~

පාඨකයෝ කමත්වා..! ජනසතුරෝ ගලේ පහරා නොගනිත්වා..!

-ලංකා ඊ නිව්ස් කර්තෘ මණ්ඩලය

(ලංකා ඊ නිව්ස් -2023.ජන.05, පෙ.ව.8.00) පසුගිය වසරාවසාන දිනය දෙසැම්බර් 31 දා රාත්‍රී 11 න් පසුව අද නව වසරේ ජනවාරි 05 වැනි දින උදෑසන දක්වා ලංකා ඊ නිව්ස් හි පුවත් යාවත්කාලීන කිරීම අත්හිටුවීමට සිදුවිණ. ඊට හේතු වූයේ අපගේ ප්‍රධාන කර්තෘ සහ මෙහෙයුම්කරු හදිසියේම අසනීප වීමයි. කර්තෘ මණ්ඩලයෙන්  වෙනත් අයෙකු ඒ සඳහා පත් කිරීමට ද නොහැකි වූයේ, උත්සව දින වූ බැවින් ඔවුන්ද විවේක ගමන් යොදා ගෙන තිබූ බැවිනි. ඒ පිළිබඳ අප පාඨකයෝ කමත්වා..!

කෙසේ වෙතත් තත්ත්වය දඩමීමා කර ගත් ජන සතුරන් අප පිළිබඳ අවලාද රාශියක් ජනගත කර තිබිණ. කිසිදු ජනපදනමක් නැති සේනාධිනායකයෙකු සහ රාජද්‍රෝහියෙකු විසින් මෙහෙයවන හමුදා සහ පොලිසි වල සිටින දූෂිත නිලධාරීන් කිහිප දෙනෙකු, (ඔවුහු අපගේ දැඩි විවේචනයට ලක් වූවෝ වෙති) විසින් ලංකා ඊ නිව්ස් කෝටි ගණනක මුදලක් ගෙන ජනවාරි 01 වැනිදා සිට වසා දැමීමට එකඟ වී ඒ අනුව ක්‍රියා කර ඇතැයි එලෙස පතුරුවා හරින ලද එක් අවලාදයකි.

අපට ඔවුන් වෙත කිව යුත්තේ, කියනවා නම් අඩුම ගණනේ සතියක් හෝ පවත්වා ගැනීමට හැකි බොරුවක් කීමට මින් පසුව හෝ ඔළුවට ගත යුතු බවයි. (ඔළුවක් තිබේ නම්) ජනසතුරෝ ගලේ පහරා නොගනිත්වා..!

-ලංකා ඊ නිව්ස් කර්තෘ මණ්ඩලය

---------------------------
by     (2023-01-05 02:42:05)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links