-NetBlocks නිරීක්ෂකයෝ කියති
(ලංකා ඊ නිව්ස් -2022.අප්‍රේල්.03, පෙ.ව. 5.20) 2022 අප්‍රේල් 3 ඉරිදා මධ්‍යම රාත්‍රියෙන් පසු ශ්‍රී ලංකාව තුළ Facebook, Twitter, WhatsApp, Viber සහ YouTube ඇතුළු බහු සමාජ මාධ්‍ය වේදිකා සීමා කර ඇතැයි NetBlocks සංවිධානය තහවුරු කරයි. ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පුලුල්ව පැතිරී ඇති විරෝධතාවලට එරෙහිව ඇඳිරි නීතිය පනවා රජය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මෙය සිදුකර තිබේ.
NetBlocks යනු ඩිජිටල් අයිතිවාසිකම්, සයිබර් ආරක්ෂාව සහ අන්තර්ජාල පාලනය යන ක්ෂේත්‍ර වල වැඩ කරන ගෝලීය අන්තර්ජාල නිරීක්ෂකයන් වෙති. ස්වාධීන සහ පක්ෂග්‍රාහී නොවන, NetBlocks සැමට විවෘත ඩිජිටල් අනාගතයක් සඳහා වෙහෙසෙන සංවිධානයකි. ලංකාව අරභයා ඊයේ රාත්‍රී නිකුත් කළ නිවේදනයේ ඔවුන් මෙසේද කියයි
ශ්‍රී ලංකාව පුරා ස්ථාන 100 කට අධික ප්‍රමාණයකින් රැස් කරන ලද තත් කාලීන ජාල දත්ත (Real-time network data) මගින් පෙන්නුම් කරන්නේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අන්තර් ජාල සේවා සැපයුම්කරුවන් හරහා ක්‍රියාත්මක වන සේවාවන්හි සීමාවන් පෙන්නුම් කරන බවයි. Dialog, Sri Lanka Telecom, Mobitel, Hutch ඇතුළු ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රධාන අන්තර් ජාල සැපයුම්කරුවන් අප නිරීක්ෂයන්ගෙන් ආවරණය වූ අතර රට පුරා සේවා නොමැති බව පිළිබඳ අපගේ පරිශීලක වාර්තා මගින් සනාථ කරයි. සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් බලපෑමට ලක් වූ සමාජ මාධ්‍ය සහ පණිවුඩකරණ වේදිකා අතර Facebook, Twitter, YouTube, Instagram, TokTok, Snapchat, WhatsApp, Viber, Telegram සහ Facebook Messenger ඇතුළත් වේ.
නොසන්සුන්තා ඇති අවස්ථාවලදී රටපුරා සමාජ මාධ්‍ය සීමා පැනවීමේ ඉතිහාසයක් ශ්‍රී ලංකාවට ඇත. මෙම අවස්ථාවෙහි සීමා කරන ලද වේදිකා ලැයිස්තුව බලධාරීන් විසින් පනවන ලද පෙර ජාතික සමාජ මාධ්‍ය තහනම් කිරීම් වලදී භාවිතා කරන ලද ලැයිස්තුවට බොහෝ දුරට අනුකූල වේ.
මීට පෙර, විරෝධතා ආරම්භයත් සමඟම මාර්තු 29 සිට අන්තර්ජාල සැපයුම්කරු ඩයලොග් හි සම්බන්ධතා මට්ටම්වල සැලකිය යුතු අඩුවීමක් NetBlocks විසින් නිරීක්ෂණය කරන ලදී.
රජය විසින් පනවන ලද අන්තර්ජාල සීමාවන්ට එරෙහිව VPN සේවා භාවිතයෙන් වක්‍රව සමාජ ජාල වේදිකා වෙත ප්‍රවේශ විය හැක. මෙය ලියන අවස්ථාවේදී තහනම අර්ධ වශයෙන් ක්‍රියාත්මක වීම හේතුවෙන් සමහර සේවාවන්හි ජංගම යෙදුම් මගින් (mobile app versions) ඇතැම් උපාංගවලින් ප්‍රවේශ විය හැකිව පැවතුනි.
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ රැස්වීමේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම්වලට සිදුකරන අසමාන බලපෑම සැලකිල්ලට ගෙන, විරෝධතාවලට එරෙහිව සමාජ මාධ්‍ය වේදිකා සීමා කිරීමට විරුද්ධව ක්‍රියා කිරීම NetBlocks නිර්දේශ කරයි.
NetBlocks හි නිරීක්ෂණ වාර්තාවක පිටපතක් මෙහි දැක්වේ
---------------------------
by (2022-04-03 00:18:25)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි