-BASL යැවූ ලියුම සිංහලෙන් මෙන්න
(ලංකා ඊ නිව්ස් -2023.මාර්තු.18, ප.ව.1.45) මේ වන විට පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය බරපතල ලෙස බිඳ වැටී ඇති බැවින් මීළඟ පොලිස්පතිවරයා පත් කිරීමේ දී ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය යළි ඇති කිරීමට හැකි ආදර්ශමත් සහ කිසිදු කැළලක් නැති නිලධාරියෙකු පත් කළ යුතු බවත්, අපරාධ සම්බන්ධයෙන් චුදිතයන් ලෙස නම් කර ඇති අය හෝ මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් චුදිතයන් වී ඇති අය හෝ පත් නොකරන ලෙසත් පොලිස්පති පත් කිරීමේ නීතිගරුක ක්‍රමවේදය ද කියා දෙමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ව්‍යවස්ථා සභාවේ සියලු සාමාජිකයන්ට පිටපත් සහිතව, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබේ. වෙන්ඩ පොලිස්පතිලා ගැන අතේ රෝල් ගහන ජඩමාධ්‍යකාරයන්ට ද ඇස් ඇරවෙන එම ලිපියේ සම්පූර්ණ සිංහල පරිවර්තනය පහත දැක්වේ.
2023 මාර්තු 17
ගරු රනිල් වික්‍රමසිංහ
ජනාධිපති
ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය
කොළඹ 01
ගරු ජනාධිපතිතුමනි,
2023 මාර්තු 23 වැනිදා පොලිස්පති ධූරය පුරප්පාඩු වීමට නියමිත බව දැනගන්නට ඇත.
පොලිස්පතිවරයා පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන අතර 2002 අංක 5 දරන නිලධාරීන් ඉවත් කිරීමේ (ක්‍රියාපටිපාටිය) පනතට අනුව ධුර කාලයෙහි ඉවත්කල නොහැක. එබැවින් එම කාර්යාලයට කළ හැකි හොඳම පුද්ගලයා පත්කිරීම ඉතා වැදගත් වේ.
පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය බරපතළ ලෙස ඛාදනය වී ඇත. ස්වාධීනත්වය නොමැතිකම, දේශපාලනීකරණය, පොලිස් ම්ලේච්ඡත්වය, අත්අඩංඟුවෙහි සිදුවන මරණ, වෘත්තීයභාවය නොමැතිකම යන මේ සියල්ල පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටීමට හේතු වී තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) යේ අදහසට අනුව යුක්තිය පසිඳලීමට සහ නීතියේ ආධිපත්‍යය සඳහා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය තිබීම අත්‍යවශ්‍යය.
මොහොමඩ් රෂීඩ් ෆාතිමා ෂර්මිලා එරෙහිව කේ.ඩබ්ලිව්.ජී. නිශාන්ත සහ තවත් අය SCFR 398/2008- S.C.M. 2023.02.03 නඩුවෙහි දී ශ්‍රේෂ්ඨාධිකරණය පොලිසියට තිබිය යුතු විශ්වසනීයත්වය පහත සඳහන් ආකාරයට නැති වී ඇති බව නිරීක්ෂණය කළේය.
“එය හුවා දක්වන්නේ රාජකාරිය මෙහෙයවන පිරිස් විසින් කරන ලද මුලුමනින්ම වෘත්තීය නොවන ප්‍රවේශයක් වන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන්, පොලිසිය කෙරෙහි ජනතාවගේ වැඩි වැඩියෙන් විශ්වාසය නැතිවෙමින් තිබේ. එයට නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක් ලෙස භුක්ති විඳිය යුතු විශ්වාසනීයත්වය අහිමි වී තිබුණි. මෙම ඉල්ලුම් පත්‍රයට අදාළ සිද්ධිය 2008 වසරේ සිදුවී ඇති නමුත් අදටත් පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් මියයාමේ සිද්ධීන් දිගින් දිගටම සිදුවන බව මෙම අධිකරණය නිරීක්‍ෂණය කරයි.” (අලුවිහාරේ ජේ)
මීළඟ පොලිස්පතිවරයා ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය යළි ඇති කිරීමට හැකි ආදර්ශමත් සහ කිසිදු කැළලක් නැති නිලධාරියෙකු වීම අතිශයින් වැදගත් ය.
අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් හෝ චූදිතයන් ලෙස නම් කර ඇති හෝ නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම් සහ වධහිංසා පැමිණවීම් වැනි මූලික අයිතිවාසිකම් අයදුම්පත්‍රවල වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් එවැනි අයදුම්පත් විභාග වන කාලය තුළ අත්හිටුවන පුරුද්දක් ශ්‍රී ලංකා පොලිසිය සතුව ඇත. එසේම, ශ්‍රී ලංකා පොලිසියේ කැළැල් වාර්තාවක් ඇති නිලධාරීන්ගේ උසස්වීම් නිරන්තරයෙන් අත්හිටුවනු ලැබේ. නීතිඥ සංගමයේ අදහස වන්නේ පොලිස්පති පත්කිරීමේදී විධායකය විසින් එම මට්ටමේ හෝ ඊට ඉහළ ප්‍රමිතීන් අනුගමනය කළ යුතු බවයි.
ඉහත සඳහන් තත්ත්වයන් තුළ ඔහුට එරෙහිව මූලික අයිතිවාසිකම් හෝ අපරාධ නඩු විභාග වෙමින් පවතින හෝ නීතිවිරෝධී ක්‍රියාවකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති කිසිදු නිලධාරියෙකු පොලිස්පති ධූරයට පත් නොකරන ලෙස නීතිඥ සංගමය ඉල්ලා සිටී.
පොලිස්පතිවරයාගේ පත්වීම අනුමත කිරීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඊ(6) ව්‍යවස්ථාවේ 41B හෝ 41C යටතේ පත්වීම් සඳහා නිර්දේශ හෝ අනුමත කිරීම් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටි ව්‍යවස්ථා සභාව විසින් තීරණය කළ යුතු බව ද නීතිඥ සංගමයේ අදහසයි.
එවැනි ක්‍රියා පටිපාටි සහ ක්‍රියාවලීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41G (3) ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි ව්‍යවස්ථා කවුන්සිලයේ රාජකාරි සහ කාර්යයන් ක්‍රියාත්මක කිරීම සහ ඉටු කිරීම සම්බන්ධ නීති රීති ආකාරයෙන් විය යුතු බව නීතිඥ සංගමයේ අදහසයි.
පොලිස්පතිවරයා පත් කිරීම (සහ ප්‍රධාන කාර්යාල සඳහා වන අනෙකුත් සියලුම පත්වීම්) පත්කිරීම් ක්‍රියාවලිය කෙරෙහි මහජන විශ්වාසය තහවුරු වන පරිදි විනිවිදභාවයකින් යුතුව සිදු කරන ලෙස නීතිඥ සංගමය ඉල්ලා සිටී.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් අත්සන් කෙළේ
පිටපත් ; ව්‍යවස්ථා සභාවේ සියලු සාමාජිකයන් වෙත
(සිංහල පරිවර්තනය ලංකා බ්‍රීෆ් වෙතිනි)
මුල් ඉංග්‍රීසි ලිපිය පහත ඉමේජ වල දැක්වේ
---------------------------
by (2023-03-18 10:59:51)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි