-LeN අභ්‍යන්තර තොරතුරු සේවයේ වාර්තාවකි
(ලංකා ඊ නිව්ස් -2022.ජුලි.11, ප.ව.1.30) රත්මලාන ගුවන් කඳවුරේ සිටින ජනතාව බලයෙන් පහකළ ගෝටාබය ජනාධිපතිකාරයා සහ පවුල තව පැය භාගයකින් පමණ කටුනායක ගුවන් තොටුපල බලා හෙළිකොප්ටරයකින් පිටව යෑමට නියමිත අතර ඉන්පසු කටුනායක නවතා ඇති ගුවන් හමුදාවට අයත් AN 32 මගී ප්‍රවාහන ගුවන් යානයකින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට සියල්ල සූදානම් කර තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් AN 32 වර්ගයේ ගුවන් යානා 4 ක් ඇති අතර එම ගුවන් යානා වලට වරකට ගමන් කළ හැකි උපරිම දුර කි.මී. 2500 කි. කටුනායක සිට ඩුබායි අතර ගුවන් දුර කි. 3290 කි. ඒ අනුව ගෝටාබය ලංකාවේ සිට ප්‍රථමයෙන් පළා යන්නේ ආසන්න රටකට වන අතර ඉන්පසු අවසන් ගමනාන්තයක් කරා යනු ඇත.
ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට මේ වන විට ඔහු සිය ඉල්ලා අස්වීමේ ලියුම කතානායකවරයා වෙත බාර දී තිබේ.
ගෝටා ඊයේ(10) රාත්‍රී අවසන් වරට සිය ආරක්ෂක මණ්ඩලය සූම් තාක්ෂනය ඔස්සේ රැස්කරන ලද නමුත් ඔහුගේ බොහෝ යෝජනා වලට ආරක්ෂක මණ්ඩල සාමාජිකයන් එකඟ වී නැත. අනතුරුව ඔහු එකිනෙකා සමග වෙන්වෙන්ව තනි තනිව සාකච්ඡා කර ඇති අතර අනෙක් අයට ලොග්අවුට් වෙන්න යැයි පවසා ඇත.
ගෝටාබය නින්දනීය ලෙස අද රටින් පිටත්ව යෑමේ ක්‍රියාවලියට ඊයේ(10) ආරක්ෂක මණ්ඩල රැස්වීම දැඩි සේ බලපා ඇති බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වේ.
කෙසේ වෙතත් ජාතික ධනය මහා පරිමාණයෙන් කොල්ල කා මාතෘභූමිය බංකොලොත් කළ රාජපක්ෂලාට නිකම්ම පැන යෑමට ඉඩනොදිය යුතුය. ඔවුන් අල්ලා නීතිය ඉදිරියට පමුණුවා කළ වැරදි වලට දඬුවම් ලබා දිය යුතුම ය.
(සේයාරුවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු AN 32 වර්ගයේ ගුවන් යානාවකි)
---------------------------
by (2022-07-11 08:12:42)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි