~

හරියටම දිනේ බලා අභියාචනාධිකරණයෙන් 'අම්මට සිරි' තීන්දුවක්..! දේශබන්දු නිදහස්..!

-සේ. පියවර්ධන ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.ජුනි.26, ප.ව.9.35) අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික මුදල් සොයා ගැනීමේ සිද්ධියට අදාළව සැකකරුවකු වශයෙන් පෙනී සිටින ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය බස්නාහිර පළාත (උතුර) භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත නිකුත් කර තිබූ සිතාසිය බල රහිත කරමින් අභියාචනාධිකරණය අද (ජුනි 26 වැනිදා ) රිට් ආඥාවක් නිකුත් කළේය.

දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රීට් පෙත්සමේ තීන්දුව දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ, සභාපති විනිසුරුවරයා කියා සිටියේ ජනාධිපති මන්දිරයේ දී සොයා ගත් මුදල් හිටපු ජනාධිපතිවරයාගේ බවට කරුණු ඉදිරිපත් වී නොමැති බවය. (එසේ නමුත් ගෝඨාභය රාජපක්ෂ අපරාධ පරීක්ෂන දෙපාර්තමෙන්තුවට කියා ඇත්තේ ඒ මුදල තමාගේ බවය.  වාර්තාව ද මෙහි අගට දැක්වේ)

එමෙන්ම අදාළ මුදල් අධිකරණයට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් තීන්දුවේ සඳහන් විය.

ඒ අනුව මෙම පුද්ගලික පැමිණිල්ල පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බව සඳහන් කළ විනිසුරුවරයා පෙත්සම්කරුට සැකකරුවෙකු වශයෙන් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ සිතාසිය බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කිරීමටත් නියෝග කළේය.

ඊට අමතරව පෙත්සම්කාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව තවදුරටත් නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් වරයාට නියෝග කරන ලදී.

මේ බව සඳහන් වන්නේ බීබීසී සිංහල සේවය අද පළ කළ වාර්තාවකය.

පොලිස්පති ධුරය හිස් වූ අද දිනයේ දී ම ආ තීන්දුව...

'පොලිස්පතිධූරය අවශ්‍ය නම් තිබෙන නඩු ඉවත් කර ගෙන එන්නැයි' ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඩීඅයිජී දේශබන්දුට කී බව මෙයට මාස කිහිපයකට පෙර මාධ්‍ය වාර්තා කළේය. පොලිස්පති ධුරය හිස් වූ අද දිනයේ දී ම දේශබන්ධුට විරුද්ධව නගා තිබු අපරාධ චෝදනා දෙකෙන්ම දේශබන්දු නිදහස් වී තිබේ.

දැන් ඔහුට පොලිස්පතිවීමට බාධාවක් නැත.

මෙයට පෙර ඒනම් පසුගිය පෙබැවාරි 08 වන දින අධිකරණය හමුවෙහි ගෝඨාභයගේ නීතිඥයා වූ නීතිඥ හරිගුප්ත රෝහණධීර කියා සිටියේ ඒ මුදල් ගොඨාභය රාජපක්ෂට අයත් බවයි. ඒ බව ඔහු කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂගේ මතය ලෙසය.

ගෝඨාගේ  කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළේ රුපියල් මිලියන 17.85 මුදල නිදහස් කරන ලෙසයි. 2022 ජූලි 9 වන දින විරෝධතාකරුවන් විසින් කොළඹ ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් මිලියන 17.85 ක් සොයා ගන්නා ලදී.

කෙසේ වෙතත්, මහේස්ත්‍රාත් තිළිණ ගමගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ අදාළ මුදල් තොගය සම්බන්ධයෙන් නියෝගයක් ලබාදීමට පෙර පරීක්ෂණයක් සිදුකිරීම අධිකරණයේ වගකීම බවත් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේද එම මුදල් විමර්ශනය කිරීමේ හැකියාව පවතින බවයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මේ සම්බන්ධයෙන් පෙබරවාරි 6 වැනිදා ප්‍රකාශයක් සටහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීහු අධිකරණයට දන්වා සිටියහ.  එහි දී ඒ මුදල් තමාගේ බව ‌ඔහු ප්‍රකාශ කර ඇතැයි කියවේ.

නඩු විභාගයේ දී නීතිඥ රෝහණදීර  “හිටපු ජනාධිපතිවරයා ලබාදුන් ප්‍රකාශය අනුව එම මුදල ඔහුට අයත්ය. මේ වන තෙක් වෙනත් කිසිදු පාර්ශ්වයක් එම මුදල් ලබා ගැනීමට ඉදිරිපත් වී නැත. ඒ අනුව ඔහු ලබාදී ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණය සෑහීමකට පත්වන්නේ නම් එම මුදල් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මුදාහරින ලෙස ඉල්ලා සිටිනවා” යි කියා සිටියේ ය.

අභියාචනාධිකරණ තීන්දුවේ මුදල් ගෝඨාභයගේ නොවේ නම් එයට වෙන්නේ කුමක්දැයි කියා නෑ...

අද අභියාචනාධිකරණය දුන් තීන්දුවෙන් පෙනී යන්නේ ඒ මුදල් තමාගේ බවට ගෝඨාභය රාජපක්ෂ කළ ප්‍රකාශය අධිකරණයට පිළිගත නොහැකි එකක් බවයි. නමුත් එම මුදල් අභියාචනාධිකරණය අනුව අධිකරණය හමුවට ඉදිරිපත් ‌කිරීම අවශ්‍ය නැත්නම් එම මුදලට සිදුවන්නේ කුමක්ද යන්න දැන් පැහැදිළි නැත.

මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රකාශ වූයේ ගෝඨාභය රාජපක්ෂ හැර වෙනු කවරකුවක් එම මුදලට අයිතිවාසිකම් කියා නැති බැවින් එම මුදල රාජපක්ෂට ලබා දිය යුතු බවයි. එම මුදල තබා ගත්තේ මැයි 09දා ප්‍රචන්ඩ ක්‍රියා නිසා විපතට පත් වූවනට ලබා දීමට බව ගෝඨාභය කියා තිබේ.

දැන් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර ඇත්තේ එම ප්‍රකාශයයි.

පසුගිය වසරේ මැයි 9 වැනිදා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන්වලදී දේපළවලට හානි වූ පුද්ගලයන්ට ලබාදීම සඳහා මෙම මුදල තබාගෙන ඇති බව හිටපු ජනාධිපති රාජපක්ෂ ප්‍රකාශ කළ බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

අභියාචනාචනාධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක්...

අගතියට පත් පාර්ශ්වයන් වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණයට දන්වා සිටියේ අල්ලස් පනත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අදාළ මුදල විමර්ශනය කළ යුතු බවයි.

” රාජපක්ෂ මහතා අධිකරණය හෑල්ලූවට ලක්කර ඇත. උසාවියටවත් නොගිහින් සල්ලි ඉල්ලනවා. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අමතා වක්‍ර මාර්ගයෙන් මෙම මුදල් ලබාගැනීමට හිටපු ජනාධිපතිවරයා උත්සාහ කළා. මේ මුදල් ඔහුගේ නම් රාජපක්ෂ මහතා අධිකරණයට පැමිණ ඉල්ලීම කළ යුතුයි.’ ඔහු කියා සිටියේය.

මෙම මුදල සම්බන්ධයෙන් මෙතෙක් පරීක්ෂණ අවසන් වී නොමැති බවත් එම නිසා අදාළ මුදලට හිමිකම් කියමින් වෙනත් පාර්ශ්වයක් ඉදිරිපත් නොවුනත් එය මුදා හැරීමට හැකියාවක් නොමැති බවත් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

මේ බව සිලොන් ටුඩේ සහ දි අයිලන්ඩ් යන පුවත් දෙකම වාර්තා කර තිබුණි.

මේ අතර මාධ්‍යවේදී රංග සිරිලාල් වාර්තා කරන්නේ අභියාචනාචනාධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට නිතිපති දෙපාර්ථමෙන්තුව තීරණය කර ඇති බවයි.

-සේ. පියවර්ධන

---------------------------
by     (2023-06-26 16:24:45)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links