-චන්ද්‍රප්‍රදීප් හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2022.සැප්.24, පෙ.ව.5.30) දුර්ජන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වූ කුප්‍රකට දේශබන්ධු තෙන්නකෝන් බරපතල වැඩ සහිත වසර 7 ක සිර දඬුවමක් කෑමට පාර කපා ගනිමින් සිටී. ඒ මෙසිරි ලංකාව බිහිකළ හොඳම රහස් පරීක්ෂකයා වූ , ශ්‍රී ලංකාවේ ෂර්ලොක්හෝම්ස් ලෙස අන්වර්ථ නාමයෙන් හඳුන්වන ශානි අබේසේකරට වළ කැපීමට කරමින් සිටින කුමන්ත්‍රණය නිසා ය. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
ශානි අබේසේකර යනු මහ බැංකු ප්‍රහාරයට සම්බන්ධ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් ඇතුළු ත්‍රස්තවාදීන්, පාතාල නායකයන්, දුෂ්ඨ දේශපාලුවන් පමණක් නොව මිනීමරු නියෝජ්‍ය පොලිස්පතිවරුන් පවා සිර ගෙට දැක්කවූ ලොව පිළිගත් ශ්‍රේෂ්ඨ රහස් පරීක්ෂකයෙකි. ඔහු විශ්‍රාම ගත්ත ද දැනටත් විභාග වෙමින් පවතින අපරාධ නඩු රාශියක පැමිණිල්ලේ සාක්ෂි කරුවෙකි. එහෙව් ශ්‍රේෂ්ඨයෙකුගේ ජීවිත ආරක්ෂාවට තර්ජනයක් තිබීම ඔහු මිය යන තුරුම අහවර වන්නක් නොවේ. ලොව පිළිගත් සිද්ධාන්තය එයයි.
නමුත් ශ්‍රී ලංකාව බංකොලොත් රටක් කිරීමට දායක වූ පාහර දේශපාලුවන් වූ රාජපක්ෂ නරුමයන්ගෙන් එකෙක් වූ ගෝතාබය රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසු ශානි අබේසේකරගෙන් ඉතාමත් නීච පළිගත්තා පමණක් නොව, හිරේ විලංගුවේ දමා ඔහුට කොරෝනා හදවා මරා දැමීමට ද තැත් කෙළේය. ඔහුගේ ආරක්ෂාව ද ඉවත් කර ඔහුව ඝාතකයන්ට පහසු ඉලක්කයක් බවට පත් කෙළේ ය.
ශානි ඒ සම්බන්ධයෙන් නිකම් බඩ උලාගෙන සිටියේ නැත. ඔහු සාක්කිකරුවන් සහ වින්දිතයන් ආරක්ෂා කිරීමේ පණත යටතේ පිහිටුවා ඇති ඒ අධිකාරියට පැමිණිල්ලක් කෙළේ තමන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම පිළිබඳව ය. පැමිණිල්ල විභාග කළ අධිකාරිය වහාම ශානිට දී තිබූ ආරක්ෂාව යළි ලබා දෙන ලෙස පොලිස්පති වික්‍රමරත්නට නියෝග කෙළේ ය. පොලිස්පති වික්‍රමරත්න එම නියෝගය ක්‍රියාත්මක කරන ලෙස බස්නාහිර බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කුප්‍රකට දේශබන්ධු තෙන්නකෝන්ට නියෝග කෙළේ ය. එසේ කොට දැන් මාස 3 කට අධිකය.
නමුත් මේ වන විටත් පොලිස්පතිවරයාගේ නියෝග පවා පිළිනොපදිමින්, රනිල් රාජපක්ෂගේ, වජිර කොටාගේ සේම එල්ටීටීඊ බච්චා පොලිස් ඇමැති ටිරාං හුලස් ගේ නියෝග පමණක් පිළිපදින දේශබන්ධු තෙන්නකෝන් ශානිට අදාල ආරක්ෂාව ලබා නොදී පොලිස්පතිගේ නියෝගය ගැන වැඩි දුර උපදෙස් ලබා ගැනීමට කියා අමාත්‍යාංශ ලේකම්ට යොමු කර තිබේ. ඔහුට එසේ කළ නොහැකිය. එය නීති විරෝධී ය.
සාක්කිකරුවන් සහ වින්දිතයන් ආරක්ෂා කිරීමේ පණත යටතේ පිහිටුවා ඇති අධිකාරිය දෙන නියෝග ක්‍රියාත්මක නොකරන්නේ නම් පොලිස්පති පවා දණ්ඩනයට යටත් විය යුතුය. නීතිය නම් එයයි. ඒ නියෝග ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ නීතිපති අධිකරණය හරහා ය. ඊට අවශ්‍ය වින්දිතයාගෙන් හෝ සාක්කිකරුවාගෙන් නීතිපතිට ලැබෙන පැමිණිල්ලක් පමණය. ඒ අනුව සාක්කිකරුවෙකුට හෝ වින්දිතයෙකුට ආරක්ෂාව දිය යුතුය කියා අධිකාරිය නියෝග කර තිබියදීත් එය ඉටු නොකරණ නිලධාරියාට අධිකරණයෙන් ලැබෙන දඬුවම අවම අවුරුදු 2 ක් හෝ උපරිම අවුරුදු 7 කට යටත් බරපතල වැඩ සහිත සිර දඬුවමකි.
ප්‍රසිද්ධියේ මහ ජනයාගෙන් පුකට පා පාර කා පළා ගිය නමුත් පොලිස්පති සිහිනයක ජීවත් වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් දැන් ගමන් කරන්නේ ඒ පාරේ ය.
මේ වන විට රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලැබී ඇති නමුත් රන්ජන් රාමනායක නිසා නීච ලෙස අසාධාරණයට සේම පළිගැනීමට ලක් වූ ශානි අබේසේකරට සහ තවත් විනිසුරුවරුන් පිරිසකට තවමත් සාධාරණය ඉටු වී නැත.
ඊට බලපෑවේ රන්ජන් රාමනායක සිදුකළ නීති විරෝධී ක්‍රියාවකි. තමන්ට ලැබෙන දුරකථන ඇමැතුම් ලබා දෙන පුද්ගලයාට නොකියා පටිගත කිරීම නීති විරෝධී ය. සදාචාර ද විරෝධී ය. බොහෝ ආයතන 'ඔබ දෙන ඇමැතුම අප පටිගත කරනවා' යයි කල් තියා රෙකෝඩින් එකක් මගින් ඇමැතුම ගන්නාට දැනුම් දෙන්නේ එනිසා ය.
සැලුයිලොයිඩ් ජීවිතයත්, සැබෑ ජීවිතයත්, දේශපාලනයත් අච්චාරු කරගෙන සිටින රන්ජන් රාමනායක තමන්ට ලැබෙන දුරකථන පමණක් නොව තමන් විසින් දෙන දුරකථන ඇමැතුම් පවා රහසේ පටිගත කර තිබිණ. ඔහුට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩුවක් වැටෙන විට ඔහු තමන් විසින් විනිසුරුවරුන්ට සහ ශානි අබේසේකරට දුන් දුරකථන ඇමැතුම් ලීක් කෙළේ එමගින් තම නඩුවට වාසියක් සිදුවනු ඇතැයි කවුරු හෝ ගොනෙක් දුන් උපදෙසක් අනුව ය. ඒවා ලීක් වුනා නොව ඔහු විසින්ම සිතා මතා ලීක් කරන ලද ඒවා ය. එසේ නොමැති නම් තමන් ලඟ තිබූ හාඩ් ඩිස්ක් කවුරුන් හෝ විසින් සොරකම් කළා කියා ඔහු කොහේ හෝ පොලිසියකට පැමිණිලි කර තිබිය යුතුය. එසේ නැත. එපමණක් නොව ඒ 'හඬ පට ලීක්' සිද්ධියෙන් පසුව ඔහු පාර්ලිමේන්තුවේ දී කීවේ "මා ලඟ තවත් තියෙනවා. ඒවාත් එළියට දානවා" කියා වාගාඩාම්බර කතා ය. ඒ අනුව රන්ජන් විසින් කළ නීති විරෝධී ක්‍රියාව ඔහු තම වාසියට යොදා ගත් බව ඉතා පැහැදිලිය.
ශානි අබේසේකර විශ්‍රාම යෑමට පෙර වැඩ තහනමට ලක්වන්නේ ඒ හඬ පටයක් අනුව ය. ඔහු පමණක් නොව එක් විනිසුරුවරයෙක් වැඩ තහනමට ලක් වන්නේ විනිසුරුවරයා විසින් රන්ජන් ඇමැතිවරයා තමන්ට දුරකථන ඇමැතුම් දී නඩුවලට බලපෑම් කරන බව අධිකරණ සේවා කොමිසමට ලිඛිත පැමිණිල්ලක් ද කර තිබිය දී ය. ඒ විනිසුරුවරයාගේ පියා හදිසි හෘදයාබාධයකින් අකාලයේ මිය යන්නේ ද තම දරුවාට සිදුවූ අසාධාරණය විඳ දරා ගැනීමට නොහැකිව ය. තවත් විනිසුරුවරයෙක් සහ විනිසුරුවරියක් විශ්‍රාම ගිය ද ඔවුන්ට විශ්‍රාම වැටුප අහිමි වී ඇත. කොමිසමට පැමිණිලි කර තිබූ විනිසුරුවරයා නිදොස් කොට යළි සේවයේ පිහිටැවූ නමුත් ඔහුගේ වැඩ තහනම් කාලයේ වැටුප් තවමත් ගෙවා නැත.
ශානි අබේසේකරගේ හඬ පටය පිළිබඳ පොලිසියේ එස්එස්පී වරයෙකුගේ යටතේ පරීක්ෂණයක් පැවැත්වීය. ඔහු රස පරීක්ෂකගෙන් ලබා ගත් වාර්තා අනුව ශානි ගේ හඬ පටය 17 වතාවක් සංස්කරණය කර තිබේ. එනම් ශානි කී දෑ විකෘති කර තිබේ. එය කෙළේ රන්ජන් රාමනායක ද නැතිනම් ඒ හඬ පට ප්‍රචාරය කළ මාධ්‍ය ආයතනදැයි පිළිබඳ පරීක්ෂන සිදුව නැත. කෙසේ වෙතත් අද දක්වා ශානි අබේසේකරගේ විශ්‍රාම වැටුප ඔහුට අහිමි කර ඇත. ඒ මන්ද යත් කොහේවත් නැති ගොබ්බ නළු බට්ටෙකුගේ දුරකථන ඇමැතුමකට පිළිතුරු දීම නිසා ය. එමගින් ශානි වරදක් සිදුකර ද නැත. ඔහු රන්ජන්ට කියන්නේ "වඳින්නම් නැතිනම් බැල මෙහෙවර කරන්නම්, විනිසුරුවරුන්ට නම් කතා කරන්න යන්න එපා" කියා ය.
රන්ජන්ට සමාව දුන් රනිල් රාජපක්ෂ තමන් රනිල් වික්‍රමසිංහ ලෙස අගමැතිව සිටි යහපාලන ආණ්ඩුකාලයේ ඒ ආණ්ඩුවේ අභිලාෂයන් අනුව අපරාධ පරීක්ෂණ කළ ශානි අබේසේකරට ද සාධාරණය වහාම ඉටු කළ යුතුය. පෙර කී විනිසුරුවරුන්ට ද සාධාරණය වහාම ඉටු කළ යුතුය.
අවසන් වශයෙන් මෙසේ ලියා තැබිය යුතුය. චන්ඩියා සේ හිරේට ගිය රන්ජන් ජනාධිපති සමාව ලබා ගැනීමට දස අතේ සමාව ඉල්ලුවේ ය. අවසානයේ අධිකරණයට ද ලිපියක් ඉදිරිපත් කරමින් මං යළි කවදාකවත් අධිකරණය ගැන මීක් කියන්නේ නැතැයි කියා ශපථ කෙළේ ය. ඇත්තටම ඔහු දිව්රා පොරොන්දු විය යුත්තේ එය නොවේ.
"මං යළි කවදාකවත් අනුන්ගේ දුරකථන ඇමැතුම් රහසේ රෙකෝඩ් කර ලීක් කරන්නේ නැත" යි කියා ය.
බහුබූතයන් නටවමින් යන පෙරහැරක ගෙනියන 'සජිත් කරඬුව' පරිස්සම් විය යුතුය.
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/54
---------------------------
by (2022-09-24 15:26:39)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි