~

මැදමුලන වලව්ව ඉඩමේ ඩ්‍රැගන් ෆෘට් රකින්න නාවික හමුදාව..!

(ලංකා ඊ නිව්ස් -2022.ජුනි.07, ප.ව.4.45) ජුනි 9 දා ගිනි තබන ලද රාජපක්ෂ පවුලේ වීරකැටිය පිහිටි මැදමුලන වලව්ව හා අක්කර 28 ක් වන ඉඩම මුර කිරීම සඳහා 25 ක නාවුක හමුදා අනුඛණ්ඩයක් එහි ස්ථාපිත කොට ඇත.

මේ සඳහා නාවුක සෙබළුන්  තංගල්ල රුහුණ හා හම්බන්තොට කාවන්තිස්ස යන නාවුක කඳවුරු වලින් අනුයුක්ත කොට ඇත.

මේ සෙබළුන් වෙනුවෙන් ගිනි ගත් නිවස අසළ විශාල කූඩාරමක් ඉදිකර ඇති අතර ඔවුන්ට නිදා ගැනීම සඳහා ICU ඇඳන් ගෙනවිත් එහි තබා ඇත. 

මෙම ආරක්ෂාව මැදමුලනට සපයන්නේ ආරක්ෂාව භාර ඇමතිද වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්ම වීම විශේෂත්වයකි.

මැදමුලන වත්තේ පොල්, ඩ්‍රැගන් ෆෘට් හා එළවළු වගා කොට තිබේ. නාවුක සෙබළුන් රකින්නේ මෙම වගාවන්‍ ය.

---------------------------
by     (2022-06-07 11:19:35)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links