-විපක්ෂ නායකගෙන් විශේෂ නිවේදනයක්
(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.16, ප.ව.5.00) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර සඳහා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට නම් රුපියල් 13,299,010 / 99 ක් (රු. එක්කෝටි තිස්තුන් ලක්ෂයක්) ගෙවන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය විසින් දළදා මාලිගවට දැනුම්දී තිබේ. (ලිපියේ පිටපතක් මෙහි ඉමේජයක දැක්වේ) ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට තම අප්‍රසාදය පළකරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එය සම්පූර්ණයෙන් පහත දැක්වේ.
එතෙර මෙතෙර බෞද්ධයින්ගේ මුදුන් මල්කඩවන් ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික දළදා පෙරහැරට පෙර කිසිකලෙක නොවූ විරූ පරිදි විදුලි බිල්පතක් ලියා ආණ්ඩුව ස්වකීය අශිෂ්ට, අමනෝඥ පිලිවෙත හෙළිදරව් කොට ඇති අතර මේ පහත් ක්‍රියාව සම්බුදු දහමටත්, මුළුමහත් බෞද්ධ සමාජයටත්, පොදුවේ මුළු මහත් රටටත් කරන ලද නිගාවක් වන අතර, විශේෂයෙන්ම ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර පිළිබඳව අවධානය යොමු කරන ලෝකවාසී ප්‍රජාවටත් සිදුකරන ලද බරපතළ අවමානයක් සේ සලකමි.
එය අප තුළ අති මහත් කම්පනයක් ඇති කළ බව සිහිපත් කරන අතර මේ අත්තනෝමතික තීන්දුව ගත් ආණ්ඩුවට අපගේ කොන්දේසි විරහිත පිළිකුල පලකරමි.
විශේෂයෙන්ම ජනරජ පෙරහැර වැනි කටයුතු උදෙසා ආණ්ඩුව පැකිලීමකින් තොරව මුදල් වෙන් කළ බව මේ මොහොතේ සිහිපත් කළ යුතු අතර, දෙස් විදෙස් කීර්තියක් උසුලන දළදා පෙරහැරට ආණ්ඩුව විසින් කරනු ලබන සැලකිල්ලෙහි තරම පිළිබඳව අප තුළ ඇත්තේ බලවත් පිළිකුලකි.
මීට පෙරද විහාරස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් දරාගත නොහැකි විදුලි බිලක් ආණ්ඩුව විසින් යොමු කොට තිබූ අතර මෙය බලවත් අප්‍රසාදය ගෙනදෙන කටයුත්තකි.
ඕනෑම රටකට අනන්‍ය වූ සංස්කෘතියක් ආගමික හර පද්ධතීන් ප්‍රමාණයක් ඇති බව පාලකයින් අවබෝධකොට ගත යුතු අතර ආගමික සහ සංස්කෘතික කාරණා අරභයා ආණ්ඩුවට ඇති අරියාදුව කුමක්දැයි රටට හෙලිදරව් කළ යුතුය.
විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථාන උදෙසා සහනදායි විදුලි බිලක් වෙත යොමුවීම ආණ්ඩුව නොවළහා කළ යුතු අතර ඒ උදෙසා සංස්කෘතික අරමුදලේ දායකත්වය ලබා ගැනීම ද කළ හැකිය. එය එසේ නොකොට, දරාගත නොහැකි බරක් ආගමික සිද්ධස්ථාන වෙත පැටවීම පිළිබඳව අපගේ බලවත් පිළිකුල සහ අසතුට මෙන්ම විරෝධය ද පළකර සිටිමු.
විපක්ෂ නායක
---------------------------
by (2023-07-16 11:45:15)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි