-ස්කිපර් වාර්තාකරයි
(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.14, ප.ව.11.40) ශ්‍රී ලංකාවේ පැන නැගුනු ආර්ථික අර්බුදයත් සමග ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය විශාල ලෙස බිඳවැටීමකට ලක් වී ඇති අතර අධික ඉන්ධන මිල, යන්ත්‍ර උපකරණ වල මිල ගණන් අධික වීම නිසා ධීවර යාත්‍රා බොහොමයකට ධීවර කර්මාන්තයේ නියලීමට නොහැකි වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තවේදී පැවසීය. පසුගිය වසරේ මසුන් නිෂ්පාදනය 8.9% පහලට ගොස් ඇති අතර මත්ස්‍ය මිලේ අඩුවක් නොමැති නිසා මාළු ආහාරයට එක් කරගැනීම දෙවරක් සිතිය යුතු බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.
ධීවර අමාත්‍යාංශයේ සහ ලංකා ධීවර සංස්ථාවේ අරමුණ විය යුත්තේ නිසි කළමනාකරණය යටතේ වෙළදපොළ ඒකාධිකාරය මැඩ පවත්වා මෙම තත්ත්වයට පිළියම් සෙවිය යුතු බව සඳහන් කළ ඔහු මේ සඳහා රජය කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවද අචධාරණය කළේය.
Express Pearl නැවේ ඛේදවාචකය සම්බන්ධයෙන් ධීවර අමාත්‍යාංශය හානිය ගණනය කොට ඇත්තේ මී ගමුවේ සිට පානදුර දක්වා පමණක් බවත්
එය සම්පුර්ණයෙන්ම වැරදි බවද මේ නිසා ධීවර කේෂ්ත්‍රයට හා මත්ස්‍ය සම්පතට සිදු වූ හානිය ධීවර අමාත්‍යාංශය ගණනය කර නොමැති බවත් ඒ පිළිබද අවධානය යොමු කොට මෙම වැරැද්ද නිවැරදි කරන ලෙස ධීවර අමාත්‍ය වරයාගෙන් ඉල්ලීමක් කළේය.
සාගර සම්පත නිසි පරිදි කළමනාකරණය කිරීම තුලින් ධීවර කර්මාන්තය මෙරටට අදායම් ගෙන දෙන ප්‍රමුඛතම මාර්ගක් ලෙස ගොඩනැංවිය හැකි බව රජය පිළිගත්ත ද ධීවර කර්මාන්තයේ උන්නතිය උදෙසා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවදැයි විපක්ෂ නායකයා ප්‍රශ්න කෙළේ ය.
මෙරට කලපු මත්ස්‍ය සම්පත රැකගැනීම සඳහා කලපු සංරක්ෂණය කිරීමේ විධිමත් වැඩපිළිවෙලක් රජය දියත් කලේද යන්නත් එසේ නම් ඒවා කවරේද යන්නත් තවදුරටත් ප්‍රශ්න කෙළේ ය.
භූමිතෙල් සහ ඩීසල් ඉන්ධන මිල ගණන් ඉහල යාම, බහුදින ධීවර යාත්‍රා සඳහා ආහාර පාන වියදම් හා ධීවර යාත්‍රා අමතර කොටස් සඳහා යන වියදම් ඇතුළු අනෙකුත් වියදම් ඉහල යාම නිසා ධීවරයන් රැසක් මෙම කර්මාන්තය අත හැර ගොස් ඇති බව රජය දන්නේදැයි සජිත් ප්‍රේමදාස විමසී්‍ය.
ධීවර කර්මාන්තයේ යෙදීම සදහා අවශ්‍ය ඉන්ධන සහනදායි මිලක් යටතේ ලබාදීම සඳහා ක්‍රමවේදයක් සකස් කළ නොහැකිද යනුවෙන් ඇසූ සජිත්, චීනයෙන් ලැබුණු ඉන්ධන සහනාධාරයෙන් පොරොන්දු වූ ප්‍රමාණය ධීවර ජනතාව ට ලබා නොදුන් බවද අමාත්‍යවරයාට මතක් කර දුන්නේ ය.
ධීවර කර්මාන්තයේ නොයෙලීම හේතුවන් මෙරට මත්ස්‍ය අස්වැන්න විශාල ලෙස අඩු වී ඇති බවද මත්ස්‍ය මිල ගණන් ඉහළ යාම හා මන්දපෝෂණ තත්ත්වයක් පවතින කාලයක දරුවන්ගේ පෝෂණය සම්බන්ධව ඍජුව මෙය අහිතකර ලෙස බලපෑ ඇති බව ද රජය දන්නේ දැයි ප්‍රශ්න කෙළේ ය.
2022 වසරේ ධීවර අංශය මගින් මෙරටට කොපමණ අපනයන අදායම් හිමි වී තිබේද යන්නත් මත්ස්‍ය නිෂ්පාදනය ආශ්‍රීතව සිදුවන අතුරු නිෂ්පාදන ගැන සැහීමකට පත් විය හැකිද යන්නත් මෙම නිෂ්පාදන චැඩිදියුණු කිරිමට රජය ගෙන ඇති පියවර කවරේදැයි යන්නත් විමසීමක් කළේය.
විදේශීය රටවල් මත්ස්‍ය ඇල්ලීම සඳහා භාවිතා කරන විවිධ ක්‍රම නිසා මෙරට සාගර කලාපය තුල වෙසෙන මත්ස්‍ය සම්පතට හානි සිදුවන බව රජය දන්නේ දැයි විමසු අතර ඒ වැලැක්වීම සඳහා රජය ගෙන ඇති පියවර කචරේද යන්න තවදුරටත් විමසුවේ ය .
ලංකා ධීවර. සංස්ථාවේ පාලන අධිකාරිය විසින් එහි සේවක අර්ථ සාධක අරමුදල්, භාරකාර අරමුදල්, සහ විශ්‍රාමික පාරිතෝෂක දීමනා ගෙවීම් සිදු කර නොමැති බවද මෙම ගෙවීම් ප්‍රමාද වීමට හේතු කවරේද යන්නත් ඒවා ගෙවීම සිදු කරන්නේ කුමන කාලයක දී ද යන්නත් ප්‍රශ්න කළ විපක්ෂ නායකයා රුපියල් කෝටි 65 ක් පමණ මෙම අරමුදල් හා දීමනා ගෙවිය යුතු බවත් සඳහන් කළේය.
පසු ගිය වසරේ ශ්‍රී ලංකා ධිවර සංස්ථාව මගින් ඍජුවම මිලදී ගත් මත්ස්‍ය අස්වැන්නේ ප්‍රමාණය කොතෙක් ද යන්නත් ඒ හැරැණු කොට වෙනත් ආකාරයකින් මත්ස්‍ය අස්වැන්න මිලදි ගැනිමට කටයුතු කොට තිබේද යන්නන් එසේ නම් කොපමණ මසුන් ප්‍රමාණයක් මිලදී ගෙන තිබේද යන්නත් ඒවාට හේතුවු කාරණා සම්බන්ධව විමසිමක් කළේය.
පෞද්ගලික වෙළඳුන් ගෙන් මිලදී ගන්නා මසුන් නිසා ලංකා ධීවර සංස්ථාවට අය විය යුතු රුපියල් කෝටි 10 කට අධික මුදල් ආයතනයට වංචනිකව අහිමි වන බවද මෙම වංචාවට වගකීව යුත්තේ කවරෙක් ද යන්නත් ප්‍රශ්න කළේය.
ගාල්ල නගරයේ ඇති විශාලතම ශීතාගාරය බදු දීමට රජය කටයුතු කර තිබේද යන්නත් එය කුමන පිරිසකටද යන්නත් එම බදු මුදල් ලංකා ධීවර සංස්ථාවට හිමි වී තිබේද යන්නත් එසේ නොලැබුනේ නම් එයට හේතු කවරේදැයි විමසූ අතර මේ සඳහා රජය විසින් ගනු ලබන්නා පියචර පිළිබඳ විමසීමක් ද කළේය. මෙම ශීතාගාරය විධිමත් පාටිපාටියකින් තොරව බදු දී ඇති අතර එම බදු මුදල් නිසිආකාරව ආයතනයට ලැබී නොමැති බවද මේ සඳහා ගන්නා ක්‍රියාමාර්ග මොනවාදැයි ඇමතිවරයාගෙන් විමසා සිටියේ ය.
ධිවර කේෂ්ත්‍රයේ සියලුම ආයතන වල වංචා දුෂණ රැසක් පවතින බවද අමාත්‍යවරයා ගේ අවධානයට ලක් කළ අතර ධීවර සංස්ථා කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේ පැවති ණය වලින් රුපියල් ලක්ෂ 33ක් මහා භාණ්ඩාගාරයෙන් 2017 නැවත ගෙවා මෙට්‍රෝ නමින් ආරම්භ කළ නව වැඩපිලිවෙලෙහි ණයබරතාවය කෝටි 15 දක්වා වර්ධනය වි ඇති බවද එම නිසා වැඩ බලන කළමණාකාර නිලධාරියා සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් මින් පෙර එම කාර්යාලයේ ණයබර රුපියල් කෝටි 3ක් තිබියදී එම කළමණාකරු ඉවත් කළ බවද මෙම ණයබර කෝටි 15 වනවිට කළමණාකාර නිලධාරියා පිලිබඳ කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවද සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ ය.
2022 වර්ෂයේ ධීවර සංස්ථාව මගින් අහ්‍යන්තරව මිලදීගත් මසුන් ප්‍රමාණය හා පුද්ගලිකව මිලදී ගත් මසුන් ප්‍රමාණය පිළිබඳ සම්පූර්ණ විස්තර වාර්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ අතර 2021 කොරෝනා කාලසීමාවේදී තලපත් මාළු සහිත කන්ටේනර් දෙකක් ධීවර සංස්ථාවට මුදාහැරීමට කටයුතු කර ඇති අතර එය ලංකා ධීවර සංස්ථාවට නොලැබුණු බවද එය ලබා ගැනීමට කටයුතු කළ ක්‍රිෂාන්ත රත්නායක මහතා සේවයෙන් ඉවත් කොට ඇති අතර කිලෝ 54000 කට ආසන්න මෙම තලපත් මාළු කන්ටේනර් දෙකට සිදුවූයේ කුමක් ද යන්න ඇමතිවරයාගෙන් විමසා සිටියේ ය.
ලංකා ධීවර සංස්ථාව මිලදී ගත් වැකියුම් මැෂින් යන්ත්‍රය මිලදී ගැනීමේදී වංචා සිදුවූ බවද ඒ පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ග කුමක්දැයි ඇමතිවරයාගෙන්
විමසා සිටි අතර 2015 ධීවර සංස්ථාවේ ආරම්භ කරන ලද අපනයන මත්ස්‍ය සැකසුම් ඒකකයේ වර්තමානය තත්ත්වය පිළිබඳව විමසූ අතර මේ සඳහා රුපියල් කෝටි 20ක් වැය කොට ඇති බවද තවමත් මෙහි වැඩ අවසන් කොට නැති බවද අනාවරණය කෙළේ ය.
රුපියල් කෝටි ගණනක මූල්‍ය කටයුතු සිදුවන ධීවර සංස්ථාවේ ගම්පහ කාර්යාලයේ කළමණාකරුගේ අවුරුදු 13 ක අබණ්ඩ සේවයට හේතුව විමසු අතර ධිවර කේෂ්ත්‍රයේ වංචා දූෂණ හා ප්‍රශ්න ගනණාවක් ඉදිපත් කෙරුණු අතර සුදුසුකම් නොමැති පුද්ගලයින් වැඩබලන කළමණාකරුවන් ලෙස පාලන අධිකාරියට හිතවත් පුද්ගලයින් පත්කොට ඇති අතර මෙය වැරදි ක්‍රියාවක් බවත් අභ්‍යන්තර විගණක තනතුර සඳහා සුදුසුකම් ලත් පුද්ගලයෙක් මේ දක්වා බඳවා ගෙන නොමැති බවද ඇමතිවරයාගේ අවධානයට ලක් කෙරුණු අතර ධීවර කේෂ්ත්‍රය ගොඩනැගීමට හා මේ සම්බන්ධ ආයතන වල සිදුවන වංචා දූෂණ හොරකම් සොයා බලා නිසි දඩුවම් ලබා දෙන ලෙසත් අවසාන වශයන් ඉල්ලීමක් කළේය.
---------------------------
by (2023-08-14 19:09:08)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි