(ලංකා ඊ නිව්ස් -2015.මාර්තු.01, ප.ව.9.00) නාරාහේන්පිට උද්‍යාන මාවතේ 2012 මැයි මස 17 දා උදෑසන ගිනි ගත් මෝටර් රථයක් තුළ හඳුනාගත නොහැකි තරමට පිලිස්සී ගිය ගොස් සිටි තරුණයෙකුගේ මළ සිරුරක් හමු විය. ඔහු වසීම් තජුඩීන් නමැති 28 හැවිරිදි රගර් ක්‍රීඩකයෙකි. ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායම වෙනුවෙන් ද ක්‍රීඩා කර ඇති ඔහුගේ මරණය එදා අභිරහසක් විය. එදා පොලීසිය කීවේ වාහනය පාරෙන් ඉවතට පැන තාප්පයේ ගැටීමෙන් පසු ගිනි ගන්නට ඇති බවයි. එම ප්‍රවෘත්තියට අදාල සේයාරූ පළ කරමින් එකළ ලංකා ඊ නිව්ස් විමසා සිටියේ වාහනය වේගයෙන් පැමිණ තාප්පයේ ගැටුනා නම් ඒ අසලම ඇති කඩය සහ කණුව බේරුණේ කෙසේද කියා ය. එදා පළ කළ සේයාරුව අදත් මෙහි පළ කරමු.
කෙසේ වෙතත් නව අණ්ඩුව යටතේ වසීම් තජුඩීන් ඝාතනය ඇතුළු ප්‍රධාන තලයේ තවත් අපරාධ 5 ක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ යලි ආරම්භ කර ඇතැයි පසුගිය 26 දා පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පැවසීය.
එම පරීක්ෂණ කටයුතු සිදුකරන නිලධාරීන්ගේ දැන ගැනීම සඳහා වසීම් තජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත ලැබී ඇති තොරතුරක් මෙසේ හෙළි කරමු.
එදා මෙම ඝාතනය ගැන පරීක්ෂණ මෙහෙයැවූයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක යටතේ තිබූ කොළඹ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව හෙවත් සීසීඩී ය විසිනි. ඒ සම්බන්ධ තොරතුරු සටහන් සියළු ලිපි ගොණු පසුගියදා අනුර සේනානායක විසින් රැගෙන ගොස් විනාශ කර දමා ඇත.
වසීම් තජුඩීන් නාරාහේන්පිට උද්‍යාන පාරේ පුළුස්සා මරා දමා තිබියදී ඔහුගේ පර්ස් එක කොළඹ බගතලේ පාරේ තිබී හමුවේ. එවිට බගතලේ පාරේ සිට නාරාහේන්පිට උද්‍යාන මාවත දක්වා තිබෙන සිසීටීවී කැමරා පටිගතවීම් සියල්ල පරීක්ෂා කරන්නැයි නියෝගයක්ද තිබුණු නමුත් ඒ සියළු තොරතුරු අඩංගු ලිපි ගොනු අනුර සේනානායක විසින් තම භාරයට රැගෙන විනාශ කරන ලදී. මේ විනාශ කිරීම පිලිබඳ සාක්ෂි අප සතුව තිබේ.
ඒ අනුව වසීම් තජුඩීන් ඝාතනයේ තොරතුරු වසන් කිරීම මත වහාම අනුර සේනානායක අත් අඩංගුවට ගත යුතුය. මෙවැනි නිල ඇඳුම් ලා ගත් මිනීමරුවෙකුට රුපියල් කෝටියක් පොලිස් අරමුදලකට දී නීතියෙන් ගැලවී සිටීමට ඉඩදීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සම්පූර්ණයෙන්ම වගකිව යුතුය. ආරක්ෂක ඇමැති ලෙස ජනාධිපතිවරයාද සම්පූර්ණයෙන් වගකිව යුතුය.
අනුර සේනානායකගේ කෙරුවාව ගැන අවශ්‍ය ප්‍රමාණයටත් වඩා තොරතුරු පොලිස්පතිවරයා සතුව තිබෙන බව ද ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය සනාථ කරයි.
බියගම විලේජ් අයිතිකරුගේ ඝාතකයන්ට උදව් කළ බවට අත් අඩංගුවට ගත් එස්එස්පී වරයා සහ අයිපී වරයාටද එකල උදව් කර තිබුනේ ජ්‍යෙ.නි.පොලිස්පති අනුර සේනානායක බවට සියළු තොරතුරුද පොලිස්පතිවරයා සතුව තිබෙන බවද අප දනිමු.
---------------------------
by (2015-03-01 18:42:29)
Leave a Reply
MR. PRESIDENT, PLEASE TAKE ALL STEPS TO PERFORM THE JUSTICE. DON'T TRY TO SAVE ANYONE FOR ANY REASON. WE ARE WATCHING AT YOU. LET US KEEP OUR BELIEF ON YOU FOR EVER. NILRUK IHALAKATHRIGE
-- by nilruk on 2015-03-01
I am very much concern about this death. He was my sons class mate. He was a very nice boy. I was very much devastated when I came to know he was dead. I have met him several times. He was mesons class mate and a very close friend of my son . Both my son and this boy was known to each other since 1992 until his death. When my son attend for one of his class mates wedding that was the last interaction my son had with him. They studied together at St Thomas Prep at Clombo 3 and then after O/L were at Mt Lavinia.
-- by Sam Nandasena on 2015-03-02
යෝෂිත රාජපක්ෂ ගෙ කොන්තරාත් එකක් කියන එක මුලු රටම දන්නවා. මේකනම් අරුම පුදුම රටක්. මුන්ට දඩුවම් නොකලොත් අපේ රටට දළදා පිහිට විතරක් මදි වෙයි.
-- by Aruna on 2015-03-03
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි