-ඩේලි මිරර් වාර්තාවක් සිංහලට නැගුවේ ආනන්ද
(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.27, ප.ව.5.25) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලිපි රැගෙන ක්‍රීඩා අමාත්‍යකාරයාගේ ඥාතීන් දෙදෙනෙකුත් ඕස්ට්‍රේලියාවට ගියා ද?
පසු ගිය වසරේ ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට්-නොවන කණ්ඩායමට රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යකාරයාගේ ඥාතීන් දෙදෙනකු ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලිපි මගින් පිටත්ව ගොස් ඇති බව ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ T20 ලෝක කුසලාන වියදම් පිළිබඳ විශේෂ විගණනයකින් පසු නිකුත් වූ විගණකාධිපති වාර්තාවේ කෙටුම්පතක සඳහන් වන පරිදි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති පුද්ගලයින් 35 දෙනෙකු ද ඕස්ට්‍රේලියානු වීසා සඳහා එම ආයතනයෙන් ලිපි ලබා ගෙන ඇත.
පුද්ගලයන් 35 දෙනෙකුගෙන් යුත් එම ලැයිස්‌තුවේ පෙර කී ඥාතීන් දෙදෙනාගේ නම් සඳහන් නොවූ නමුත්, ඩේලි මිරර් ප්‍රකාශ කරන්නේ ඔවුන් ද ඇත්ත වශයෙන්ම ඒ කණ්ඩායමේම කොටසක් බවයි.
තහවුරු කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් සඳහා ඩේලි මිරර් රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යකාරයා සමග සම්බන්ධ වූ නමුත් අමාත්‍යකාරයා ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත.
- 2023 ජුලි 26 වන දින Daily Mirror වෙබ් අඩවියේ පළ වූ, “Did two relatives of Sports Minister also go to Australia with SLC letters?” නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට නැගුවේ,
ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68
---------------------------
by (2023-07-27 12:05:57)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි