~

ගෝටාගේ ලේ වැගිරීමට පෙර බැසිල් රටින් පනී..! පුද්ගලික ජෙට් යානය මෙන්න..!

-මාණ්ඩලික වාර්තාකරුවෙක් ලියයි

(ලංකා ඊ නිව්ස් -2022.අප්‍රේල්.16, පෙ.ව.8.45) හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ රටින් පැන යෑමට සියල්ල සූදානම් කර තිබේ. ඒ සඳහා ඔහුට කොරෝනා වැළඳී ඇතැයි ව්‍යාජ ප්‍රවෘත්තියක් ජනගත කර ඇති අතර මේ වන විට රාජපක්ෂලාගේ තොටිල්ලක් වන් ලංකා හොස්පිට්ල් රෝහලේ බොරුවට නැවතී සිටී. 

ඇමරිකාවේ ලියාපදිංචි කරන ලද N 750 GF වර්ගයේ පුද්ගලික ජෙට් යානයකින් පැන යෑමට සූදානම් කර ඇති අතර එය දැන් දින කිහිපයක් තිස්සේ රත්මලාන ගුවන් හමුදා කඳවුරු භූමියේ ඇති ගුවන් පථයක නවතා තිබේ. රත්මලාන ගුවන් තොටුපොල මෑතක දී රාජපක්ෂලා විසින් ජාත්‍යන්තර ගුවන් තොටුපොලක් ලෙස නම් කරන ලද්දේ ම ඔවුන්ගේ ආරක්ෂිත මෙන්ම රහසිගත ගුවන් ගමන් සඳහා භාවිතා කිරීමට ය.

ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වන අන්දමට බැසිල් ලංකා හොස්පිටල් සිට මෙම ගුවන් යානය දක්වා පැමිණ මෙම ගුවන් යානයෙන් රටින් පිටවීමට සූදානම් කර තිබී ඇත්තේ අද දිනයේ වුවද කිසියම් හේතුවක් මත එය හෙට දිනය දක්වා කල් දමා ඇත.

බැසිල් ඇමරිකානු පුරවැසියෙකි. ඔහු ලංකාවේ නීතියට ඉහලින් සිටිය ද ඇමරිකානු නීතියට යටත් ය. ගෝඨා අද හෙට සැලසුම් කර ඇති පරිදි ගාලු මුවදොර අරගලය ශුද්ධ කිරීමට යෑමේ දී ලේ වැගිරීමක් සිදුකළහොත් බැසිල් ඊට සම්බන්ධ නොවූ බව ඇමරිකාවට පෙන්වීම සඳහා ඊට පෙර බැසිල් රටින් පිටව යෑමට සැලසුම් කරන ලදැයි ඔහුට හිතවත් අය කියති. 

ගෝඨාභයගේ උපදෙස් මත ගාලු මුවදොර ශුද්ධ කිරීමේ පෙර පුහුණුවක් ද එස්ටීඑෆ් ශටයන් 200 ක් යොදා ගනිමින් රහසිගත කඳවුරක දී දින 2 ක් තිස්සේ සිදුකර තිබේ. 

මෙහි දැක්වෙන සේයාරුවේ ඇත්තේ 2015 දී රාජපක්ෂ ආණ්ඩුව ඇද වැටීමත් සමග බැසිල් හනි හනිකේම කටුනායක ගුවන් තොටුපලින් පැන ගිය අන්දම සහ N 750 GF වර්ගයේ පුද්ගලික ජෙට් යානයකි.

-මාණ්ඩලික වාර්තාකරුවෙකු විසිනි

 

---------------------------
by     (2022-04-16 03:31:08)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links