-ඩේලි මිරර් වාර්තාවක් සිංහලට නැගුවේ ආනන්ද
(ලංකා ඊ නිව්ස් -2023.අප්‍රේල්.28, ප.ව.8.50) එක්ස්-ප්‍රෙස් පර්ල් වන්දි ඉල්ලීම වැළලීමට චාමර ගුණසේකර නමැත්තෙකු අමෙරිකානු ඩොලර් මිලියන 250 ක අල්ලසක් ලබා ගෙන ඇති බවට විජයදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යකාරයා ඊයේ (25) පාර්ලිමේන්තුවේ දී කළ හෙළිදරව්ව, මේ බිහිසුණු අපරාධයට මෙරටෙන් සම්බන්ධ වී සිටින දේශ ද්‍රෝහියා කවුරුන් දැයි සෙවීමට යුහුසුළු වූ දේශපාලනඥයන් සහ මාධ්‍යවේදීන් අතර බලවත් කම්පනයක් ඇති කළේය.
කෙසේ වෙතත්, දැඩි විමර්ශනවලින් පසුව, මෙම සමස්ථ වංචාව එවකට බලයේ සිටි ඉහළ අයගේ ආශිර්වාදය ඇතිව සිදු කර ඇති බව පැවසෙන නිගමනවලට තුඩු දෙන කිසිදු මෙරට සම්බන්ධයක් මෙම නම ආශ්‍රිතව හමු නොවූයේ, එය ඒ ආකාරයෙන්ම වසන් වන පරිදි සිදු කර තිබීම නිසාය.
සම්පූර්ණ වන්දි ඉල්ලීම යටපත් කිරීමට කොළ එළිය දුන් අනෙක් අය අතරේ අල්ලස් මුදල බෙදා හැරීම සඳහා අල්ලස් එකතු කිරීමේ නියෝජිතයෙකු වශයෙන් පමණක් චාමර ගුණසේකර ක්‍රියා කරන්නට ඇති බව ද සිද්ධියට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.
විජයදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යකාරයා පාර්ලිමේන්තුවේ දී පසුගිය 25 දා ප්‍රකාශ කළේ, අල්ලස් මුදල ලබා ගෙන ඇත්තේ එක්සත් රාජධානියේ අංක 15479334 දරන ගිණුමේ හිමිකරු වන චාමර ගුණසේකර බවයි.
අමාත්‍යකාරයා පසුව Daily Mirror සමග ප්‍රකාශ කළේ, තමන් සතුව තිබූ තොරතුරක් පාර්ලිමේන්තුවේ දී හෙළි කළ බවත් මේ වන විට එම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවත්ය.
ගිණුම් හිමියා පිළිබඳ වැඩි දුර තොරතුරු ලබා ගැනීම සඳහා රහස් පොලිසිය දැනටමත් එක්සත් රාජධානියේ අදාල බැංකුවට ලිපියක් ලියා ඇති බව Daily Mirror වෙත වාර්තා වේ.
කෙසේ වෙතත්, ගිලී ගිය එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාවේ සුන්බුන් මුදා හරින ලෙස එවකට සිටි ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිකාරයා අබිරහස් හේතු මත කළ නියෝගයක් අනුව එවකට විදේශ ලේකම් ජයනාත් කොළඹගේ උපදෙස් දී තිබූ බව ද පුවත් පත සඳහන් කරයි.
ඒ පිළිබඳව විමසීමට විජයදාස රාජපක්ෂ අමාත්‍යකාරයා ගෝටාබය රාජපක්ෂ අමතා ඇති නමුත් හිටපු ජනාධිපතිකාරයා මේ පිළිබඳ තමාගේ සම්බන්ධතාවය [සුපුරුදු පරිදි] ප්‍රතික්ෂේප කර ඇති බව ද වාර්තා වේ.
සඳුදා පැවති පොහොට්ටු පාටියේ කණ්ඩායම් රැස්වීමක දී පොහොට්ටු මන්ත්‍රීන් විදේශ අමාත්‍ය අලි සබ්රිගෙන් අල්ලස් චෝදනා පිටු පස ඇති සත්‍යය හෙළි කරන ලෙස ප්‍රශ්න කර ඇත්තේ, එවැනි බරපතල චෝදනා පොහොට්ටුවේ නමට සහ එහි ඉදිරි ප්‍රචාරණ කටයුතුවලට බාධාවක් වන බව පවසමිනි.
එක්ස්-ප්‍රෙස් පර්ල් ඛේදවාචකය සිදු වූ අවස්ථාවේ අධිකරණ අමාත්‍යකාරයාව සිටියේ අලි සබ්‍රි නිසා පොහොට්ටුවන්ට උගේ පිළිතුර ඕනෑ කර තිබේ.
ගෝඨාභය රාජපක්ෂගේ නියෝගයක් මත මෙම නෞකාව මුදා හැර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති හෙයින් මන්ත්‍රීවරුන්ට සත්‍යය දැන ගැනීමට අවශ්‍ය විය. සබ්‍රි ප්‍රතිචාර දක්වා තිබුණේ, විජයදාස රාජපක්ෂ අමාත්‍යකාරයා අඟහරුවාදා පාර්ලිමේන්තුවේ දී සියල්ල හෙළි කරන බවත් එනිසා මන්ත්‍රීවරුන්ට ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් පවසමිනි.
සැලකිය යුතු දේශීය සම්බන්ධයක් නොමැතිව, ඊයේ සවස Daily Mirror විසින් ප්‍රශ්න කරන ලද මන්ත්‍රීවරු චාමර ගුණසේකර ඇත්ත වශයෙන්ම සිටින්නේ ද, නැතහොත් එය වසන් කරන නමක් ද යන්න පිළිබඳව ද විමසිලිමත් වූහ. කෙසේ වෙතත්, CID පරීක්ෂණයෙන් සහ අධිකරණ අමාත්‍යකාරයාගෙන් වැඩි දුර තොරතුරු බලාපොරොත්තුවෙන් සිටින බව ඒ සියලු දෙනාම පැවසූහ.
මේ අතර, ඩේවිඩ් චාමර ගුණසේකර නැමැත්තා ලන්ඩන් නුවර දී ඇමරිකානු ඩොලර් මිලියන 250 ක අල්ලසක් ලබා ගෙන ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සත්‍ය හෙළිදරව් කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස, දැන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ඉල්ලා සිටියේය.
- 2023 අප්‍රේල් 26 වන දින Daily Mirror වෙබ් අඩවියේ පළ වූ, Jamila Husain හා Kelum Bandara ලියූ, “Chamara Gunasekera sinks in mystery! X-Press Pearl disaster” නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට නැගුවේ,
ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68
---------------------------
by (2023-04-28 15:38:23)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි