-මාණ්ඩලික වාර්තාකරුවෙකු ලියයි
(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.30, ප.ව.11.45) ජාතික රූපවාහිනිය සතු එකම දෙමළ නාලිකාව වන නේත්‍රා නාලිකාව (කලින් චැනල් අයි) ස්වර්ණවාහිනිය මිලට ගත් අල්ලිරාජා සුබාස්කරන් ට කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව තුට්ටු දෙකක මිලකට පවරා දීමට මාධ්‍ය ඇමැති කුප්‍රකට බන්ධුල ගුණවර්ධන සහ ඔහුගේ පුත්‍රයා කටයුතු කරමින් සිටින බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
බන්ධුල මේ සඳහා කැබිනට් අනුමැතියක් ලබාගෙන තිබේ. නමුත් රාජ්‍ය දේපොලක් බදු දීම හෝ විකුණා දැමීම හෝ කළ යුතු වන්නේ නිශ්චිත ප්‍රසම්පාදනයකට අනුව ටෙන්ඩර් කැඳවීමකින් අනතුරුව ය. මේ ගණුදෙනුවේ එවැන්නක් නැත.
'නේත්‍රා' ලෙස නම් වෙනස් කරමින් එය දෙමළ භාෂිත නාලිකාවක් පමණක් ලෙස වෙනස් කිරීමට පෙර එය තිබුනේ 'චැනල් අයි' නමිනි. චන්ද්‍රිකා-මංගල යුගයේ දී නැවුම් වැඩ සටහන් වලින් යුත් එම නාලිකාව තරුණ තරුණියන් අතර ඉතා ජනප්‍රිය වූ අතර එය ආරම්භ කරන ලද්දේ ප්‍රකට රූපවාහිනී මාධ්‍ය ප්‍රවීනයෙකු වන නිමල් ඒකනායක විසිනි. නොමේරූ බහුබූතයන් ජාතික රූපවාහිනියට අරක් ගැනීමෙන් අනතුරුව චැනල් අයි පමණක් නොව සමස්ථ ජාතික රූපවාහිනියම පාඩු ලැබූ අතර වැටුප් ගෙවීමට පවා භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලා ගැනීමට සිදුවිය.
පසුගිය කාලයේ තවත් රූපවාහිනී මාධ්‍ය ප්‍රවීනයෙකු වන අසංග ජයලත් ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට පත් වූ මාස 6 ක පමණ කාලයේ දී ඔහු විසින් නේත්‍රා නාලිකාව ලංකාවේ දෙමළ කතාකරන ජනතාව වැඩියෙන්ම වෙසෙන උතුරු පළාතට හොඳින් නැරඹීමට අවශ්‍ය තාක්ෂනික වැඩි දියුණුකම් සිදුකෙළේ ය. නේත්‍රා දෙමළ නාලිකාවක් වුවද එය උතුරට නරඹන්නට නොහැකිව තිබිණ. ඇත්ත වශයෙන්ම කිව හොත් දැන් නේත්‍රා නාලිකාව තමිල්නාඩුවෙන් කොටසකට ද නැරඹිය හැකි තත්ත්වයට තාක්ෂනයෙන් උසස් කෙරිණ. එහි ප්‍රතිලාභ ලැබීමට පෙර මෙය දැන් අල්ලිරාජාට පවරා දෙන්නට යන්නේ මසකට රු. මිලියන 25 ක තරම් සොච්චම් මුදලකට ය. තහවුරු නොකළ වාර්තා පවසන්නේ අල්ලිරාජා එය මසකට රුපියල් මිලියන 90 කට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ප්‍රති බදු දීමට යන බවයි. (ලාබ ලබන ටෙලිකොම් ද විකුණා දමන්නට යන්නේ අල්ලිරාජාට යැයි පැවසේ.)
ඒ එසේ නම් ජාතික රූපවාහිනියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එය ඍජුව බදු දීමට නොහැක්කේ මන්ද? රුපියල් මිලියන 65 ක් පාඩු ලබන ගණුදෙනුවකට යන්නේ ඇයි? එමගින් අත යට ගණනක් ඇමැති බන්ධුලට සහ පුත්‍රයාට යන්නේ ද? රූපවාහිනියේ සම්පත් විකුණා දැමීමට අකමැත්තක් දැක්වූ ඩබ්.බී. ගනේගල සභාපති ධූරයෙන් ඉවත් කර, 'ලංකා බෙල්' ආයතනය විකුණා ගන්නටවත් බැරි අන්දමට බංකොලොත් කළ, 'ලංකා බෙල්' හි හිටපු CEO ප්‍රසාද් සමරසිංහ නම් හීපාටුවා සභාපති ලෙස පත් කරන ලද්දේ මේ ගණුදෙනුව සඳහාම ද? මේ ප්‍රශ්න වලට බන්ධුල පිළිතුරු දිය යුතුය.
දාරළුවේ දුර්ලභ පඬුකරඳ ගස විනාශ කිරීමෙන් අනතුරුව තෙත් කලාපයේ වැවෙන ශාකයක් වන පඬුකරඳ පැල 200 ක් රැගෙන ගොස් ලංකාවේ ශුෂ්ක කළාපයට අයත් වන කතරගම ගොස් හිටැවූ තඩි ගොනෙක් වන බන්ධුල ගුණවර්ධන නේත්‍රා නාලිකාව අල්ලිරාජාට විකුණන්නේ නම් ගොං කමකට නොවේ. අතයට විශාල මුදල් කුට්ටියකට බව වත්මන් දේශපාලුවන් ගැන දන්නා සියළු දනෝ දනිති.
---------------------------
by (2023-07-30 21:01:12)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි