(ලංකා ඊ නිව්ස් -2023.අප්‍රේල්.23, ප.ව.11.30) රූපවාහිනි මාධ්‍ය ආයතනවල ජනප්‍රිය නිවේදිකාවක්, ප්‍රවෘත්ති නිවේදිකාවක් වන ඉෂාරා දේවේන්ද්‍ර ස්වාධීන රූපවාහිනියේ සේවයෙන් (ITN) ඉවත් වෙමින් තැබූ සමාජ ජාල සටහනකින් පසු එහි සඳහන් එම ආයතනයේ සේවය කරන ඉහල පෙළේ තනතුරු දරන 'ලිංගික ඇරියස් සහිත වැඩිහිටි පුද්ගලයින්' කව්ද යන ප්‍රශ්නය මතු වී තිබේ.
අයිටීඑන් ක්‍රියාත්මක වන්නේ රනිල් රාජපක්ෂගේ නාලිකාව ලෙස ය. එහි අධිපති රනිල් රාජපක්ෂවාදී සුදර්ශන ගුණවර්ධන නම් නීතිඥයා වන අතර රනිල්වාදී න්‍යායාචාරියෙකු යැයි කියා ගන්නා දීප්ති ගුණරත්න නමැත්තා ද එහි නිත්‍ය සේවකයකු තරමට පත්ව තිබේ. තවද රනිල්වාදී ජඩමාධ්‍යකරුවන් ද එහි විචාරකයින් බවට පත්කර ගෙන තිබේ.
ඉෂාරා දේවේන්ද්‍ර, ඇයගේ සටහනින් කියන්නේ තමන් විඳි ලිංගික හිංසා පිළිබඳව කරන ලද කිසිදු පැමිණිල්ලක් ගැන කිසිදු පියවරක් ගෙන නැති බවයි.
තමන් හදිසියේ ස්වාධීන රූපවාහිනියෙන් ඉවත් වූයේ ඇයිදැයි යන්න පිළිබඳව ඇය මුහුණුපොතේ සටහනක් තබමින් කරුණු පැහැදිලි කර ඇත්තේ මෙසේය.
“මගේ ආසම රස්සාව මම අත් හැරියා… ආත්ම ගරුත්වය වෙනුවෙන්..
මේ කතාව මට කියන්න ඕන වුනේ 2023.03.15 වෙනිදා.
නමුත් ඇයි මම News කියන්නේ නැත්තේ, ඇයි පත්තරේ කරන්නේ නැත්තේ කියලා අදට ගොඩාක් අය අහන නිසා මේ කතාව මම අද කියනවා….
2008 අවුරුද්දේ ළමා ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස මාධ්‍ය ජීවිතයට අත්පොත් තියපු මම 2023.03.15 ඒ මාධ්‍ය ජීවිතයට නැවතීමේ තිත තියන්නට හිතනවා. ඒ ලොකු කලකිරීමක් දුකක් එක්ක.
මම මගේ රැකියාවට වඩා ඉහලින්, මගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරන්නට නිරන්තරයෙන් කටයුතු කරන කෙනෙක්. ගෑණියෙක් තනියම ජීවත් වුන පලියට ඒ ගෑණි වේස ගෑණියෙක් වෙන්නේ නෑ කවදාවත්ම. ඒක නොතේරෙන මහල්ලෝ සමහර මධ්‍ය ආයතනවල ලොකු පුටුවල ඉන්නවා බොරු හයියක් මවාගෙන.
මම ආයතනය ගණනාවක සේවය කරලා තියෙනවා.
නමුත් අවාසනාවකට මේ කියන ආයතනයේ හිටියේ ජීවිතේ ඇරියස් තියෙන මහල්ලෝ. ඒ වගේම ඉහලට යන්න නම් ඔයා මගේම වෙන්න ඕන කියන වනචරයෝ. මවාගත්ත පෞර්ශයක් තියෙන පුස්සෝ. කෙනෙක් කරදරේ වැටුනාම ඒකෙන් ප්‍රයෝජන අරන් පිහිටට බලෙන් එන බොස්ලා…
මම මේ ගැන සාක්ෂි එක්ක audio video recording එක්ක බලධාරීන් දැනුවත් කළත් අදටත් ඒ ගැන කිසිම කෙනෙක් action අරගෙන නෑ.. මේක මට විතරක් වුන දෙයක් නෙවෙයි කියලා මුලු ආයතනයම දන්නවා.
TV එකේ මූණ පෙන්නන්න ආසාවෙන් ආපු, ජීවිතේ ගොඩ යන්න හිතන් ආපු ගොඩාක් ගෑණු ලමයින්ට මේ කියන නාකි මහල්ලෝ මානසික වදයක් වෙන තැනකට එන්න ඇති. හැබැයි කවුරුත් හඬක් නගලා නෑ. කතා කරලා නෑ. මොකද රස්සාව ඕන. එහෙම නැතිනම් ඒ ගෑණු ලමයි මේ කියන මහල්ලන්ට බයයි. ඒ මහල්ලෝ Meeting වල ගෑණු වට කරන් double meaning කතා කියලා කොක් හඬලා හිනා වෙන එක විතරයි කරන්නේ. අසාධාරණය වුනු ගෑණු වෙනුවෙන් කතා කරන්න එක ගෑනියෙක්ට වත් හයියක් නෑ. උන් ඔක්කොම යාලුවො කියලා තමයි කියන්න වෙන්නේ…
කොහොම වුනත් මේ ගැන අදටත් කිසිම action එකක් නැති තැන මගේ මානසික සුවය උදෙසාත්, මගේ ආත්ම ගරුත්වය මට අංක 1 නිසාත් මම මගේ අවුරුදු 15 මාධ්‍ය ජීවිතය මේ විදිහට අවසන් කරන්නට හිතුවා.
මේක media වල විතරක් තියෙන දෙයක් නෙවෙයි, මේක මේ රටේ වුන පලවෙනි සිද්ධිය වත් අවසන් සිද්ධිය වත් නෙවෙයි . කවුරු තනතුරු වලට ආවත් මේ දේවල් වෙනස් කරන්න උත්සාහ ගනිවිද කියල තියෙන්නේ ලොකු සැකයක්.
ඒ නිසා කවදා හරි ඔයාගේ දුව, wife, නංගි,අක්කා මේ වගේ සෙවල නාකින්ට අහුවෙන්න දෙන්න එපා. මට වගේම තවත් ගෑණු ලමයින්ට දුන්න මානසික වදය , බලපෑම තවත් කෙනෙක්ට හෙට දවසේ වෙන්න දෙන්න එපා කියලයි මම අයින් වෙලා එද්දීත් හිටපු බලධාරීන් ගෙන් කරපු එකම ඉල්ලීම. ඒ ඉල්ලීම ඉෂ්ඨ වෙයි කියලා මම අදටත් විශ්වාස කරනවා..
“ඉෂාරා දේවේන්ද්‍ර” වෙනුවෙන් ආදරය කළාට..මෙතුවක් කල් මගේ ප්‍රවෘත්ති කියවීමේ කලාවට ආදරය කළාට ඔබට ස්තූතියි…" (උපුටා ගැනීම අවසන්)
කාන්තාවන්ට සිදුවන මෙවැනි ලිංගික හිරිහැර ගැන සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීම භාර කාන්තා කාර්යාංශයේ නිලධාරීන්ට ඉෂාරා දේවේන්ද්‍රට සිදු වූ ලිංගික හිරිහැරය ගැන සෙවීමට ඇයගේ ඉහත කී සටහන හොඳටම සෑහෙන්නේ ය. ලංකාවේ නීතිය අනුව ලිංගික හිරිහැරයකට ලක්වන කාන්තාවක් ඇයම පැමිණ පැමිණිලි කිරීමට අවශ්‍ය නොවේ. ඒ සම්බන්ධයෙන් තෙවැනි පාර්ශවයක් නිර්නාමිකව දැනුම් දුන්න ද නිසි ක්‍රියාමාර්ග ගැනීමට නීතියෙන් කාර්යාංශයේ නිලධාරීන්ට බලය තිබේ. ඒ අනුව දැන් මෙය මාධ්‍ය මගින් ද ප්‍රසිද්ධ වී ඇති බැවින් මෙය පැමිණිල්ලක් සේ සලකා ඉෂාරා දේවේන්ද්‍රට යුක්තිය ඉටු කරන හැටි ලංකා ඊ නිව්ස් අවදියෙන් බලා සිටිමු.
---------------------------
by (2023-04-23 18:23:27)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි