~

රට බංකොලොත්වන බව දැන දැනම ඒ ගැන නොකියා ඕස්ට්‍රේලියාවට ගොස් ගොල්ෆ් ගසමින් චූන් වූ හැටි නන්දලාල් වීරසිංහම කියයි..!

-සේ පියවර්ධන ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.11, ප.ව.9.30) වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ යනු ගෝඨා පත් කළ මහ බැංකු අධිපතිය. ඔහු  පසුගියදා එඑෆ්පී පුවත් සේවයේ අමල් ජයසිංහ සමඟ දීර්ඝ මාධ්‍ය සාකච්ඡාවක යෙදුණි.

එම පුවත්පත් සාකච්ඡාවෙහි දී ඔහුම පිළිගෙන ඇති පරිදි නන්දලාල් වීරසිංහ යනු මෙරට ජනයා ගැන අබමල් රේණුවක තරම්වත් තැකීමක් නැති පුද්ගලයෙකි.

ඒ බව දැන් ඔහු පෙන්වමින් සිටින්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමේ සමස්ත බර මෙරට වැඩකරන ජනයාගේ විශ්‍රාම වැටුප් අරමුදල වන සේවක අර්ථ සාධක අරමුදල මත පැටවීමෙනි.

“මෙම අර්බුදය පැමිණෙන බව මම දුටුවෙමි”

ඔහු අමල් ජයසිංහට  කියන්නේ “මෙම අර්බුදය පැමිණෙන බව මම දුටුවෙමි,”  කියාය. තවද එකල මහ බැංකු ප්‍රතිපත්ති ගැන තමාට බරපතල කනස්සල්ලක් තිබූ බවයි.

සියලු වැරදි ගෝඨාභය රාජපක්ෂ පිට පටවමින් නන්දලාල් වීරසිංහ කියන්නේ  තමා වසර තුනකට පෙර ඒ බව ගෝඨාභයට කී බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ පසුගිය පරිපාලනයේ ඊනියා 'නවීන මූල්‍ය න්‍යාය' සහ 'දේශීය විසඳුම' හේතුවෙන් ඉදිරියේදී මහත් ව්‍යසනයක් සිදුවන බව තමා කී බව ඔහු කියයි.
එසේ නමුත් පසුගිය වසර තුන පුරාම ඔහු විසින් කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක ඒ බව කියා නැත.

නිවස ගිනි ගන්න බව දැන දැන මග හැර ගිය පාවා දෙන්නා...

ඔහු කියන්නේ මහ බැංකුව ගමන් කරමින් සිටි මාර්ගයේ අනතුරුදායක බවට අනතුරු ඇඟවීම සඳහා තමා පැත්තකට වී සිටි බවයි.! මෙය හරියට සිය ඥාතීන් වාසය කරන නිවස ගිනි ගන්නට යන බව දැක එය මඟහැර ගිය පාවා දෙන්නෙකුගේ කතාවකි.

ඔහු 2021 සැප්තැම්බර් මාසයේදී කලින් විශ්‍රාම ගෙන ඕස්ට්‍රේලියාවට ගියේ, සිදුවන්නට නියමිත ව්‍යසනය ගැන වචනයක් වත් මෙරට ජනයාට කියන්නේ නැතිවය. එවකට ඔහු මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති කමිටුවේ ප්‍රධානියා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරයා ද විය.

එතරම් ඉහළ වගකීමක් දැරූ පුද්ගලයකු අඩුම වශයෙන් විශ්‍රාම යාමෙන් පසුව හෝ තමා දුටු එළඹෙන්නට නියමිත ව්‍යසනය ගැන වචනයක් වත්  කටින් පිට කළේ  නැත.

කියන්න ධෛර්යයක් තිබුනේ නෑ ලු...

ඔහු දැන් කියන්නේ බියජනක සංස්කෘතිය සහ නීති රීති නිසා තමා කට පියාගෙන සිටි බවයි. ඒ පිළිබඳ කතා කිරීමට ධෛර්යයක් නොතිබූ බවයි.

දැන් ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ අධිපති වී සිටින්නේ එවැනි මිනිසෙකි.

ගෝඨාභය රාජපක්ෂ යටතේ සකස් කරන ලද මහ බැංකුවේ මාස හයක මාර්ග සිතියම ද දැන් නන්දලාල් වීරසිංහ විවේචනය කරන්නේ හරියට ඔහු එකල නියෝජ්‍ය අධිපති වී නොසිටි අන්දමටය.

ඔහු කියන්නේ එම මාර්ග සිතියම ව්‍යාජ උපකල්පන, ව්‍යාජ අපේක්ෂාවන් සමඟ සම්පූර්ණයෙන්ම යථාර්ථවාදී නොවන එකක් වූ අතර රට බුන්වත් වීමට එය බලපෑ බවය. එම මාර්ග සිතියම සාදන විට ඔහු මහ බැංකුවේ දෙවැනියා විය.

අධික මුල්‍ය අච්චු ගැසීම, පොලී අනුපාත යටපත් කිරීම, අයහපත් විනිමය අනුපාත ප්‍රතිපත්තිය, දීර්ඝ කාලීනව එක් අනුපාතයකට ස්ථාවර කිරීම, අපගේ සංචිත අඩුවීම බල පෑ බව ඔහු කියන්නේ 2023 ජූලි මාසයේදීය.

ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර දින පහේම ගොල්ෆ් ගහමින්..

ශ්‍රී ලංකාව ව්‍යසනයක් කරා යන බව දැන සිටි බව කියන නන්දලාල් වීරසිංහ ඒ සියල්ල අමතක කර මහ බැකුවේ විශ්‍රාම වැටුප ද ගනිමින් ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර සිය දරුවන් සමඟ කාලය ගත කරමින් සතියේ දින පහේම ගොල්ෆ් ක්‍රීඩා කරමින් සිටියේය. ඒ බව කියන්නේ ඔහුමය.

ඔහු දැන් කයිවාරු ගසන්නේ පසුගිය වසරේ මැයි සහ ජූලි අතර සිදුවූයේ තමා බිය වූ ආකාරයටම බවය. තමා සැප පහසු විශ්‍රාම දිවියක් ගත කරද්දී, පුදුමයකට මෙන් ඔහු හැරදමා ගිය ගෝඨාභය රාජපක්ෂය යළි එන්නැයි ඔහුට ආයාචනා කළේය.

රට පෙර නොවූ විරූ විදේශ විනිමය හිඟයකින්, ආර්ථික අවපාලනය සම්බන්ධයෙන් කෝපාවිෂ්ඨ ජනයාගේ වීදි විරෝධතාවලින් පෙළෙන විට, රාජපක්ෂ තත්වය බේරා ගැනීමට වීරසිංහ දෙසට හැරුණි.

නන්දලාල් වීරසිංහ කියන තවත් වැදගත් දෙයක්..

නන්දලාල් වීරසිංහ තවත් වැදගත් දෙයක් කියයි. එනම් තමා එම ඉල්ලීමට එකඟ වූයේ තමාට වැඩ කළ හැකි මුදල් ලේකම්වරයෙකු ලෙස මහින්ද සිරිවර්ධන ලබා දෙන්නේ නම් පමණක් කියා ය.!

ඒ ස්වාධීනව වැඩ කිරීමටය. මහින්ද සිරිවර්ධනගේ ස්වාධීන වැඩ කිරීම, පලාත් පාලන මැතිවරණය මුදල් නොදෙන්නැයි කී රනිල් රාජපක්ෂට යටත් වීමෙන්ම පෙනුනි.

දැන් නන්දලාල් වීරසිංහ සහ රනිල් රාජපක්ෂ එක්ව, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ නාමයෙන් වැඩ කරන ජනයාගේ විශ්‍රාම අරමුදලට කෙළවා තිබේ. ඒ බිලියන ගණනින් ණය නොගෙවූ ගන්ධස්කාර ජාවාරම්කරුවන්ට අත තියන්නේ වත් නැතිවය.

ගොනා හැරෙන්නේ කෙහෙල් දල්ලට බව අලුතෙන් කියන්නට අවශ්‍ය නැත.

සෙස්ස පස්සට!

සේ. පියවර්ධන විසිනි.

---------------------------
by     (2023-07-11 16:04:06)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links