-LeN අභ්‍යන්තර තොරතුරු සේවයේ වාර්තාවකි
(ලංකා ඊ නිව්ස් -2022.ජුලි.11, පෙ.ව.11.15) අරගලයේ නව ජනතා පරමාධිපත්‍යය බලය හමුවේ පරාජය පිළිගෙන පළාගොස් සිටින නමුත් මෙතෙක් තම නිල ඉල්ලා අස්වීම බාර නොදුන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිකාරයා සැඟව සිටින ස්ථානය ත්‍රිමලයේ නාවික හමුදා කඳවුරේ 'නේවි හවුස්' එක බව ඊයේ (10) ලංකා ඊ නිව්ස් විසින් හෙළිදරව් කිරීම නිසා හෝ වෙනයම් හේතුවක් නිසා හෝ අද (11) උදෑසන ගෝඨාභය සහ පවුල ත්‍රිමලය කඳවුරේ සිට පිටත් වූ හෙළිකොප්ටර් යානා දෙකකින් කොළඹ බලා පිටත් වූහ.
ගෝඨාභයගේ පැමිණීම බලාපොරොත්තුවෙන් රත්මලාන ගුවන් කඳවුර සූදානමින් සිටි අතර මීට පැය භාගයකට පමණ පෙර ගෝඨාභය සහ පවුල රැගත් හෙළිකොප්ටර රත්මලාන ගුවන් කඳවුරට ලඟා විය.
මේ වන විට ගෝඨාභය රත්මලාන ගුවන් කඳවුරේ සිටින අතර ඔහු හමුවීමට ත්‍රිවිධ හමුදා නායකයන් සහ තවත් උසස් ආරක්ෂක නිලධාරීන් පිරිසක් එහි පැමිණ සිටිති.
ඔහු රත්මලානෙන් යන්නේ කොහේදැයි තවමත් නිශ්චිත නැත.
ජාතික ධනය මහා පරිමාණයෙන් කොල්ල කා මාතෘභූමිය බංකොලොත් කළ රාජපක්ෂලාට නිකම්ම පැන යෑමට ඉඩනොදිය යුතුය. ඔවුන් අල්ලා නීතිය ඉදිරියට පමුණුවා කළ වැරදි වලට දඬුවම් ලබා දිය යුතුම ය.
---------------------------
by (2022-07-11 06:05:57)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි