~

ලංකාව නූගත්, අනුකම්පා විරහිත, මාෆියා කල්ලිකට යටත් වී ඇත..!

-තුෂාර දේශප්‍රිය වන්නිආරච්චි ලියයි

(ලංකා ඊ නිව්ස් -2022.මාර්තු. 02, ප.ව.8.05) තුන්වැනි ලෝකයේ රටවල් එදිනෙදා මුහුණදෙන බොහෝ ගැටළු වලට එක් හෙතුවක් නම් එම රටවල ආයතන පද්ධතිය හා සමාජය අධික ලෙස දූෂණය වී තිබීමයි. එය ලෝකයේ දියුණු බටහිර රටවල් කිහිපයක් හැරුණුකොට සෑම සමාජයකම පාහේ වසංගතයක් ලෙස පැතිර ගොස් තිබේ. ඇතැම් රටවල් කොයිතරම් දූෂිතද යත් එම රටවල් පාලනය කරනුයේ මාෆියා කණ්ඩායම් විසිනි. විශේෂයෙන් අප්‍රිකානු රටවල් හා ලතින් ඇමරිකානු රටවල් එහි පෙරමුණ ගනී. 

වැනිසියුලාව සහ හයිටිය..

දූෂණය මුල් කොටගෙනම විනාශ වූ රටවල් දෙකක් වන්නේ වැනිසියුලාව හා හයිටියයි. මෙම රටවල් දෙකෙහිම ඇත්තේ අරාජික තත්ත්වයකි. මේවායේ නීතියාණුකූල ආණ්ඩුවක් නැත. හයි හත්තිය ඇති අය එම සමාජය මංකොල්ලා කමින් තිබේ. විශේෂයෙන් අධික තෙල් සම්පතින් අනූන වැනිසියුලාවේ අද තෙල් පොළොවෙන් මතු පිටට ගැනීමට ද නොහැකිය. එයට හේතුව අතරමැදි රාජ්‍ය යාන්ත්‍රණයේ හා සේවකයින්ගේ කප්පම ගෙවූ පසු තෙල් මිල ලෝක වෙළඳ පොලට වඩා විසි ගුණයකින් පමණ ඉහල යාමයි. එසේම රජයේ කටයුතු සඳහා සම්බන්ධීකරණයක් පවත්වා ගත නොහැකි අතර රට නැවතී තිබේ. නීත්‍යාණූකුල ආණ්ඩු දෙකක් ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණ දෙකක් තිබේ. නමුත් රටේ වතුර නැත. විදුලිය නැත. කෑම නැත. සියල්ල මාෆියාකරුවන්ට යට වී තිබේ. කොටින්ම අර්තාපල් කිලෝවක් ගැනීමට මුදල් නෝට්ටු කිලෝ කිහිපයක් දෙන තරමට උද්ධමනය ඉහල ගොස් තිබේ.

ලංකාව ද වේගයෙන් වැනිසියුලාව හයිටිය කරා..

දැන් ශ්‍රී ලංකාව ද ඉදිරි මාස කිහිපය ඇතුළත එම තත්ත්වයට පත්වීමට තරම් අවශ්‍ය සාධක අඩු වැඩි වශයෙන් වර්ධනය වෙමින් තිබේ.  අතීතයේදී ලංකාවේත් ආසියාවේත් තත්ත්වය එතරම් නරක වූයේ නැත; අයහපත් වූයේ නැත. මන්දයත් යුරෝපීය පාලකයින්ගෙන් ආසියානු සමාජය මෙන්ම ලංකාවේ සමාජය ද , සමාජ ආයතන පවත්වාගෙන යා යුතු ආකාරයත් ඒවාට ගරු කිරීමටත්, බියවීමටත් ඉගෙනගත් අතර නීතියේ ආධිපත්‍ය හා එහි ප්‍රතිඵල ගැන අවබෝධයක් තිබිණ. එම නිසාම රාජ්‍ය හා ආණ්ඩුකරණය දෙස ගැඹුරින් බැලීමටත්, එය තම සමාජයේ බරපතල කාරණාවක් බවටත් පිලිගැනීමක් තිබිණ. එමනිසා එළිපිට දූෂණයේ හා වංචාවේ යෙදීමට බියක් දැක්වූහ. ඉඳහිට කවුරුන් හෝ එය එළිපිට කරන්නේනම්, ඒ අපරාධකාරයෙක්ම විය.

එමනිසා ලංකාවේ දේශපාලකයෝ, නිලධාරීන් මෙන්ම පොදු ජනතාවද වංචාව, දූෂණය, රාජ්‍ය දේපල අයුතු පරිහරණය බරපතල වරදක් ලෙස සැලකූහ. එය කවුරුන් හෝ සිදුකරන්නේනම්, සිදුකරන ලද්දේ හොරෙනි. වැනිසියුලාවේ මෙන් එළිපිට එවැනි දෑ සිදුනොවිණි. කවුරුන් හෝ එවැනි කටයුතුවල යෙදුනි නම් කනින් කොනින් මිනිසුන් ඉතා වේගයෙන් තොරතුරු ලබා ගත් අතර රහසක් ලෙස රැකීම ඉතා අපහසු විය. සමහර අවස්ථාවල එවැනි හත් මුතු පරම්පරාවල්ම එම අපහාසයෙන් මිදුනේ නැත. 

පෙර සිටි දූෂිතයන්ගේ කුඩා සිහින..

අනිත් අතින් එවැනි කටයුතුවල යෙදෙන්නන්ගේ බලාපොරොත්තුව වූයේ එසේ උපයන අයුතු ධනයෙන් දරුවන්ට ඉගැන්වීම, ඉඩමක් කඩමක් ගැනීම, කොළඹ හෝ ගමේ ගෙයක් සෑදීම, වාහනයක් ගැනීම වැනි ප්‍රාථමික කාරණාය. 

රාජපක්ෂ පවුල බලයට පත්වනතුරු ලංකාවේ ජාත්‍යන්තර මට්ටමේ අයුතු ධනවතුන් නොවීය. දේශපාලකයෝ හෝ නිලධාරීන් මුහුදු හතක එහා ධන කුවේරයන් වීමට උත්සාහ නොකළහ. ලංකාවේ අයුතු ලෙස ධනවත් වූ බොහෝ දෙනා සාපෙක්ශව බටහිරදී හෝ ඇමරිකාවේදී සාමාන්‍ය හුදී ජනයා ය. මන්ද එම ධනය එම රටවලදී සොච්චමකි. අනිත් අතින් රට තුළ සොරකම් කිරීමට තරම් ධනයක් ද නොවුනි. එනම් තේ, පොල්, රබර් විකුණා උපයන ලද ධනය ඇඟලුම් හෝ පිටරට වැඩකරන කාන්තාවන්ගේ ධනය හැරුණු කොට ලංකාව ඉතාම අඩු බදු අදායම් සහිත කුඩා ආර්ථිකයක් හිමිව තිබූ රටකි. 

රාජපක්ෂලා බලයට පත්වීමට ප්‍රථම ලංකාවේ සිදුකළ විශාල වැඩ සටහන මහවැලි වැඩ සටහනයි. එයින් ධනවත් වූ බොහෝ ඉංජිනේරුවෝ හා දේශපාලකයෝ අද ද දුම්රිය බස් වල ගමන් බිමන් යනවා අපට හමු වී තිබේ. අවසානයේ ඔවුන්ට උරුම වුයේ හොඳින් ඉගනගත්, බොහෝ විට පිටරට පදිංචි දරුවන් හා විශාල ගෙවල් දොරවල් පමණි.

රාජපක්ෂ පවුල බලයට පත්වීමෙන් පසු..

නමුත් 2005 වර්ෂයේදී රාජපක්ෂ පවුල බලයට පත් වූ පසු මෙම තත්ත්වය වෙනස් වුයේ විදුලි වේගයෙනි. ලංකාවේ තිබූ හම්බ කරන් කෑ ආර්ථිකය චීන ගිනි පොලි ණය මත යැපෙන ආර්ථිකයක් බවට පත් කළේය. චීන ණය ආර්ථිකයේ ප්‍රමාණය විශාල කළ අතර රට අභ්‍යන්තරයට ණය ලෙස ධනය ගලා ආවේය. රටේ නිලධාරීන් ආයතන හා නීති රීති ක්‍රමවේදයන් සියල්ල චීන ණය ලබා ගැනීමට අදාළ ලෙස ලිහිල් විය. ඊට සාපේක්ෂකව රාජපක්ෂ පවුල රටේ සියලුම මර්මස්ථාන තම  නෑ පරපුරෙන් පුරවනු ලැබීය. ඒ බොහෝ දෙනාගේ නිජ බිම වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. අප දන්නා කියන ජාලිය, ගෝඨාභය, බැසිල්, වීරතුංගට අමතරව නොදන්නා බොහෝ රාජපක්ෂ නෑ සියන් රාජ්‍ය යාන්ත්‍රණයේ හැමතැනම අදටත් සිටිති. විශේෂයෙන් සියලුම ආර්ථික හා ආරක්ෂක මර්මස්ථානයන්හී බලවතුන් මෙන්ම අවශේෂයන් වූයේ ද රාජපක්ෂ නෑදෑයන් හෝ ඔවුන්ගේ අත වැසියන්ය.

රාජපක්ෂලාගේ ෆැන්ටසීන් වෙනස් විය..

ඔවුන්ගේ ෆැන්ටසීන් වෙනස්ය. ඔවුන්ට ධනවත් වීම යනු ලංකාවේ ග්‍රාමීය උගතුන්ගේ නිලධාරීන්ගේ හා දේශපාලකයින්ගේ අර්ථයෙන් මෙන් ගෙවල් සෑදීම, කාර් ගැනීමේ අර්ථයෙන් එහාට ගිය විශාල වැඩසටහනකි. ඔවුන්ගේ ලෝකයේ ධනවතුන් වුයේ බිල් ගේට්ස්, වොරන් බෆාටා, ටිගර් වුඩ්ය. ඩොලර් බිලියන ගණනින් යුතු ගුවන් යානා කිහිපයක් හිමි, නැව් ගෙදර පිටුපස මිදුලට එන, ලුවී විටෝන් අඳින පළ‍ඳින රියදුරන් සිටින ධනවතුන්ය. එවැනි ධනවතුන්ට ඇමෙරිකාවේ ග්‍රාමීය ප්‍රදේශ වල අක්කර ලක්ෂයේ දෙකේ ඉඩම් කඩම් ඇති අතර ඒවායේ සත්ත්ව පාලනය කරනුයේ නිදහසේය. එනම් ලංකාවේ කැලෑවල වල් ඌරන් හැදෙනා ආකාරයටය.

ඉතින් රාජපක්ෂ රෙජීමයේ සියලුම දෙනාට අවශ්‍ය වුයේ එවැනි ධනවතුන් වීමට ය. ඔවුන් මුදල් හොරකම් කරන ලද්දේ එසේ වීමටය. ඔවුන්ගේ සියල්ල තිබුනේ ඇමෙරිකාවේ ය. ලංකාව ඔවුන්ගේ ගොදුරු බිමයි. නැතිනම් රස්සාව කරපු තැනයි.‍

රට අඳුරෙන් අඳුරට යද්දී රාජපක්ෂලා වේගයෙන් තම අරමුණ කරා..

රටේ ආර්ථිකයට හා සමාජයට මෙම තත්ත්වය දරා ගැනීමට නොහැකි වූ අතර අද අප මුහුණ දෙන අමාරුකම් එහි ප්‍රතිඵලය ය. රාජපක්ෂ පාලනය තුළ ඉහල අයට වොරන් බෆට් මෙන් ධනවතුන් වීමට අවශ්‍ය වූ අතර පහලම අයට කොළඹ ධනපතියන් වීමට අවශ්‍ය විය. එම රාජ්‍ය පාලනයේ අරමුණ වූයේ තරඟයට රෙජීමයේ සියලුමදෙනාම ධනවත් වීමය. ධනවත් වීම යනු මෙකල බලවත් බවේ සංකේතයයි.

රාජපක්ෂලාගේ පාලන කාලය තුල ලංකාවේ සියලුම දක්ෂයින් හොරු බවට පත් කළ අතර රට හපයක් විය. රාජපක්ෂලා සියල්ලම පාහේ වොරන් බෆට් මෙන් හෝ ඒ ආසන්නයට ම ආවේය.

අවාසනාවකට ලංකාවේ ජනයා ඔවුන්ට දෙවන වටයක් ද ලබා දුන් නිසා ලංකාව  අඳුරෙන් අඳුරට යද්දී  රාජපක්ෂලා ඔවුන්ගේ ඉලක්කය කරා වේගයෙන් ළඟා වනු ඇත. අද පවතින අර්බුදය රාජපක්ෂලා විසින් නොවිසඳන්නේ අර්බුදයෙන් ඔවුන් ට ඉක්මනින් හරි හම්බ කර ගත හැකි නිසා ය. ඊට සාක්කි ද සහිත තවත් ලිපියකින් හමුවෙමු. 

-තුෂාර දේශප්‍රිය වන්නිආරච්චි

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/93

---------------------------
by     (2022-03-02 14:40:03)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links