~

රාජ්‍ය සේවා කොමිෂන් සභාවත් ඉවරයි..! රාජපක්ෂ ගැත්තියක් පත්කිරිමට සියල්ල සුදානම්...!

-ශ්‍රී ලංකා පරිපාලන නිලධාරීන් පිරිසක් ලියති

(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.12, ප.ව.9.15) රට බංකලොත් කළ රාජපක්ෂ පාලන කාලයේ සිට අද දක්වාත් නිරුපද්‍රිතව සිටින දූෂිත නිලධාරීන්ට රනිල් වික්‍රමසිංහ යටතේද ඉහල තනතුරු ලැබෙමින් පවතී. හොඳම උදාහරණය සිල් රෙදි නඩුවේ කුප්‍රකට චූදිතයකු වී සිට ඒ ආණ්ඩු කාලයේදිම නිදොස් කොට නිදහස් කළ අනුෂ පැල්පිට නැමැත්තාට අමාත්‍යාංශ ලේකම් පදවියක් ලබා දී තිබියදී විශ්‍රාම ගොස් නැවත රාජ්‍ය සේවයට ගෙන්වා අදටත් විශ්‍රාම වැටුපත් , ඊට අමතරව  අමාත්‍යාංශයේ ලේකම් තනතුරේ වැටුපත්, එයට අදාල අනෙකුත් සියලු වරප්‍රසාද භුක්ති විඳිමින් අදටත් රාජ්‍ය සේවයේ යහතින් වැජ⁣ඹීමයි. ඒ ගාමිනී සෙනරත් නැමැති හිටපු ජනාධිපති ලේකම් මෙන්ම මහින්ද රාජපක්ෂ ගේ සුවච කීකරු අගමැති ලේකම් ලෙස තමන්ට හිතවත් නිලධාරි වළල්ලක්  යොදා ගෙන රට පාලනය කළ අන්ත දූෂිත රාජ්‍ය නිලධාරියාගේ පිහිටෙනි. අදටත් පෙන්ෂන් ගිය අනූෂ පැල්පිට අමාත්‍යාංශ ලේකම් තනතුරේ තබා ගෙන ඇත්තේ මේ ගාමිණී සෙනරත් හා මහින්ද රාජපක්ෂගේ බලපෑම නිසාය. සිල් රෙදි නඩුව විභාග කළ විනිශ්චයකාරතුමාගේ තීන්දුව ගෙන බලන ඕනෑම කෙනෙකුට වැටහෙන සත්‍ය නම් මහදවල් මොවුන් මහජනතාවගේ මුදල් කොල්ලකෑවේ කොහොමද යන්න නඩුවේ සඳහන් වීමයි.

දැන් අතගසා ඇත්තේ රාජ්‍ය සේවයේ මහම තැනටය..

ගාමිනී සෙනරත්ට හිතවත් නිලධාරීන් පමණක් තෝරා ගැනීමට මහින්ද රාජපක්ෂ තීරණය කළේ හොරාකෑම කළහැක්කේ ඒ මත පමණක්ම බැවිනි. ඒ අනුව දැනට අමාත්‍යාංශ ලේකම්වරුන් වන සෝමරත්න විදානපතිරන, නීල් හපුහින්න, ප්‍රියන්ත මායාදුන්න, R P A විමලවීර, චන්ද්‍රා හේරත්, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත, කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, කළුතර දිසාපති ප්‍රසන්න ගිනිගේ, පත් කර ගත්තේ තම බලය මුදල ආරක්ෂා කර ගැනීමටය. ඒ අනුව රාජපක්ෂලා හා ගාමිනී සෙනරත් දැන් අතගසා ඇත්තේ රාජ්‍ය සේවයේ මහම තැනටය. ඒ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ය. එම කොමිෂන් සභාවේ ලේකම් ධුරය දැන් මාස ගණනක සිට පුරප්පාඩුව පවතී. එම තනතුර සදහා කළුතර දිසාපතිගේ  බිරිඳ, මංගලා දයාරත්න නැමැත්තිය පත් කරන ලෙසට ගාමිනී සෙනරත් ප්‍රමුඛ චෞර වළල්ල ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් පත්කරන ලද සභාපති සමන් එදිරවීරට බලපෑම් කරමින් සිටිති. මේ දිනවල රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ධූරය සදහා සම්මුඛ පරීක්ෂණ පවත්වමින් ඇති අතර බලපෑම් කරන්නේ ඒ නිසාය.

මංගලා දයාරත්න කව්ද?

මංගලා දයාරත්න ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 2000 කණ්ඩායමේ වන අතර දැනට ජනාධිපතිවරයා විසින් පත්කරන ලද ලේකම්වරු අතර 2000 කණ්ඩායමේ කිසිවකු පත්කර නැත. ඒ 2000 කණ්ඩායමට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහලින් සිටින කණ්ඩායම් තුනක් පවතී. ඒ 1992, 1995, 1998 ලෙසටය. රාජපක්ෂ වාදී ගැත්තන්ට මෙම ජ්‍යෙෂ්ඨත්වය ද කජ්ජක් නොවන බැවින් මෙම සභාපතිවරයා මගින් ඉටුකරගන්න යන්නේ ඒ රාජපක්ෂ ගැතිභාවයට පක්ෂ එකියක් පත් කර ගැනිමටය.

විශේෂ ශ්‍රේණිය ගණිකා මඩමක් කළා...

මංගලා දයාරත්න නැමැත්තිය මීට පෙරද රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සහකාර හා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වරියක ලෙස වසර 8ක් පමණ රාජකාරි කර ඇති අතර, අදටත් ඇය විසින් නඩත්තු කරන ලද ලිපිගොනු අස්ථාන ගතවී හෝ සභාව විසින් යොදන ලද සටහන් මකා දමා සොයාගැනිමට නොහැකිවන ලෙස වෙනස් කර ඇත. අදටත් කොමිෂන් සභාවේ ඇය විසින් නඩත්තු කරන ලද එකදු ලිපිගොනුවක්වත් බලා ගැනිමට නොහැක. ඉතාමත්ම අකාර්යක්ෂම නිලධාරීනියක් වන මැය කූට ලෙස ශ්‍රි ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියට පත් කරනු ලබන විභාගය වෙනස්කර ඇයගේ කණ්ඩායමට වාසිවන ලෙස සකස්කර, විශේෂ ⁣ශ්‍රේණිය ට පත්වු රාජ්‍ය සේවය ගණිකා මඩමක් කළ කාන්තාවකි. මැය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් වුවහොත් , රාජ්‍ය සේවය රැකගෙන ආ කීර්තිය මැකී යනු ඇත.

මේ කරන්නට යන විනාශය සුළුපටු නොවේ..

ගාමිනි සෙනරත් විසින් මෙම මංගලා දයාරත්න නැමැත්තිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ධූරයට පත්කරන්නේ නම් රනිල් වික්‍රමසිංහ හරහා සභාපතිවරයාට යූරෝපිය රටකට තානාපති තනතුරක් ලබාදෙන බවද පවසා ඇතැයි වාර්තා වේ. එහෙත් තවමත් කොන්ද පණ ඇති නිලධාරීයකු ලෙස කටයුතු කරන රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා වරප්‍රසාද, වරදාන වලට රැවටුනහොත් රාජ්‍ය සේවයට අබසරණම ය. රාජ්‍ය සේවයේ පත්කිරීම්, උසස්කිරීම්, මාරුකිරීම්, අභියාචනා, විනය පරීක්ෂණ යන රාජ්‍ය සේවයේ වැදගත්ම කොටස් පවරා ඇත්තේ එම කොමිෂන් සභාව ස්වාධීන නිසාවෙනි. රාජපක්ෂ ගැත්තෙක් ගාමිනි සෙනරත්ගේ කීමට සභාපති වරයා විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්  ධූරයට පත්කළහොත් එම ස්වාධීනත්වය විනාශ වී රාජ්‍ය සේවයේ මුදුන් මල්කඩ සුනුවිසුනු වි යනු නියතය. මෙම පාපි ක්‍රියාව වහාම නතර කළ යුතුය. මේ රට ආර්ථික වශයෙන් අන්ත අසරන කොට ජනතාවට එක වේලක්වත් කන්නට අවස්ථාව නොදුන් මහින්ද රාජපක්ෂ ගැත්තන් මේ කරන්නට යන විනාශය සුළුපටු නොවේ. නව සභාපති වරයා ස්වාධීන තීරණ ගෙන මහින්ද රාජපක්ෂ ඇම්බැට්ටියකට ලේකම් ධුරය නොදී රාජ්‍ය සේවය තව කල්ප ගණනාවකට ගෙන යෑමට හැකි සුදුසු නිලධාරීයකු පත් කරනු ඇතැයි විශ්වාස කරමු..!

-ශ්‍රී ලංකා පරිපාලන නිලධාරීන් පිරිසක් විසිනි

---------------------------
by     (2023-07-12 15:46:27)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links