(ලංකා ඊ නිව්ස් -2022.පෙබ.27, ප.ව.2.45 -දෙවන සංස්කරණය ප.ව.6.45) යුක්රේන රජයේ ඉල්ලීම පරිදි රුසියානු රජය සතු ප්‍රධාන මාධ්‍ය ආයතනයක් වන RT හි ජංගම යෙදුම යුක්රේනියානු භූමිය තුල බාගත කිරීම ගූගල් සමාගම විසින් තහනම් කර ඇත.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියානු RT පුවත් නාලිකාව මෙන්ම අනෙකුත් රුසියානු වෙබ් අඩවි, යෙදුම් සහ යූ ටියුබ් වීඩියෝ ආදිය හරහා ගූගල් ඇඩ් සෙන්ස් මගින් විකාශිත දැන්වීම් මගින් මුදල් ලැබීම ද නැවැත්වීමට ගූගල් සමාගම පියවර ගෙන තිබේ.
එම පියවරම ෆේස් බුක් සමාගම ද ගෙන ඇත.
මේ වන විට ජාත්‍යන්තර බැංකු ගණුදෙනු සිදුකරන රුසියාවට අදාල SWIFT ඛේතය ද සියළුම බටහිර රටවල් විසින් තහනම් කර තිබේ.
මේ අතර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආරක්ෂක කමිටු සාමාජිකයෙකු ප්‍රකාශ කර සිටියේ යුරෝපයේ සහ බටහිර රටවල සිටින තානාපතිවරුන් ඇතුළු වෙනත් රුසියානු ජාත්‍යන්තර සේවා වල නියුතු රාජ්‍ය නිලධාරීන් තම රටවලින් පිටමං කිරීමට ඉතාම ඉක්මනින් තීන්දුවක් ගන්නා බවත් ලෝකයාගෙන් පුටින් තනිකළ යුතු බවත් ය.
අද උදෑසන වනවිට රුසියානු දේශ සීමාව ආසන්නයේ ඇති යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් Kharkiv නගරයට රුසියානු හමුදා ඇතුළු වී තිබේ. දරුණු වීදි සටන් සිදුවෙමිත් ඇත. කාර්කිව් නගර පාලනය තවමත් යුක්රේනය සතුව තිබෙන බව කාර්කිව් නගරාධිපතිවරයා කියයි කාර්කිව් නගරයෙන් පිටත ගෑස් නල මාර්ගයක් රුසියානු හමුදා විසින් පුපුරුවා ඇති අතර ඉන් නොනිමෙන ගින්නක් හට ගෙන තිබේ. ඉන් විශාල පරිසර විනාශයක් සිදුවෙමින් විෂ දුම් වා තලයට මුසු වෙමින් පවතින අතර යුක්රේන අගනගරය කිව් අසල වැසිල්කිව් හි තෙල් ගබඩාවක් ද රුසියානු මිසයිල ප්‍රහාරයකින් විනාශ වී ගිනි ගනිමින් තිබේ. ගැටුම් වලට මැදි නොවී අසල රටවලට පලා යන යුක්රේන සරණාගතයන් පිරිස 365000 ඉක්මවා ඇතැයි ඒජන්සි වාර්තා කියයි
---------------------------
by (2022-02-27 13:20:02)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි