-සොල්දාදු උන්නැහේ ලියයි
(ලංකා ඊ නිව්ස් -2022.ජුනි.19, ප.ව.4.45) යුද හමුදාව යනු රටේ සෑම දෙනාම හිස නමා ආචාර කරන්නා වූ හා නිදහස් නිවහල් දේශයකට අත දෙන ජනතාව අගය කරන ආයතනයකි. එවන් වූ ආඩම්බරකාර ස්ථානයක සිටින්නා වූ සැවොම දේවත්වයෙන් සලකන්නේ අපේ රටේ ජනතාව පමණක් නොවෙති.
මෙම හමුදාව තුල ඉහලට යන නිලධාරීන් ගැන සොල්දාදු උන්නැහේ ද ආඩම්බර වෙයි. නමුදු ඉහලට යන නිලධාරීන් නිසා දුක්විඳින 'සෙබල වහලුන්' ගැන දන්නේ හමුදාවේ අභ්‍යන්තරය විනා අන් කවුරු ද.? හමුදාවේ ලුතිතන් කර්නල් නිලයේ සිට ඉහලට සෙබල වහල් සේවාව ලබා ගැනීම ආරම්භ වේ. එම වහල් සේවාව ඉහල නිලධාරියාගේ බිරිඳ ෂොපින් යද්දී තනියට සෙබල වහලා යා යුතුය. දුවගේ, පුතාගේ තනියට තවත් වහල් සෙබලෙකු යා යුතුය. නිලධාරියාගේ නිවස අතු පතු ගෑම, මල් වලට වතුර දැමීම, කිළුටු ඇඳුම් සෝදා වේලා නවා මැද තැබීම ආදී නිවසක මෙහෙකරුවෙකු, මෙහෙකාරියක කරන්නාවූ සියලු වහල්කම්, අහෝ, මෙම නිල ඇඳුම ලා ගත් ආඩම්බරකාර වහල් සෙබලා විසින් කරනු ලබයි. මෙහි ප්‍රධාන කරුණ නම් මේ හමුදා සෙබලා ද මහජන මුදලින් වැටුප් ගන්නා අයෙක් වන නමුත් ඔහු ඉටු කළ යුතු වහල් මෙහෙය මහජනතාව වෙනුවෙන් නොවීම ය.
බ්‍රිගේඩියර්ලා, ජෙනරාල්ලා වන විට වහලුන් ගණන තව වැඩි වේ. මේ නිලධාරීහු රටට ආදරය කරන නිලධාරීන් නම් කිසිදා මෙම වහල් සේවාව අනුමත නොකරති. මොවුන් කියන්නේ මෙම නිල ඇඳුම අඳින්නේ දුක්විඳලා කියාය. යුද්ධයක් නොමැති මෙම කාලයේ මොවුන් දුක් විඳින්නේ කුමක් අරබයා ද..? යුද සමයේ දුක්විඳි කර්නල්ලා, බ්‍රිගේඩියර්ලා, ජෙනරාල්ලා අද විශ්‍රාමිකයින් ය. සෙසු නිලයින් සැමදා අප්ප වාටි කකා සිටින පිරිස් විය යුතුද ? එසේ නම් ඔවුන්ටත් මේ කියනා සැප පහසුකම් දිය යුතු නොවේද ? ශවේන්ද්‍ර සිටි කාලයේ දී කිසිදු පහසුකමක් යුද හමුදාවට සලසා දුන්නේ නැත. නමුත් ඔහු තම අභිවෘද්ධිය නම් සලසා ගත්තේ ය.
අවසාන වශයෙන් කිව යුත්තේ වැඩවසම් යුගයේ මෙම 'සෙබල වහල් සේවය' දැන්වත් අවසන් කළ යුතුය.
---------------------------
by (2022-06-19 11:34:06)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි