-චන්ද්‍රප්‍රදීප් ලියයි
(ලංකා ඊ නිව්ස් - 2022.අප්‍රේල්.16, පෙ.ව.6.40) ජනතා විරෝධය හමුවේ පදිංචි නිවස අතහැර යෑමට සිදුවූ ද, අද වන විට ජනතාව කඳවුරු ලා සිටින බැවින් අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීමට පවා තම කාර්යාලයටවත් පය ගැහීමට නොහැකි වූ ද, ඇටන්ඩන් ඥානක්කාගේ නන්දසේන ජනාධිපතිකාරයා (නන්දසේන තමන්ගේ ජනාධිපති ලෙස ජනතාව දැන් සලකන්නේ නැති අතර නන්දසේන ජනාධිපති සේ සලකන්නේ අනුරාධපුරේ ඥානවතී නම් මානසික රෝගී පැන්ෂන් ගිය කනවැන්දුම් ඇටන්ඩන් පමණි) ගාලු මුව දොර රොද බැඳ සිටින ජනතාව තමාට හිතවත් හමුදා සහ පොලිස් ඛණ්ඩ යොදවා විසිරුවා හැර එම ස්ථානය 'ශුද්ධ' කිරීමට සැලසුම් කර තිබේ. ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වන අන්දමට සැලසුම මෙසේය.
ගාලු මුව දොර 'ගෝටා ගෝ ගම' නමින් පවතින දැවැන්ත නොනවතින අරගලයේ සමීප බුද්ධි තොරතුරු ලබා ගැනීමට (ඊයේ) 15 දා රාත්‍රියේ පමණක් යොදවා තිබූ එස්අයිඑස් රාජ්‍ය බුද්ධි සේවයේ පිරිස 60 කි, සිවිල් ඇඳුමින් සැරසුනු එස්ටීඑෆ් බුද්ධි නිලධාරීන් පිරිස 80 කි, යුද හමුදා බුද්ධි නිලධාරීන් පිරිස 200 කි. මෙම අරගලයේ ස්වාධීන නායකත්වය ගෙන ඉන්නේ කවුරුද? ආධාර උපකාර කරන්නේ කවුරුද? ආදී තොරතුරු ඔවුන් විසින් ලබා ගෙන තිබේ. ඔවුන්ගේ තොරතුරු අනුව ඊයේ දිනයේ පමණක් ලක්ෂ 2 කට අධික ජනතාවක් 'ගෝටා ගෝ ගමට' වරින්වර පැමිණ තිබේ.
ඉන්පසු තත්ත්වය ගැන තක්සේරුවකින් පසු 16 දා එනම් අද එම ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට යයි. කිසිදු වාහනයකට ඇතුළු වීමට ඉඩ නොදෙනු ඇත. ඒ සමගම ගාලු මුවදොර විරෝධයට සහාය පළකරමින් වෘත්තීය සමිති ඇරඹීමට නියමිත විරෝධතාවය ද හදිසි නීති, අත්‍යාවශ්‍ය සේවා නීති ආදිය පනවා මර්දනය කෙරෙනු ඇත.
දැවැන්ත හමුදා සහ පොලිස් බලයක් යොදවා විරෝධතා කරුවන් ඉවත් කර ගෝටා ගෝ ගම 'ශුද්ධ' කිරීමට නියමිත වන්නේ 17 ඉරිදා දිනයේ දී ය. බොහෝ විට එය රාත්‍රියේ හෝ පාන්දර සිදුවනු ඇත.
දැනට පැට්‍රෝල් ඇති පමණ රටේ තිබුනද ඒවා වාහන වෙත ලබා දීම සීමා කර තිබෙන්නේ ජනතාව ගාලු මුවදොර විරෝධයට සහභාගීත්වය අවම කිරීමට ය. 4G දත්ත සැපයුම ද අඩාල කර ඇත්තේ ඒ සඳහා ය.
ඉන්පසු 18 දා විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාස භංගයේ දී තමන්ට 113 තිබෙන බව පෙන්වා ආණ්ඩුවත් ජනාධිපතිකාරයාත් ශක්තිමත් බව ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.
මේ මර්දනයට සමගාමීව අරගලය අල කිරීම සඳහා වෙන වෙන මෙහෙයුම් ද සැලසුම් කර තිබේ. ඉන් එකක් නම් අරගලකරුවන් අතර මත්ද්‍රව්‍ය ඇතැයි කියා තමන්ම යෙදැවූ එවැනි අය අත් අඩංගුවට ගෙන ඒවාට ප්‍රචාරය ලබා දීමය. බිහිසුනු එක නම් අරගලයට එරෙහිව ආණ්ඩුව වෙනුවෙන් ප්‍රකෝපකාරී ලෙස භඬ නඟන භික්ෂුවක හෝ ගිහි ප්‍රධානියකු ඝාතනය කොට එහි වගකීම විරෝධතාවයේ නිරත තරුණයන් හට පවරා එය මර්දනයට හේතුවක් කර ගැනීමයි. එම දෙවන සැලසුම මරාගේ යෝජනාවක් වූ අතර මෙතෙක් නන්දේ ඊට අනුමැතියක් දී නැතැයි ද කියයි.
කෙසේ වෙතත් ජනතා විරෝධය පැන නැගුනේ ජනතාවට කහනවාට නොවේ. ජනතාවට අත්‍යාවශ්‍ය දෑ සැපයීමට ගොබ්බ ගෝටාණ්ඩුව අසමත් වූ නිසා ය. මේ ගොබ්බ චෞර පවුල අද ඒ විරෝධතා නැති කරන්නට යන්නේ ජනතාවගේ අත්‍යාවශ්‍ය දෑ සැපිරීමෙන් නොව මර්දනයෙනි. ජනතාවට ඇත්තේ එකම එක විසඳුමකි. ඒ මෙතෙක් මේ විරෝධයට සහභාගී වූ ප්‍රමාණයට වඩා දස ගුණයකින් තම සහභාගීත්වය වැඩි කිරීමෙන් සහ මෙවැනි අඛන්ඩ විරෝධතා ස්ථාන රට පුරා තවත් පැටව් ගැස්සවීමෙන් පමණි.
සැබෑ ජන අරගල වලට විසඳුම මර්දනය යයි සිතන්නේ, පැන්ෂන් ගිය කපටි ඇටන්ඩන් කනවැන්දුම් ගැහැණියක් තමාට යකින්නියන් වැහී සිටිනවා යැයි කියමින් දොඩවන මානසික රෝගී බහුබූත මහා ඉහලින් උපදේශ සේ සලකමින් රටක් පාලනය කිරීමට ගොස් ඒ අපූරුවට තිබූ රට බංකොලොත් රටක් බවට පත් කළ නන්දසේන නම් ගොබ්බ ජනාධිපතිකාරයාත්, තමන් කවදා හෝ රජ වෙනවා යැයි ඒ ගැහැණියම දුන් ලණුවක් ගිල හැසිරෙන ශවේන්ද්‍ර නම් ගොබ්බ හමුදාපතිකාරයාත්, දේශබන්ධු වැනි පොලිස් කඩමාල්ලෝත් පමණි.
නන්දේ සව්වෝ වේසබන්ධුවෝ එහෙනම් ජනතාව සමග හැප්පිලා බලමු..!
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/54
---------------------------
by (2022-04-16 01:13:03)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි