~

විභාග සමග සූදු කෙළින විභාග දෙපාර්තමේන්තුවේ අම්බරුවෝ

(ලංකා ඊ නිව්ස් -2022.සැප්.19, ප.ව.7.00) ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සහ රිච්මන්ඩ් විදුහලේ ආදී ශිෂ්‍යයෙකු ද වන අධ්‍යක්ෂක තොරතුරු තාක්ෂණ විසින් පසුගිය දිනක ස්වාධීන රුපවාහිනී නාලිකාව හරහා මුළු රටම මුලාකරමින් ගජබින්නාලන්කාරයේ නූතන කතා වස්තුව දිග හරින ලදී. එහිදී විභාග දෙපාර්තමේන්තුව තරම් උසස් ආයතනයක් සහ ක්‍රියාකාරකම් කිසිදු රටක සිදු නොකරන බව සහ නිවරද්‍ය තාවය පිලිබඳ තරඟයට බොරු අද බෑවේය.

එල්. එම්. ඩී. ධර්මසේන විභාග කොමසාරිස් ජනරාල් වරයා මෙම තනතුරට පත්වීමට පෙර කීර්තිමත් විදුහලක් වන කොළඹ ආනන්ද විදුහලේ විදුහල්පති වරයා ලෙස සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කෙළේ ය. ආනන්ද විදුහලේ විදුහල්පති වරයා ලෙස තම අකාර්යක්ෂමතාවය සහ ළමුන් ඇතුලත් කිරීමේදී සිදුකරන ලද විෂමාචාර ක්‍රියාවන් නිසාම අමාත්‍යංශයට වහාම ස්ථාන මාරුවක් ලබා දුන්නේ ය. විභාග කොමසාරිස් ජනරාල් ලෙස රාජකාරී කිරීමේදී කොතරම් නොසැලකිලිමත් කමක් දක්වන්නේද යත් මොහු පත්වීමෙන් පසු ඉතිහාසයේ කිසිදු දිනක නොවූ පරිදි විභාග කටයුතු අවුල් වීමත්, විභාග ප්‍රථිපල අන්තර්ජාල වෙබ් අඩවිය උසස්පෙළ ඉගෙන ගන්නා දරුවෙකු විසින් අත්පත් කර ගනු ලැබීමත් සිදුවිය. ඒ අනුව බලන කල තම නොහැකියාව නිසාම අගෝස්තු මස පැවැත්වීමට නියමිත උසස්පෙළ විභාගය, සාමාන්‍ය පෙළ පැවැත්වීමට නියමිත දෙසැම්බර් මස දක්වා කල් දමා තිබේ.

තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂක වරයා විසින් අතේ පැලවෙන අසත්‍ය බේගල් දෙසන අන්දමට දෙපාර්තමේන්තුව තුල වෙනම පරිගණක පද්ධතියක් සහ අන්තර්ජාල කටයුතු සඳහා වෙනම පද්ධතියක් පවත්වාගෙන යනු ලැබේ. මේ පිළිබඳව හිටපු විභාග කොමසාරිස් වරයෙකු පවසා සිටියේ යාවත්කාලීන ප්‍රතිපල ඇත්තේ අන්තර්ජාල පද්ධතිය තුල පමණක් බවයි. ඒ අනුව විභාග සහතික නිකුත්කිරීම සහ මාර්ගගත සේවාවන් සඳහා භාවිතා කරන අන්තර්ජාල cloud පද්ධතිය යනු ඉතාම වැදගත් සහ අතිශය රහස්‍ය තොරතුරු ඇතුලත් පද්ධතියකි. මෙම අතිශය වැදගත් තොරතුරු පද්ධතිය පසුගියදා උසස්පෙළ දරුවෙකු විසින් අත්පත්කරගැනීම පිලිබඳ විහිලු සපයන තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂක වරයාගේ දැනුම පිළිබඳව පසු විපරමක් කළයුතු වන්නේය. රූපවාහිනී නාලිකාවකට පැමිණ මුළු රටක්ම මුලාකරමින් මොවුන් පැවසුූ ගල්පැලෙන බොරු මුළු මහත් ශ්‍රී ලාංකික ජාතියටම නින්දාවකි.

මේ පිළිබඳව කොමසාරිස් ජනරාල් සහ අධ්‍යක්ෂක තොරතුරු තාක්ෂණ ගෙන් අපි මෙසේ ප්‍රශ්න කරමු.

⋆ ඔබගේ අන්තර්ජාල දත්ත පද්ධතියට උසස්පෙළ සිසුවා ඇතුලත් නොවූයේ නම් සහ කිසිදු වරදක් සිදුවී නොමැති නම් එම සිසුවා පොලිස් අත්අඩංගුවට ගැනීමට සහ බන්ධනාගාර ගත කරනු ලැබීමට පොලිසියට පිස්සු ද? එසේ නොමැතිනම් සත්‍ය කරුණු වසං කිරීමට වලිකන ඔබ දෙපලට පිස්සුද? 

⋆ මේ පිළිබඳව අධිකරණයට ගොස් කිසිදු වරදක් සිදු වී නැතැයි කියා ඔබ දෙපල විසින් සාක්ෂි ලබා දෙනවාද?  

⋆ මේ පිළිබඳව හැකිනම් දිවුරුම් ප්‍රකාශයක් ප්‍රසිද්ධ කරන මෙන් ඔබ දෙපලට අහියෝග කරමු

එකී උසස්පෙළ සිසුවා පිළිබඳව කරනු ලබන විමර්ශන වල සියලු තොරතුරු ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන අතර වගකීම් විරහිත අසත්‍ය ප්‍රකාශ කළ ඔබලා පිළිබඳව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපි කටයුතු කරන බවද මතක්කර සිටිමු.

-උසස්පෙළ සිසුන් පිරිසක්

---------------------------
by     (2022-09-19 13:47:56)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links