~

යුධ හමුදා දිනයට සමගාමීව දූෂිතයන් හෙළි කරමු...! මේජර් ජෙනරාල් මෙ(හු)ත්තානන්දගේ වැඩ කිඩ මෙන්න..! (Video)

-සොල්දාදු උන්නැහේලා හෙළිකරති

(ලංකා ඊ නිව්ස් -2022.ඔක්.10, පෙ.ව.1.20) තමන්ට නොගැලපෙන උස පුටුවක හිඳ වූ දූෂිත අඥාන මේජර් ජෙනරාල් චානක මෙත්තානන්ද ගේ දූෂණ මෙසේ හෙළි කරමු.

මෙම තොරතුරු සොයා බලා මොහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවුනහොත් මේ සඳහා වගකිව යුතු  පුද්ගලයන්,  අනියම් සම්බන්ධතා තුලින් ප්‍රයෝජන ගත් මෙත්තානන්දගේ හඬ පට නම් ගම් අප ඊළඟ පැය 48 න් පසුව සමාජගත කර ජනාධිපතිවරයාගේ මෙන්ම නීතිය ක්‍රියාත්මක කරන සියලුම ආයතන වලට අපක්ෂපාතී පරීක්ෂනයක් කරන ලෙස බල කර සිටින්නෙමු.

මේජර් ජෙනරාල් මෙත්තානන්දගේ නම මෙත්තානන්ද වුවද කිසිම මෛත්‍රියක් නොමැති මේ හිරිකිත ලැජ්ජා සහගත, අප්‍රසන්න, අශික්ෂිත, දූෂිත පුද්ගලයාගේ අමනෝඥ  ක්‍රියාවන් එකිනෙක මෙසේය.

මෙ" අයින් කරලා "හු" දාගන්න එපා..

1) දිනය - 2022  සැප්තැම්බර් 1වෙනි දින.  ස්ථානය ශ්‍රී ලංකා යුධ හමුදා පොදු සේවා බලකා සරඹ පිටිය. ගිගුරුම් දෙන වැස්සේ කාන්තා සෙබළියන් සහ යුද හමුදා සෙබළුන් කිටි කිටි ගාමින්, විදුලි කෙටිලි අස්සේ, මොරසූරන වැස්සට තෙමෙමින් සීරුවෙන් සිට අසා සිටින්නේ වැදගම්මකට නොමැති හූනියන් බලිතොවිල් ගැන ය.  නොතෙමී සුවපහසුව සිට තම බිරිඳ ද  දූවරු දෙදෙනා ද පුතණුවන් ද  නොතෙමී සුවපහසු අසුන්වල හිඳුවා,  පිනට මේජර් ජෙනරාල්  පට්ටමක් ලැබුණු චානක මෙත්තානන්දගේ යුද හමුදාවට කිසිසේත් වැදගම්මකට නොමැති මිථ්‍යාවන් පිළිබඳව මෙලෝ රහක් නැති හූනියන් බලිතොවිල් ගැන කතාවක්ය.

තම දියණියන්  දෙදෙනා ගේ වයසේ, අහිංසක ගමෙන් පැමිණි හමුදා සෙබලියන් විදුලි කොටන මොරසූරන වැස්සේ තෙමෙන්නට හැර පුරසාරම් වහසි බස් දොඩවන මෙත්තානන්ද සියලු දෙනා ඉදිරියේ  වීඩියෝ පටිගත කරන එක නවත්වන්න කියා අණ දී මගේ නම මෙත්තානන්ද මට කියලා  "මෙ" අයින් කරලා "හු" දාගන්න එපා කියා තර්ජනාත්මක ස්වරයෙන්  කීවේ ද නිලධාරියකුට නොගැලපෙන ආකාරයටය. (එහි වීඩියෝවක් මේ සමග ඇත.) 

2.) කාන්තාවන් සම්‍බන්ධ විශේෂ උනන්දුවක් දක්වන මෙම පුද්ගලයාට කාන්තාවන් බහුල බල සෙනාවක් බාරනොදෙන ලෙස දැනුම්‍ දී තිබූ බවට රාවයක් ද පවතී.

නිලධාරීන් පිරිසක් ද හිටපු යුද හමුදාපතිවරයාට ඒ පිළිබඳ දැනුම් දුන් අවස්ථාවේ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් මෙම දූෂිත නිලධාරියා බලකාධිපති නොකර ඔහුට  කණිෂ්ඨව සිටි නිලධාරියකු බලකාධිපති කළේය. නමුත් අද එය වෙනස් වී බලපෑම් මත කාන්තා සෙබලියන් විශාල ප්‍රමාණයක් සිටින පනාගොඩ මෙවන් ඒකකයක මොහු වැනි පහත් මානසිකත්වයක් ඇති අයෙක් බලකාධිපති ලෙස පත් කිරීම නරියාට කුකුල්ලු බාර දුන්නා  වාගේය. හිටපු හමුදාපතිවරයාට කනිෂ්ඨ නිලධාරීන් පිළිබඳව තිබූ අවබෝධය වර්තමාන හමුදාපතිවරයාට නොමැති වීම කණගාටුවට කරුණකි.

3) ගෑණිත් මිනිහාත් එකතු වී කරන ටයිල් ගැහිල්ල..

මෙත්තානන්ද ගේ බිරිඳ සේවය කරන ලංකා ටයිල් ආයතනයෙන් ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා  බලකායේ ඉදිකිරීම් වලට ටයිල් ලබාගෙන ඇත. මෙය හමුදා ප්‍රසම්‍පාදන ක්‍රියාවට පටහැනිය. එය හමුදා සැපයුම් අංශය සැබැවින්ම නොදන්නා කරුණක් ද? එසේ නැත්නම් සිතා මතා නොදන්නා සේ සිටියාද? ලංකා ටයිල් ආයතනයේ  මූල්‍යමය අංශයේ සේවය කරන රුවිනි මෙත්තානන්ද නැමැති මොහුගේ බිරිඳ මීට සති දෙකකට ඉහත දී රුපියල් ලක්ෂ 93 ක් එම බළකායේ නිලධාරි නිවස්නයේ ටයිල් සඳහා ලබාගෙන ඇත. ගිණුම් වලින් බලය පාවිච්චි කර ගන්නා ලද මුදල් වැයකර ඇතත් ඒ සඳහා මෙතෙක් අනුමැතියක් ලැබී නොමැති බව දැන ගන්නට ඇත. මේ පිලිබඳ හමුදා අභ්‍යන්තර විගණනයක් සිදුකරන ලෙස අපි ඉල්ලා සිටිමු. ඉදිරියෙදී එම බිල්පත් ප්‍රසිද්ධ කිරීමට අප සූදානම් ය.

මීට ඉහතදී සෙසු නිල භෝජනාගාරයේ ටයිල් ඇතිරීම සඳහා ද මෙම දෙපළගේ මැදිහත් වීමෙන් ලංකා ටයිල් ආයතනයෙන් බාල ටයිල් වර්ගයක් ලබාගෙන විශාල මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකර ඇත. පසුකාලීනව එම ටයිල් ගැලවී යෑම හේතුවෙන්  මොහුට එරෙහිව පරීක්ෂණයක් ද සිදු කර තිබේ. මෙම  මුදල් වංචාව සහ නාස්තිය රුපියල් කෝටිය  ඉක්ම වීය.

එම පරීක්ෂණයේ අවසාන නිගමනය ද අපි දැනගන්නට කැමැත්තෙමු.

එම බලකායේ කිසිදු ඉදිකිරීමක දී ඔහුගෙන් පිට ටයිල් ගැනීමට නොහැකි අතර මෑතකදී 1 ශ්‍රී ලංකා යුධ හමුදා පොදු සේවා  බලකායේ මූලස්ථානය ටයිල් ඇතිරීම සඳහා ද මොහුගේ සහ බිරිඳගේ මැදිහත්වීමෙන් ලංකා ටයිල් ආයතනයෙන් මිල ගණන් කැඳවීමෙන් රුපියල් ලක්ෂ 10 කට ඉක්මවූ වංචාවක් සිදු කිරීමට ගොස් එම මිල ගණන් කැඳවූ මේජර් වරයා විසින් ඊට අවනත නොවී රොසෙල් ටයිල් යොදා  ඔහුගේ බිරිඳගේ ආධිපත්‍යය බිඳ දැමීම නිසා කුපිත වූ ජෙනරාල්වරයා විසින් එම  මේජර් වරයා කුමන හෝ වරදකට කොටු කර ගැනීමට මාන බලමින් සිටී. එකී ටයිල් මිලදී ගැනීම පිළිබඳව ඔහුගේම ගෝලයන් තුන් දෙනෙකු යොදාගෙන පරීක්ෂණයක්  සිදු කරනු ලබයි. එය ද අද හාස්‍යයට ලක් වී ඇති කරුණකි.

4) කන්තලේ කුඹුරු වංචාව..

මෙත්තානන්ද මේජර් ජෙනරාල්වරයාගේ ඍජු මැදිහත්වීමෙන් අල්ල කන්තලේ යුධ හමුදා ගොවිපොළේ අක්කර 20 ක ප්‍රමාණයක්  යුද හමුදා මුදල්වලින් වපුරා,  පොහොර දමා, අස්වද්දා අවුරුදු දෙක හමාරක් තිස්සේ  යුද හමුදාවේ ලුතිනන් කර්නල් වරයෙක්, මේජර් වරුන් දෙදෙනෙක්, සිවිල් මිනිසුන් දෙදෙනෙක් යොදවා වංචනික ලෙස කෝටි 2 ක මුදල් ප්‍රමාණයක් වංචා කර ඇත.  මෙය දැනගත් යුදහමුදා ලුතිනන් කර්නල් වරයෙක් ඊට එරෙහි වී පරීක්ෂණයක් සිදු කිරීමට යාමේ දී ඔහුට එරෙහිව උසස් මූලස්ථාන වලට ව්‍යාජ කරුණු පවසා එම ලුතිනන් කර්නල් වරයා අණදෙන නිලධාරි තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.  

5) ගොඩනැගිලි ද්‍රව්‍ය පන්නා තමන්ගේ නිවෙස් 2 ක් හදලා..

පසුගිය වසර 10 තුළ බලකායේ ඉදිකිරීම් කටයුතු තම අණසකට නතු කොට බලකායට මිල දී ගත් ගොඩනැගිලි ද්‍රව්‍ය හොර රහසේ මාලබේ සහ කෝට්ටේ ප්‍රදේශ වලට ගෙන ගොස් ඒ ප්‍රදේශ වල මොහුට අයත් නිවාස දෙකක් ඉදිකළ බවට ප්‍රබල චෝදනාවක් තිබේ. 

එම බළකායේ සෙසු නිල භෝජනාගාරය සහ රෙජිමේන්තු මධ්‍යස්ථානය ඉදිකිරීමේදී  ඇස්තමේන්තු වෙනස් කර ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කරමින් තම  හිතවතුන් මාර්ගයෙන් ගොඩනැගිලි ද්‍රව්‍ය කඳවුර තුළට මෙන්ම ඔහුගේ නිවාස  දෙක ඉදිකරන වැඩ බිම් වලට ද ගෙන්වා  ගනිමින් එකී කෝටි දෙකක පමණ වංචාව සිදුකර ඇත. සැබෑ විගණනයක් සිදු කළහොත් සත්‍ය අසත්‍යතාවය හෙළි වන බව නොඅනුමාන ය. සෙබළ සෙබළියන් මෙන්ම නිලධාරීන් අතරද මෙම සැකය ඇතිවූයේ කඳවුරු තුළට  ගෙන ආ යකඩ, කම්බි, වැලි, සිමෙන්ති බ්ලොක් ගල් සහ අනිකුත් ඉදිකිරීම් ද්‍රව්‍ය වල  විශාල ප්‍රමාණයක අඩුපාඩු තිබු නිසාය. එම රෙජිමේන්තුවේ විෂය පිළිබඳ දන්නා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිටිය දී මොහු, විශේෂ දැනුමක් නොමැති ක්‍රීඩා භාර මේජර්වරයෙකු මෙම ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ගන්නේ ද තමා විසින් සිදු කරනු ලබන මූල්‍ය අක්‍රමිකතා වසා ගැනීමට ය. එකී මේජර්  වරයාගේ බිරිඳ සමග මොහුගේ ඇති කිට්‍ටු සබඳතාවය ද කවුරුත් දන්නා කරුණකි.

තවත් ගොඩනැගිලි හදමින් හොරා කෑමට පාර කපයි..

වර්තමාන ආර්ථික තත්ත්වය නිසා රටේ මෙන්ම යුද හමුදාවේ ද  මුදල් නොමැතිව සියලු ඉදිකිරීම් නවත්වා තිබෙන පසුබිමක මොහු විසින් යළිත් කෝටි ගාණක මුදලක් වංචා කිරීමට ලහි ලහියේ කටයුතු කරයි. කිසිදු උපක්‍රමශීලී, ආරක්ෂක හෝ ප්‍රායෝගික බවක් නොමැතිව කන්තලේ මෙන්ම  කුට්ටිගල සිදුකිරීමට යන භට පිරිස් හුවමාරුව මත භට පිරිස්  ස්ථානගත කිරීමේ යටිතල පහසුකම් සැකසීමට කියමින් තට්ටු තුනේ සහ දෙකේ ගොඩනැගිලි දෙකක්, නිළධාරි නිවස්නයක් මෙන්ම ගොඩනැගිලි රාශියක් කිසිදු වැදගැම්මකට නොමැතිව ඉදිකිරීමට යාම විමතියට කරුණකි.

රෙජිමේන්තු  සභාවේ ගත් තීරණ අනුව මේවා ක්‍රියාත්මක වනවා යැයි පවසමින් මෙම ජාතික ධනය ගසා කෑම දැනටමත් ආරම්භ කර ඇත. රෙජිමෙන්තු සභාව මෙවැනි තිරණයක් ගත්තා නම්‍ එය මේ මොහොතෙ කුසගින්නේ සිටින රටේ ජනතාවට පමණක් නොව හරි හමන් කෑමක් නැතිව සිටින සොල්දාදුවාට ද  කරන අසාධාරණයකි.

6) චී චී කෑම වලිනුත් හොරා කන මෙත්තානන්ද..

සෙසු නිලයන්ගේ ආහාරය සඳහා ලැබෙන මස්, මාලු, බිත්තර හොර පාරෙන් ගෙදර ගෙන යාම, තමාට බලකාධිපති  තනතුර ලබා දීමට ඉවහල් වූ කාන්තාවන්ගේ නිවෙස් වලට ගෙනයාම, මිතුරන් සමඟ පවත්වන සාද වලට කටගැස්ම ආදිය මොහු විසින් හොරට රැගෙන යනවාද නැද්ද විමර්ශනයක් කළහොත් සාක්ෂි දීමට ද බොහෝ පිරිසක් සිටින බව හමුදාපතිවරයා දැන ගත යුතුය. එමෙන්ම භාර්යාවගේ  මැදිහත්වීමෙන් සෙබළුන්ගේ සුභසාධනයට කියා මුදල් ආධාර ලබාගෙන ඒවා එම වැඩසටහන් අවසානයේ දී සාද පැවැත්වීමට මේජර් ජෙනරාල් මෙත්තානන්ද තමාගේ බලය පාවිච්චි කරමින් සිටින බවට අහිංසක සෙබලුන් ගැන දුකෙන් කතා කරන බව කියන යුද හමුදා පොලිසියේ කනට නොවැටුණේ මන්ද?

යුද හමුදා සෙබලුන් වනාහී කෑමට කෑ ගහන ජාතියක් නොව, දෙන දේ කන්න පුරුදු වූ ජාතියකි. එහෙව් අප සොල්දාදුවන්ගේ කුකුල් මස් කෑල්ලේ, මාළු කෑල්ලේ, එළු මස්  කෑල්ලේ මෙන්ම කරවල කෑල්ලේ ප්‍රමාණය අඩුකර ඉතිරි කොටස  තමාගේ බලය අයුතු ලෙස පාවිච්චි කරමින් පරිභෝජනය කිරීම ඒ බඩගින්න දරා ඉන්නා සෙබළ සෙබළියන්ට කොතරම් අසාධාරණයක්ද..?

තවද මෙත්තානන්ද  නිලධාරී භෝජනාගාරයේද නිලධාරීන් සඳහා ලැබෙන කුකුල් මස් කෑල්ල ප්‍රමාණයෙන් කුඩා කර ඉතුරු කොටස ඔහුට කටගැස්ම සාදාගැනීමට බලහත්කාරයෙන් යොදා ගන්නා බව පනාගොඩ යුද හමුදා කඳවුරේ බොහෝ දෙනා පිළිකුල් සහගතව හෙළිකරති.

7) ජන අවන්හල් තුනේ සැපයුම් වලින් ගසා කන හැටි..

රෙජිමේන්තුව සතු ජන අවන්හල් තුන සඳහා දුරකථන, විදුලි යන්ත්‍ර මෙන්ම සිල්ලර බඩු සපයන වෙළෙඳුන්ගෙන් මාසය අවසානයේ ලොක්කාට සන්තෝසමක් හිමිවෙන බව නොරහසකි. මහා පරිමාණයෙන් දුරකථන සපයන යුදහමුදාවේ පාබල රෙජිමේන්තුවේ හිටපු සෙබළෙකු වන ප්‍රියශාන්ත නමැති ව්‍යාපාරිකයාගෙන්  ඔහු මේජර් ජනරාල්  නිලයට පත් වීමේ සාද දෙකක් සඳහා සම්පූර්ණ වියදම් සපුරා ගෙන තිබේ.

මේ පිළිබඳව වහා විමර්ශනයක් සිදුකර හමුදාවේ කීර්තිනාමය රැක ගැනීම යුද හමුදාපතිවරයාගේ වගකීමකි.

මේ හා සබැඳි පාපොච්චාරණ හඬ  පට ද අප සතුව ඇත.  අසරණ සෙබල සෙබලියන් වැටුපෙන් කැපීමට සිල්ලර බඩු ගන්නේ පිටතට වඩා එකට එකක් වැඩි මිලට ය.
කරවල  කෑල්ලෙන් පවා වාසියක් සිතන මෙම අශිෂ්ට ජනරාල්වරයා නිසා මෙම සුබසාධන වෙළඳසැල් වල බඩුමිල අසාධාරණ ලෙස ඉහළ ගොස් ඇත.

මුදල් නොමැති කමට අසරණ වූ සෙබළ සෙබළියන් වැඩි මිලට ණයට කළු කඩ ජනරාල්වරයාගෙන් භාණ්ඩ මිලට ගනිති.

8) වැසිකිලි සුද්ද කිරීමටත් හමුදා සෙබලුන්..

මෙම ජෙනරාල්වරයා  රජයෙන් පඩි ගන්නා සිවිල් සේවක මහතුන් සහ හමුදා සාමාජිකයන් ඔහුගේ නිවසේ වැසිකිලි සුද්ද කිරීමට පවා බලහත්කාරයෙන් යොදා ගෙන තිබේ. ඔහුගේ  නිවාස ඉදිකිරීම් කටයුතු ද සිදු කරනු ලබන්නේ හමුදා සාමාජිකයන් ද නැද්ද යන්න සොයාබැලීමට විනාඩි පහකට දුරකථනය භාවිතා කළ හොත් ප්‍රමාණවත්ය.

9) කප්පම් ගන්නා මෙත්තානන්ද

බලකායේ ඇති ගොවිපල වලින් සහල්, කුකුල් මස්, බිත්තර, එළවළු  කිසිදු මුදලක් ගෙවීමකින් තොරව මොහු තම බලය පාවිච්චි කර  ලබා ගන්නා බව යුධ හමුදාපති වරයා නොදන්නවාද? බොහෝ තැන් වල එම තනතුරුවලින් ඉවත් කර තමාට කීකරු අයවලුන් මොහු විසින් පත් කර ගනු ලැබේ. මෙය කප්පම් ගැනීමක් නොවන්නේ ද?

10) බුදු මැදුරක් හැදුවාට දඬුවම් දෙන අරුම පුදුම එකෙක්..

මෙම බලකායේ නිලධාරිවරයෙක් තමාගේ පෞද්ගලික මුදලින් සෙබල සෙබලියන්, නිලධාරි නිලධාරිනියන් හට වසර සිය දහස් ගණනක් යන තුරු වන්දනාමාන කිරීමට, දිවයිනේ පිළිගත් සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් ඉදිකරමින් තිබූ බුද්ධ මන්දිරයේ වැඩ නවතන ලෙස අණකර ඇත. එකී නිලධාරියාට බුදු මැදුරක් සෑදීම වෙනුවෙන් දඬුවම් දීමට ජෙනරාල්වරයාගේ දූෂණවලට සම්බන්ධ නිලධාරීන් තුන් දෙනෙක්ගෙන් සමන්විත පරීක්ෂණ මණ්ඩලයක් පත්කර ඇත.  මීට හේතුව වී ඇත්තේ මේජර් ජෙනරාල් මෙත්තානන්ද එම නිලධාරියාගෙන් ලක්ෂ 50 ක මුදලක් ණයට දෙන ලෙස කරන ලද ඉල්ලීමට එම නිලධාරියා එකඟ නොවීම ය. 

බුද්ධ මන්දිරයේ වැඩ නවත්වා ඉදි කිරීමට එරෙහිව දඩුවම් දීමට පරීක්ෂණයක් කැඳවීමම මහා සංඝරත්නයේ කම්පනයට මෙන්ම උදහසට ද ලක්වී තිබේ.

අපක්ෂපාතී පරීක්ෂනයක් පවත්වන්න...

ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, 
රාජ්‍ය ආරක්ෂක ඇමතිතුමනි,
ආරක්ෂක ලේකම් තුමනි, 
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තුමනි,
යුද හමුදාපති  තුමනි, පොලිස්පතිතුමනි,
මානව හිමිකම් සංවිධානයන්හි වගකිව යුතු  නිලධාරී මහතුනි මහත්මියනි, 
කාන්තා හා ළමා කටයුතු කාර්යාංශයේ වගකිව යුතු නිලධාරී මහතුනි මහත්මියනි 
රණවිරු සංවිධානයන්හි වගකිව යුතු නිලධාරී මහතුනි මහත්මියනි 
නීතිය හා සාමය අමාත්‍යංශයේ වගකිව යුතු  නිලධාරී මහතුනි මහත්මියනි 

මෙම අපකීර්තිමත් දූෂිත  නිලධාරියා ගැන අපක්ෂපාතී පරීක්ෂනයක් පවත්වන්න.  මොහුගේ බලපෑම් හා මැදිහත්වීම මත සාක්ෂිකරුවන් බියගැන්වීමට, ලියකියවිලි විනාශ කිරීමට සහ බොරු සාක්ෂි ඉදිපත් කිරීමට නොහැකි වන ලෙස එය සිදුකරන්න. එසේ කිරීමට නම් ඔහු විසින් දරනු ලබන බලකාධිපති තනතුරින් මෙන්ම ඔහු දරන සියලු  තනතුරුවලින් තාවකාලිකව හෝ ඉවත් කර අපක්ෂපාතී පරීක්ෂණයක් හමුදාවේ මැදිහත් වීමකින් තොරව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයෙන් සිදුකර අසරණ නිලධාරීන්ට නිලධාරිනියන්ට සෙබළුන්ට සෙබළියන්ට සාධාරණයක් ඉෂ්ඨ කිරීමට කාලය එළඹී ඇත. 

මේ පිළිබඳව පරීක්ෂණයක් නොපැවැත් වුවහොත් මීට සම්බන්ධ සහ මෙය පසුපස සිටින සියලු වගකිව යුතු අයවලුන් සම්බන්ධව සත්‍ය ඔප්පු කිරීමට අවශ්‍ය සියලු කරුණු කාරණා ලියවිලි හඬ පටි වීඩියෝ දර්ශන ඉදිරි කාලය තුළදී ප්‍රසිද්ධ කර මොහුට එරෙහිව තීන්දු ගන්නා ලෙස ජනතා අධිකරණයට ඉදිරිපත් කරන්නෙමු.

මේ පිළිබඳ සත්‍ය අසත්‍යතාවය තහවුරු කිරීමට ද, පිළිතුරු සැපයීමට ද ඕනෑම අයෙකුට අප වෙබ් අඩවියේ අවස්ථාව ඇති බවද කරුණාවෙන් සලකන්න.

-සොල්දාදු උන්නැහේලා විසිනි

අදාල වීඩියෝවක් පහතින්

---------------------------
by     (2022-10-09 20:03:55)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links