-ඩේලි මිරර් වාර්තාවක් සිංහලට නැගුවේ ආනන්ද
(ලංකා ඊ නිව්ස් -2023.ජුනි.04, ප.ව.4.15) ආර්ථික ප්‍රගතිය සහ ඉදිරි ගමන පිළිබඳ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිකාරයා බ්‍රහස්පතින්දා (1) රූපවාහිනියෙන් ජාතිය අමතා කළ කතාවට ප්‍රතිචාර දක්වමින් සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පෙරේදා (2) ප්‍රකාශ කළේ, පරිභෝජනය අඩු වීමේ ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය පහත වැටී ඇති නමුත් එය කිසිසේත්ම ආර්ථික ජයග්‍රහණයක් නොවන බවයි.
උද්ධමනය 70% සිට 22.5% දක්වා පහළ යාම පිළිබඳව ජනාධිපතිකාරයා කළ කතාවට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. “උද්ධමනය අඩුවීම ආර්ථික ස්ථාවරත්වයේ සලකුණක් කියා ජනාධිපතිකාරයා කීවත් ඒ් කියන තරම් ආර්ථික ප්‍රගතියක් නැහැ.”
“කෑමට බීමට ඇඳීමට කරන වියහියදම් අඩු කිරීමට මිනිසුන්ට සිදු වීම නිසා උද්ධමනය 22.5% දක්වා පහළ බැස තිබෙනවා,” යයි ඔහු පැවසීය.
“රාජ්‍ය මූල්‍ය හා මූල්‍ය ප්‍රතිසංස්කරණ, ආයෝජන ප්‍රවර්ධනය, සමාජ ආරක්ෂණය සහ රජය සතු ව්‍යවසාය වෙනස් කිරීම ඇතුළු ආර්ථික ප්‍රගතියේ කණු හතරක් ගැන ජනාධිපතිකාරයා කණුකුණු ගෑවා. මූල්‍ය හා මූල්‍ය ප්‍රතිසංස්කරණ සහතික කිරීම සඳහා දූෂණය මැඩලිය යුතුයි, ආර්ථික අපරාධ කරන අය සම්බන්ධයෙන් කටයුතු කළ යුතුයි.”
“ආයෝජකයන්ගෙන් කොමිස් ඉල්ලමින් ආණ්ඩුවේ සමහර උන් ආයෝජන වැඩපිළිවෙල අවුල් කරනවා. සහල් කිලෝ 20 ගණනේ ආණ්ඩුවේ මන්ත්‍රීලා උන්ගේ ගැත්තන් අතර බෙදා ගෙන යනවා. ලාභ ලබන රාජ්‍ය ව්‍යාපාර ආණ්ඩුවේ සමීපතමයින්ට විකුණා දමමින් තිබෙනවා. මෙවැනි තත්ත්වයක් යටතේ ආණ්ඩුව ඔය කියන කණු හතර උඩ ආර්ථිකය ගොඩනගන්න යන්නේ කොහොම ද කියලා කෙනෙකුට පුදුම හිතෙනවා,” යයි මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.
ඒ සමගම SJB මන්ත්‍රීවරයා යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පතට අනතුරු ඇඟවීමක් කළේ, එය මාධ්‍ය යටපත් කිරීමේ අරමුණින්ම කරන එකක් මිස අන් කිසිවක් නොවන බව පවසමිනි.
“යෝජිත පනත් කෙටුම්පතේ එකම උත්සාහය වන්නේ රජයට අවශ්‍ය දේ පමණක් මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කිරීමයි. එවැනි තත්ත්වයක් තුළ මාධ්‍ය නිදහසක් ඇති වෙන්නේ නැහැ,” යයි ඔහු අවධාරණය කළේය.
- 2023 ජුනි 3 වන දින Daily Mirror වෙබ් අඩවියේ පළ වූ, Yohan Perera ලියූ, “Inflation drop a result of reduced consumption - SJB” නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට නැගුවේ,
ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68
---------------------------
by (2023-06-04 10:48:08)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි