි සුදු කිරීමේ චෝදනාව මත රටවල් ගණනාවක් ලයිකා මොබයිල් ආයතනයට ව්‍යාපාර කටයුතු සඳහා අවස්ථාව ලබා දෙන්නේ නැති අවස්ථාවක, ස්වර්ණවාහිනිය ඇතුළු EAP සමූහය ඉතාම ආන්දෝලනාත්මක ගනුදෙනුවක් මගින් මිලයට ගත් එංගලන්තයේ සිට ක්‍රියාත්මක වන ලයිකා මොබයිල් ආයතනය යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට රු. මිලයන 740 ක් වියදම් කර නවීන පහසුකම් සහිත ගොඩනැඟිල්ලක් ලබා දීමට ද සූදානම් විය.
මෙම සංවර්ධන කටයුතු සඳහා මැදිහත් වී ක්‍රියා කරන්නේ 'ඥානම් පදනම' නම් රාජ්‍ය නොවන සංවිධානයකි. ඥානම් පදනම ආරම්භ කරන ලද්දේ ලයිකා මොබයිල් ආයතනයේ සභාපති සූභාෂ්කරන් අල්ලිරාජා විසිනි.
ස්වර්ණවාහිනිය ඇතුළු EAP සමූහය සඳහා දේශීය ආයෝජකයකු ලයිකා මොබයිල් ආයතනයට වඩා වැඩි ලංසුවක් ඉදිරිපත් කළ ද ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රබලයකුගේ මැදිහත් වීම මත අදාළ සමාගම් සමූහය ලයිකා මොබයිල් ආයතනයට අනුබද්ධ සමාගමකට මිලයට ගත හැකිවිය.
ලයිකා පරිපාලනය ආරම්භවූ සැනින් සුදේව නානායක්කාර ස්වර්ණවාහිනීයේ නාලිකා ප්‍රධානී ලෙස පත්කළ අතර පසුව ඔහු ජනාධිපති ගෝඨාභය ගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්කෙරින. මේ සියල්ල පිටුපස ඇත්තේ සම්පූර්න ව්‍යාපාරික අවශ්‍යතාවයන්ය.
මේ තිරුපති ගමනට යොදාගත් ගුවන් යානය පසුගිය දෙසැම්බර් 10 වැනිදා ඉන්දියාවේ සිට කටුනායකට පැමිණ ඇති අතර එදිනම යලි කටුනායක සිට කෙන්යාවේ ජෝමෝ කෙන්යාටා ගුවන් තොටුපලට පියාසර කර ඇත. 13 දා මලාවි හි මහාරි මසුරි සෆාරි කඳවුරට ද , ඉන්පසු 14 දා ජෝමෝ කෙන්යාටා ගුවන් තොටුපලේ සිට කෙන්යාවෙ බුකෝබා ගුවන්තොටුපලටත් එතැන් සිට ටැන්සානියාව දක්වාත් පිටත් ව ඇති අතර 15 ටැන්සානියාවේ සිට උගන්ඩාවේ කම්පාලා බලා පිටත් ව පසුව කම්පාලා සිට රත්මලානට පැමිණ තිබේ. දෙසැම්බර් 16 දා රත්මලානට පැමිනි පසු දෙවරක් කොචින් සහ චෙන්නායි බලා ගුවන් ගමන් පිටත් වූ යානය යළි කොළඹ පැමින 23 දා තිරුපති වෙත ගමන් කරන අතර 24 වැනිදා නැවත ලංකාවට පැමින 27 දා නව දිල්ලියේ ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපල දක්වා ගොස් ඇත.
යානය කොළඹ සිට කෙන්යාවට යන්නේ කෙන්යාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කනා වී කනනාතන් ගේ දැනුවත් භාවයෙනි. එහිදී කනනාතන් අප්‍රිකානු රටවල් ගණනාවක සංචාරය කරමින් ඉතා සැක සහිත ගනුදෙනු රැසක නියැලී ඇත. ශ්‍රී ලංකාවේ සිට රාජපක්ෂලාට අයත් මැණික්, රත්‍රන් සහ විදේශ මුදල් විශාල ප්‍රමාණයක් නීත්‍යාණුකූල නොවන ලෙස රටින් පිට කිරීමට මෙම යානය යෙදාගෙන ඇති අතර අදාල කාර්ය අවසානයේ මහින්ද රාජපක්ෂගේ තිරුපති සංචාරයට යොදාගෙන ඇත. කනා වී කනනාතන් ද මහින්ද සමග තිරුපති සංචාරයට එක්විය.
මේ සම්බන්ධයෙන් අගමැති මහින්දගේ කාර්ය මණ්ඩල ප්‍රධානී දෙටු පුත් යෝශිත රාජපක්ෂ “ද මෝර්නිං” පුවත්පතට කියා ඇත්තේ මෙම ජෙට් යානය තාත්තාගේ මිතුරකු විසින් නොමිලයේ ලබා දුන් බවත් එම මිතුරාගේ නම තමා නොදන්නා බවත්ය.
ජීවිතයේ අවසන් මාස කීපය ගෙවන චෞර නායක මහින්ද ජනවාරියේ බරපතල සැත්කමකට ලක්වීමට නියමිත අතර එය බොහෝ තීරණාත්මක එකක් වනු ඇත. බොහෝ විට තාවකාලික අගමැති ලෙස බැසිල් පත්කිරීමේ සූදානමක්ද ඇත්තේ සැත්කමින් පසු මහින්ද ගේ ඉරණම තීරණය වනු ඇති බැවිනි.
කනා වී කනනාතන් අප්‍රිකානු සංචාරය අතරතුර අදාල ගුවන් යානයේදී ගත් සේයාරූ සහ තිරුපතිහි දී මහින්ද සමග සිටින සේයාරූ මෙහි දැක්වේ.
---------------------------
by (2021-12-29 09:37:09)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි