~

සෞදි අරාබියෙන් ආ රාජ්‍ය නියෝජිතයන්ට අපේ ගොබ්බ සභාපතියෙක් බැනලා..! රටට ලබා දීමට සූදානම් වූ ඩොලර් බිලියන ගණනක ව්‍යපෘතියක් දැන් අනතුරේ..! ජනාධිපතිගේ අවධානයට..!

-LeN අභ්‍යන්තර තොරතුරු සේවයේ පොල් සංවර්ධන මණ්ඩල වාර්තාකරු හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.17, ප.ව.10.40) සෞදි අරාබි රජය විසින් එරට ක්‍රියාත්මක කිරීමට නියමිත ගස් බිලියන 10 ක් වැවීමේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍යවන වගා මාධ්‍ය ලෙස පොල්ලෙලි ආශ්‍රිත වගා මාධ්‍ය වඩාත් යෝග්‍ය යැයි සෞදි අරාබි රජය විසින් තීරණය කර තිබේ. සෞදි අරාබි රාජ්‍යයේ පොල් ලෙලි ආශ්‍රිත වගා මාධ්‍ය භාවිතය තහනම් කර තිබු නමුත් මෙම ව්‍යාපෘතිය හේතුවෙන් එම තහනම ඉවත් කර ඇත. ඒ අනුව ලොව වගා මාධ්‍ය නිෂ්පාදනය කරන රටවලට එම අවස්ථාව ලබා දීමට ඔවුන් මෑතක දී තීරණය කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දුනීසියාවේ හා තායිලන්තයේ සංචාර වල නිරත වූ සෞදි අරාබියානු රාජ්‍යයේ නිළධාරීන් කණ්ඩායමක් එම රටවල් දෙකම මෙම ව්‍යාපෘතිය සඳහා සුදුසු නොවන බවට තීරණය කර තිබූ අතර 3 වන ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාවට පසු ගිය දිනක පැමිණිය හ.

සංචාරය සංවිධානය කළේ කව්ද?

ඔවුන්ගේ මෙම සංචාරය සංවිධානය කිරීමේ වගකීම සෞදි රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, කෘෂි කර්ම අමාත්‍යංශය,  ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය සහ වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින පොල් සංවර්ධන මණ්ඩලය විසින් භාර ගන්නා ලදී. ඔවුන් මෙරටට පැමිණීමෙන් පසු සම්බන්ධීකරණ කාර්යයන්  ශ්‍රී ලංකාවේ පිහිටි සෞදි අරාබි තානාපති කාර්යාලය සිදුකළේ ය. නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිළධාරීන් සමඟ එක්ව පෞද්ගලික අංශයේ කර්මාන්තශාලා කිහිපයක් නිරීක්ෂණයට සැලසුම් කර තිබිණ.

සෞදි රාජ්‍ය නියෝජිතයන් දැඩි කලකිරීමක..

නමුත් සෞදි රාජ්‍ය නිලධාරී කණ්ඩායමේ ලංකා සංචාරයේදී ඔවුන් දැවැන්ත කලකිරීමකට හා දැඩි අපහසුතාවයකට මුහුණ දෙන්නට සිදු වී ඇත. මේ හේතුවෙන් ඩොලර් බිලියන ගණනක ඇණවුමක් ලංකාවට නොලැබී යාමේ අවදානමකට දැන් ලක්ව ඇත. මේ අමනෝඥ දේශද්‍රෝහී ක්‍රියාවට අප රටේ දූෂිත රාජ්‍ය නිළධාරීන් පිරිසක් වගකිව යුතු බව අපි හෙළිකරමු. ඒ මෙසේය.

නිධාන කතාව..

හිටපු ඇමති අරුන්දික ප්‍රනාන්දුගේ පාසල් මිතුරෙකු වන මහාචාර්ය රොෂාන් පෙරේරා නමැත්තා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේශ් පතිරණ විසින් පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ලෙස පත් කරන ලදී. නමුත් රොෂාන් පෙරේරා මෙම තනතුර දැරීමට කිසිදු අත්දැකීමක් හෝ සුදුසු කමක් ඇති පුද්ගලයෙකු නොවීය. පසු ගියදා රටේ ආන්දෝලනාත්මක සිද්ධියකට තුඩු දුන් ලංකාවේ Toque Macaque වර්ගයේ වඳුරන් 100,000 ක් චීනයට පැටවීමේ  ව්‍යාපෘතියේ මහමොළකරු වූයේ මෙම මහාචාර්ය රොෂාන් පෙරේරා සහ ඔහුගේ චීන ජාතික බිරිඳ ය. ඒ ඔහු ඇමැති මහින්ද අමරවීරයේ ව්‍යාපාරික සගයෙකු වූ නිසා ය.  පොල් කර්මාන්තය හෝ ඊට අදාළ ක්‍රියාවලි හෝ පිළිබඳ කිසිඳු දැනුමක් නොමැති එලෝ පොල් ගැන පමණක් දන්නා මෙම පුද්ගලයාගේ හැසීරීම පිස්සෙකුගේ හැසිරීමට සමානය. ඔහු තම නිළධාරීන්ට ප්‍රසිද්ධියේ බැන වදී. අපනයනකරුවන්ගේ හමුවීම් වලදී ඔවුන්ට ද ප්‍රසිද්ධියේ බැන වදී. මෙවැනි ක්‍රියා කරන්නේ සැබැවින්ම මානසික ව්‍යාධියකින් පෙළෙන්නෙකි. එබැවින් මොහු පොල් සංවර්ධන මණ්ඩලයේ නොව එලෝ පොල් මණ්ඩලයක හෝ සභාපති තනතුරකට නුසුදුස්සෙකි.

සෞදි රාජ්‍ය තාන්ත්‍රිකයන්ට සැලකූ නින්දිත ආකාරය..

පොල් ලෙලි ආශ්‍රිත වගා මාධ්‍ය ගැන අධ්‍යයනයට ශ්‍රී ලංකාවට පැමිණි සෞදි අරාබි රාජ්‍ය තාන්ත්‍රිකයින් තිදෙනා සම්බන්ධීකරණය කළ යුත්තේ පොල් සංවර්ධන මණ්ඩලයේ නිළධාරියෙකු සමග විදේශ අමාත්‍යාංශයේ රාජ්‍ය නිළධාරියෙකු වන නමුත් හිටපු ඇමති අරුන්දික ප්‍රනාන්දු විසින් මෙම සම්බන්ධීකරණ කටයුතු වලට එවන ලද්දේ රොෂාන් පෙරේරා ගේ පාසල් මිතුරෙකු වන 'කිෂ්' නමැති රජයට කිසිදු සම්බන්ධකමක් නැති පුද්ගලයෙකි. සෞදි අරාබි රාජ්‍ය තාන්ත්‍රිකයින් තිදෙනා අවසාන දවසේ රාත්‍රී 8.30 පමණ කොළඹ සෞදි අරාබි තානාපති කාර්යාලයේ විශේෂ හමුවකට යාමට සූදානමින් සිටියහ. රොශාන් පෙරේරා හා කිෂ් දෙදෙනා විසින් මෙම රාජ්‍ය තාන්ත්‍රිකයින් තිදෙනා කොළඹට රැගෙන එනවා යැයි බොරු කියමින් තවත් 3 වෙනි පාර්ශවයක් යොදවා ඔවුන් වෙනත් වාහනයකට මාරු කරමින් රොශාන් පෙරේරාට හිතවත් වෙනත් ව්‍යාපාරික ස්ථානයක් නැරඹීමට බලහත්කාරයෙන් රැගෙන ගියේ ය. මෙහිදී තමන් කොළඹ යනවා වෙනුවට කුරුණෑගල ප්‍රදේශයට යන බව තේරුම් ගත් රාජ තාන්ත්‍රිකයින් තිදෙනා වහාම නැවත ඔවුන් නැවතී සිටි හෝටලය වෙත රැගෙන යන ලෙස පැවසුව ද රොශාන් පෙරේරා හා කිෂ් නැමති පුද්ගලයා එය කනකට නොගෙන ප්‍රතික්ෂේප කරමින් එම ව්‍යාපාරික ස්ථානයට රැගෙන ගියේය. නමුත් සෞදි නියෝජිතයෝ එය නිරීක්ෂණය නොකිරීමේ දැඩි තීරණයක සිටියෝ ය. එහිදී රොශාන් පෙරේරා හා කිෂ් නැමති පුද්ගලයා දරුණු වාග් ප්‍රහාර එල්ල කරමින් සෞදි රාජ්‍ය නියෝජිතයන්ට බැන වැදුනු අතර ඒ මොහොතේ දැඩි වචන හුවමාරුවක් දෙපාර්ශවය අතර සිදු වීය. පසුව එදින රාත්‍රී 10.00 පමණ වන විට ඔවුන් නැවතී සිටි හෝටල් කාමරයට ගෙනැවිත් දැම්මේය. මෙහිදී තමන්ට සිදු වූ සියළු අකරතැබ්බයන් ශ්‍රී ලංකාවේ සිටින සෞදි අරාබි තානාපතිවරයාට වාර්තා කළ පිරිස ශ්‍රී ලංකාවේ බලධාරීන් තමන්ට සැලකූ අකාරය ඉතා පිළිකුලෙන් යුතුව හෙලා දැක ඇත. ඔවුන් සෞදි අරාබියට ගිය විගස ඔවුන්ගේ ඉහළ බළධාරීන්ට මේ බව දැනුම් දෙන බව ද තානාපතිවරයාට  ප්‍රකාශ කර ඇත. අපට වාර්තා වන අන්දමට මේ සිදුවීම පිළිබඳව සෞදි අරාබි තානාපති විසින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයට මේ වන විටත් පැමිණිලි කර ඇත.

රටකට පැමිණෙන විදෙස් රාජ්‍ය නියෝජිතයන්ට බැන වදින පිස්සන් ඉන්නේ ලංකාවේ පමණි.  විෂයභාර ඇමති ලෙස වෛද්‍ය රමේෂ් පතිරණ එවැනි පිස්සෙක් රටේ වගකිවයුතු ආයතනයක සභාපතිධූරයක් ලබා දී තිබීමෙන් ඔහුගේ වෛද්‍ය වෘත්තිය ගැනද හට ගන්නේ සැකයකි.

ඩොලර් බිලියන 128 ක ව්‍යාපෘතියකින් ලංකාවට ඩොලර් බිලියන 10 ක් වත් ලබා ගැනීම දැන් අනතුරේ..

රාජ තාන්ත්‍රික ක්‍රමවේද පිලිබඳව හෝ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ක්‍රමවේද පිළිබඳ කිසිදු දැනීමක් නොමැති මෙවැනි පිස්සන් නිසා ශ්‍රී ලංකාවට ලැබීමට තිබූ ඩොලර් බිලියන ගණනක් වටිනා මහඟු ආදායමක් දැන් දැඩි අවදානමකට ලක්ව තිබේ. පොල් සංවර්ධන මණ්ඩලය තම පුද්ගලික බූදලයක් සේ සලකමින් සියළු දේ ඔහු සහ ඔහුගේ චීන ජාතික බිරිඳ විසින් භුක්තිවිඳින අතර ඔවුන්ගේ සියළු වැරදි හා නොමනා හැසිරීම් අනෙකුත් නිළධාරීන් වෙත පවරමින් ඔවුන්ට දෝෂාරෝපනය කරමින් සිටී.

දැවැන්ත ආර්ථීක ප්‍රශ්ණයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේ දියුණු රටක් වන සෞදි අරාබිය වැනි රට වලින් උදව් අවශ්‍යව ඇත. රටේ ඉවතලන පොල් ලෙල්ල සෞදි අරාබියට අපනයනය කරමින් ඩොලර් බිලියන 128 ක ව්‍යාපෘතියකින් අඩුම තරමේ ඩොලර් බිලියන 10 ක වත් මුදලක් ශ්‍රී ලංකාවට ගෙන ඒමට තිබූ මහඟු අවස්ථාව සභාපති රොශාන් පෙරේරාගේ ගොබ්බ තකතීරු ක්‍රියාකලාපය නිසා අහිමි වී යාමේ අවදානමකට ලක්ව ඇත. ශ්‍රී ලංකාවට මෙම අවස්ථාව දෙනවා ද නැද්ද  යන්න දිවයිනෙන් පිටව ගිය මෙම රාජ තාන්ත්‍රිකයින් ඉදිරියේදී තීරණය කරනු ඇත. අපට උදව් කිරීමට පැමිණි අයට කුඩම්මාගේ සැලකිලි කල රටකට ඔවුන් ඇණවුම් ලබාදේ යැයි විශ්වාස කළ නොහැකිය.

ජනාධිපතිවරයා හෝ සාගල හෝ පුද්ගලිකවම මැදිහත් වෙන්න..

සභාපති රොශාන් පෙරේරා ගේ තිබෙන දේශපාලන සම්බන්ධකම් වලින් කවුරුන් වෙත හෝ වරද පටවා මෙම සිදුවීම යට ගැසීමට උත්සාහ ගනු ඇත. නමුත් ඉදිරියේදී සෞදි අරාබිය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා දැවැන්ත ලෙස පලුදු වීමට මෙම සිද්ධිය පාදක වනවා නොඅනුමාන ය.

ජනාධිපතිවරයාගෙන් සහ ජනාධිපති උපදේශක සාගල රත්නායකගෙන් අප ඉල්ලා සිටින්නේ මෙවන් පිස්සන් නිසා මේ රට නැවත ගොඩ නැඟීමට තිබූ මහඟු අවස්ථාවක් අපෙන් ගිලිහී යා හැකි බැවින් මේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වී යෑමේ අවදානම වලක්වා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් පුද්ගලිකවම හෝ මැදිහත් වන ලෙසයි.   ශ්‍රී ලංකාවට දැවැන්ත විදේශ විනිමයක් ලබා දෙන ක්ෂේත්‍ර වල ඉහල පුටුවල රොශාන් පෙරේරා වැනි පිස්සන් තබා නොගන්නා ලෙසද ඔවුන්ගෙන් ඉල්ලා සිටිමු.

-LeN අභ්‍යන්තර තොරතුරු සේවයේ පොල් සංවර්ධන මණ්ඩල වාර්තාකරු විසිනි

---------------------------
by     (2023-07-17 17:14:51)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links