~

රුහුණේ වී.සී. ගහලයා හිට්ලර්ට අඳී...! ෆූටා ලේකම්ට විෂ ගෑස් ගසා මරන්න හදලා..!

-සතී පනාවැන්න හෙළිකරයි

(ලංකා  ඊ නිව්ස් -2023.පෙබ.12, ප.ව. 8.20) ලංකාවේ බොහෝ විශ්ව විද්‍යාල වල උපකුලපති ලෙස පත්වෙන්නේම දේශපාලන කුක්කන්ගේ පස්සෙන් යන්න, උන්ගේ පශ්චාත් භාගය සෝදන්න වඩාත්ම සමත් සට්ටැඹි රාලලා ය. ලංකාවේ විශ්ව විද්‍යාල මෙතරම් වල පල්ලට යන්නට ප්‍රධානම හේතුව මේ වැඩ බැරි දාසලා උපකුලපතිලා වීම ය. එහි හොඳම උදාහරණය වත්මන් රුහුණ විශ්ව විද්‍යාලයේ, එහෙමත් නැත්නම් කොල්ලො කෙල්ලො කියන විදියට "හුලං කන්ද මහා විද්‍යාලයේ" පිනාචාර්ය සුජීව අමරසේන විසින් සපයා ඇත.

මානසික ලෙඩෙක්..

සුජීව අමරසේන මානසික ව්‍යාධියකින් පෙලෙන ලෙඩෙක් බවට සිසුන් විසින් චෝදනා කරන්න ගත්තේ 2000 තරම් ඈත යුගයක ය. ඒ මවුකිරි කලමනාකරණ කෝස් හරහා රුහුණ වෛද්‍ය පීඨය ඉවරකරන්නට ගොස් දුසිම් ගණනක් වෛද්‍ය සිසුන්ගේ පන්ති තහනම් කරමින්, ඔවුන්ගේ අනාගතය අඳුරුකරමින් වෛද්‍ය පීඨ පීඨාධිපති ලෙස ඔහු කළ දුර්දාන්ත පාලනයත් සමග ය. අවසානයේ මාරාන්තික උපවාසක් දක්වා දික්ගැස්සුනු අරගලයකින් කෙලවර වූ ඔහුගේ පාලනය, වසර ගණනාවක දීර්ඝ නඩු විභායකින් පසු නීතිය හමුවේ පරාජය වෙමින් ඔප්පු කරනු ලැබුවේ සිසුන්ගේ මතය නිවැරදි බවය.

ගෙදර ගෑනිගේ රෙද්ද ටවුන් එකේදි කඩා දමන සුජීව..

ගෝඨාභය රාජපක්ෂ හිට්ලර්ට ඇන්දෙව්වේ කහ සිවුර දරන මහා සංඝයා ය. සුජීව අමරසේන ද හිට්ලර්ට අන්දවා, මුරුංග අත්තේ නංගපු සෙට් එකක් රුහුනේ සිටී. ඒ අතර නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය සමන්, මහාචාර්ය ජයතිස්ස, මහාචාර්ය මංගල, මහාචාර්ය වජිරා වැනි සෙට් එකක් උඩින්ම සිටිති. මේ කවුරුත් සුජීවයා අත්තේ තිබ්බේ අත පිහිදාගෙන පැත්තකට වෙන්නට නොවේ. තමන්ගේ ඊ ළඟ උසස්වීම ගන්නට ය. විනය පාලක වන්නට ය. අංශ ප්‍රධාන කම ගන්නට ය. පීඨාධිපති කම ගන්නට ය.  වෙනත් භාෂාවක් කතාකරන තමන්ගේ බිරිඳ ඉංග්‍රීසි අංශයේ ලෙක්චර් කෙනෙක් කර ගන්නට ය. මේ සෙට් එක විසින් සුජීව අමරසේනට ඔටුනු පැළැන්දුවේ, "නවක වදය තුරන් කළ බය නැති උපකුලපති" ලෙසය. ඒ සඳහා එක් මහාචාර්යවරයෙක් සමාජ මාධ්‍ය මෙහෙයුමක් පවා මුදල් යොදවා ෆේක් ෆේස්බුක් එකවුන්ට් ගණනාවකින් අරඹා තිබිණි.

කොහොම වුනත් ඒ නවක වදය තුරන් කළේ යැයි පම්පෝරි ගසද්දි කැම්පස් එකේ එක ළමයෙක්ටවත් පාරේ යන්න බැරි තත්වයකට ඇද වැටිණි. ඔහු විසින් පෙන්වපු නාට්‍ය වල තිර පිටපත් ලියන්නට ඇත්තේ කැළණි නයාගේ රචකයා විය යුතු ය. ඔහු විසින් මාධ්‍ය ගෙනවිත් රඟ දක්වපු "කොණ්ඩම් බාල්දි" ටෙලිය නිසා රුහුණේ කෙල්ලෙක් අවට ගම් වල පාරේ යන කොට (බෝඩිම් වල ඉන්න සිසුවියන්ට ) වටේ කොල්ලෝ උසුළු විසුලු කළේ "පෙට්ටිය තියනවාදැයි" ප්‍රශ්න කරමිනි. ඔහු විසින් මානසික ආබාධයක් සහිත සිසුවෙක් යොදාගෙන පෙන්වපු "වැට මාර පොළු" නාට්‍ය අවසානයේ උසාවියෙන් බොරුවක් බවට ඔප්පු විය. නමුත් නාට්‍යයට ලැබුනු ප්‍රචාරය, සීන් එක චාටර් වූ විට ලැබුනේ නැත. වෛද්‍ය පරීක්ෂන අනුව, වැට මාර කොල්ලාගේ පශ්චාත් බාගයට, වැට මාර පොල්ලක් තියා තුත්තිරි ගසක්වත් ඇතුළු කළ බවට හෝ සාක්ෂියක් සොයා ගන්නට වෛද්‍යවරයෙක් යැයි කියාගන්නා සුජීව අමරසේනට හෝ අධිකරණ වෛද්‍යවරුන්ට නොහැකි විය.

කැන්ගරු සම්මුඛ පරීක්ෂන..

රුහුණ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වරු ගන්න පවත්වන්නේ අරුම පුදුම සම්මුඛ පරීක්ෂනය. ප්‍රශ්න අහන්නේ සුජීව අමරසේන පමනි. පරීක්ෂන මණ්ඩලයේ සාමාජික්යෝ නරඹන්නෝම පමණි. ඔවුන් යන්නේ දීමනාව ගන්නට පමනක් විය හැකිය. අමරසේන  අහන ප්‍රශ්නත් විෂයට අදාල දෙයක් නොවේ. ඔහු විසින් කැම්පස් එක ඇතුලේ තාර දාපු පාරවල් වල දිග, කැම්පස් එකේ තියෙන පීඨ ගණන, කැම්පස් එක ළඟ තියෙන කිලෝ මීටර් කණුව කීයද වගේ පට්ට ජෝක් ඒවාය (මේවා බොරු නම් ඉන්ටර්විව් වලදී ඔහුම පොර ටෝක් දෙමින් කියා ඇති පරිදි සම්මුඛ පරීක්ෂන වල ඔහු විසින් රෙකෝඩ් කර ඇති වීඩියෝ පට ලබා දිය හැක ). මේ ගැන අප මීට පෙර ලිපි දෙකක් පල කළ අතර පහත සඹැදිය ඔස්සේ ඒවා කියැවිය හැකිය. මේ සම්මුඛ පරීක්ෂන වලින් බඳවා ගන්නේ අර කලින් පැවසු සිය අභ්‍යන්තර කවයේ සෙට් එක සමග පර්යේශන කරන හෝ කළ තවත් මුට්ටි ඇල්ලීමේ කලාවේ මුල් චැප්ටර් එක ප්‍රගුණ කළ අය මිසක්, සුදුස්සෙක්ම නොවේ. ඒවාටම හරියන, සහභාගී වීමේ දීමනාව හා එදාට සුජීවගෙන් ලැබෙන පාටියට යටවෙන, ඔහු දාන ඕන පාලක සභා පත්‍රිකාවක් නොකියවාම අනුමත කරන පාලක සභාවක්ද රුහුණේ සිටීම අවාසනාවට කරුණකි.

විෂ ගෑස් ගසා ආචාර්ය වරු මරන්න ට්‍රයි කරන හිට්ලර්..

රනිල් රාජපක්ෂට දැන් විශ්ව විද්‍යාල ආචාර්යවරු නයාට අඳු කොල මෙනි. දේශපාලන පක්කිලි කම් කරන සුජීවලාට ලකුණු දා ගන්න පුළුවන් මේ වගේ අවස්ථා වලය. විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය එහෙම නැත්නම් ෆුටා හි ලේකම් වන ආචර්ය රොහාන් ලක්සිරි මහතා සමග සුජීව අමරසේන වෛර බඳින්න ගත්තේ අද ඊයෙක සිට නොවේ. සිය සට්ටැඹි ටීම් එකට නොදිරවන ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් පලි ගැනීම සුජීව අමරසේන කලක සිට කරගෙන යන වැඩකි. මේ නිසාම පමනක් රුහුණ හැර වෙනත් විශ්ව විද්‍යාල වලට හා විදෙස් ගත වූ සැලකිය යුතු පිරිසක්ද සිටිති. රනිල් වෘත්තිකයන් රටින් යන තැනට පත් කරන කොට සුජීව මහාචාර්යවරු රුහුණෙන් එළවන්නේ එලෙසය.

වෙනදා වගේම අදාල රැස්වීමක් (ඔන් ලයින්) පවත්වන්න ලක්සිරි මහතා සිය කාමරයට ගොස් රැස්වීමේ කරුනු වල රහස්‍ය භාවය සඳහා වෙනදා මෙන් කාමරයේ දොර වසා ඇත. එය යුනියන් රැස්වීම් වලදී එයට බාධාවක් නොවීමට ඔහු වෙනදාත් කරන ක්‍රියාවකි. ඒ සමගම කාමරයෙන් ඉතා සැර ගඳක් පැමින ඇති අතර ඔහු වහාම සිය හිතවත් වෙනත් ආචාර්යවරයෙකුට මේ බව දැනුම් දී ඇත. ඒ විෂ කුමක් හෝ රසායනිකයකින් නිකුත් කරන ලද්දක් බවට අනුමාන කළ අතර, තත්වය පිළිබඳව නිළ ලෙස පාලනාධිකාරියට දැනුම් දෙන්නටත් ලක්සිරි මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමටත් වෙනත් අදාල කටයුතු කරන්නටත් එම ආචාර්යවරයා පියවරගෙන ඇත. වහාම ක්‍රියාත්මක වන සුජීව අමරසේන සිය ගෝල බාල ආරක්ෂක සේවයේ කිහිපදෙනෙක් සමග පැමිණ අදාල කාමරය සීල් කර පරීක්ෂන පවත්වන්න අවශ්‍ය කටයුතු කරන බව පවසා නික්ම ගොස් ඇත. නමුත් පසුව අනාවරනය වුනේ පොලීසිය මගින් පරීක්ෂන කරන්නට හෝ පැමිණිලි කිරීමට කල් මරමින් නැවත පැමිනි සුජීව මරසේන, දිනකට පසු කාමරය හැර, එය ශුද්ධ පවිත්‍ර කරවා, එයාර් ස්ප්‍රේ දියර වර්ගයක්ද ඉස ගොස් ඇති බවකි. සිද්ධියේ සාධරණ සැකය ඔහු වෙත යොමු වෙන්නේ එබැවිනි.

සිද්ධිය වූ විටම එතැනට එන වෛද්‍යරයෙක් යැයි කියා ගන්නා ඔහු සිය සහෝදර ආචාර්ය මණ්ඩලයේ ආචාරයවරයෙක්, විෂ වායුවක් නිසා අසනීප වී ඇති විට මොනයම් හෝ ප්‍රාථමික ප්‍රථමාධාරයක් හෝ දෙන්නට පෙළැඹෙන්නේ නැත. ඒ වගේම නිසි පරීක්ෂනයක් කරන්නට පෙර ඊට අදාල වන සියළු සාක්ෂි විනාශ කරන්නට ඔහු කටයුතු කර ඇත. ඒ වගේම කොන්ඩම් බාල්දි, වැට මාර පොළු උස්සන් දෙරණේ චතුර වැනි බච්චා කොල්ලන් පස්සේ ප්‍රෝග්‍රෑම් කරවාගන්න, පස්සෙන් යන ඔහු, මේ ගැන සියල්ල මීඩියා වලට වසන් කළේය. අවසානයේ සිය සහෝදර ආචාර්යවරයෙක් මරන්නට තැත් කිරීම වැනි ක්‍රියාවක් නිසා එක මිටකට එකතු වූ ආචාර්ය වරුන් සමග සාකච්ඡාවක් හෝ නොකර පැන ගියේට. ඊට හේතු ලෙස කියන්නේ පට්ට ජෝක් කතාවක්ය. "100-200 ක් එක්ක කතා කරන්න මම සූදානම් නෑ". සිසුන්ට සාකච්ඡා නොදී ඉන්න ඔහු පාවිච්චි කළේ "බාටා දා ගෙන එන්න බෑ, ටී ෂර්ට් ඇඳන් එන්න බෑ, රැවුල් කපලා එන්න ඕනෑ" වගේ මහාචාර්ය වරයෙකුට නොගැලපෙන ගෝත්‍රික තර්කයන්ය. එදා මේ ගෝත්‍රික වැඩට නෑසු කන්ව සිටි ආචාර්ය වරුන්ගේ එකතුවට ද අද කොකා පෙන්වන විට ගහලයාගේ තරම ඔවුන්ට ද තේරුම් යන්නට ඇතැයි සිතමු. තවමත් ඒක තේරුනේ නැත්නම්, ස්ටාෆ් කැන්ටිමේ බිත්තියක තිබෙන ප්‍රසිද්ධ මාටින් නිමෝලර්ගේ කථාව නැවත කියවන මෙන් ඉල්ලමු.

අපි පොත පත සහ ඉතිහාසයෙන් අසා ඇත්තේ, හිට්ලර්ගේ පාලන කාලයේ, මිනිසුන් මැරීමට ගෑස් කාමර හැදු ඉංජිනේරුවන් ගැනය. අද එහි සැබෑ තත්වය ඇස් පනාපිට දකින්නට හැකිය. ඒ රනිල් රාජපක්ෂ පාලන කාලයේ විෂ වායු ගසා සහෝදර ආචාර්ය වරයෙකු මරන්නට තැත් කළ සුජීව අමරසේනගෙනි.

පිස්සාට හැතැප්ම නැත, බ්‍රේක් නැත.

ඒ නිසා ප්‍රවේශම් වෙනු!

-සතී පනාවැන්න

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/69

---------------------------
by     (2023-02-12 16:08:36)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links