~

සොල්දාදු උන්නැහේලා හිඟමනේ යවා හමුදාපති ලිලිපුට්ටා අමුඩෙන් එන 'අම්මට සිරි පාටි දෙකක්'..!

-සොල්දාදු උන්නැහේ හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.30, ප.ව‍.10.45)

හමුදාවේ නීතිය රකිනවාද බලන්න ඉන්න හමුදාවේ විනයාරක්ෂාධිපතිම නීතිය කඩන හැටි..

යුද හමුදා  නිලධාරීන්ට සහ සෙසු නිලයන් හට  මූල්‍ය අනුග්‍රාහකත්ව ලබා ගැනීම් , ටිකට් අලෙවි කර මුදල් එකතු කිරීම්, හෝ මොනයම් හෝ ආකාරයකින් ව්‍යාපාරිකයන්ගෙන් හා සාමාන්‍ය ජනතාවගෙන් මුදල් එකතු කිරීම සපුරා තහනම් කර තිබියදී සමස්ත හමුදාවේම නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වූ යුද හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මෙන්ම යුද හමුදාවේ විනය ආරක්ෂාධිපති අති දූෂිත කුප්‍රකට මේජර් ජෙනරාල් ක්ලිෆර්ඩ් සොයිසා විසින් මහ දවල් එම නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් එම බළකායේ සොල්දාදු  උන්නැහේලා සහ නිලධාරී උන්නැහේලා හිරිකිතකින් තොරව හිඟමනේ යවමින් සල්ලි එකතු කිරීම සැබවින්ම අප්‍රසන්න ය; පිළිකුල් සහගත ය.

සමස්ත යුද හමුදාවේ ප්‍රතිරූපයට  සිදුවන හානිය සහ එකතු කරනු ලබන මූල්‍ය ආධාර ප්‍රමාණය විනිවිදභාවයෙන් තොර වීමෙන් මූල්‍ය වංචා සිදු වීම නිසා අවශ්‍යම මුදල් එකතු කිරීම් යුද හමුදා මූලස්ථානය මගින් නීතිමය රාමුවකට යටත් කර තිබේ.

නීතිමය රාමුව මෙන්න..

ඒ අනුව  මුදල් එකතු කිරීම සඳහා සුවිශේෂී අනුමැතියක් යුධ හමුදා  මූලස්ථානය  මගින් ලබාගත යුතු අතර යම්කිසි ව්‍යාපාරයකින් හෝ තැනැත්තකු විසින්  යම් මුදලක් එකී අවසරය මත ලබා දෙන්නේ නම් එම මුදල ඉඳුරාම ව්‍යාපාරය හෝ තැනැත්තා විසින්ම යුද හමුදාපති ගිණුමට බැර කළ යුතු අතර එසේ බැර වීමෙන් අනතුරුව ඉල්ලුම් කළ ඒකකය වෙත අදාල මුදල් ප්‍රමාණය හමුදාපති අරමුදලෙන් ලබා දීම සිදුකරනු ලබයි.

හාස්‍යයට කරුණ නම් ඉහත යුද හමුදා විනය නීති පිලිවෙත් සියල්ල උල්ලංඝනය කරන, යුද හමුදා සාමාජිකයන්ට නීතිය  ක්‍රියාත්මක කිරීමට පත් කර ඇති  යුද හමුදා පොලිසියේ විනය ආරක්ෂා අධිපති විසින්ම එම නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමයි.

හමුදා පොලිස් ලොක්කාගේ සහ ලිලිපුට්ටාගේ සුදු හුණු ගෑමට හදිසි "කලර්ස් නයිට්"

එක ලෙස පජාත වී සිටින හමුදාපති ලිලිපුට්ටාගේ සහ සහචර හමුදා පොලිස් ලොක්කාගේ පශ්චාත්භාගයේ සුදු හුණු ගෑමට සොල්දාදු උන්නැහේලා හිඟමනේ යවා මුදල් හිඟමින් සැප්තැම්බර් පළවෙනිදාට (අනිද්දාට) කඩිමුඩියේ යොදාගත් පොලිස් හේවා බලකායේ "කලර්ස් නයිට්" එකක් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේදී  පැවැත්වීමට නියමිතය.

ඒකක 7 යි ලක්ෂ 35 යි..

කොළඹ, දියතලාව, ගිරිතලේ, අනුරාධපුර, යාපනය, කිලිනොච්චි සහ මුලතිව් යන කඳවුරු වල ස්ථාපනය කර ඇති යුද හමුදා පොලිස් හේවා බලකා ඒකකයන්හි අණදෙන නිලධාරිවරුන් ඒකකයකින් ලක්ෂ 5 බැගින් ලක්ෂ 35 ක් මේ සඳහා සොයා දිය යුතු අතර ඒ සඳහා සති දෙකක කාලයක සිට ඒ ඒ ප්‍රදේශයන්හි 'රතු තොප්පි කාර සොල්දාදු උන්නැහේලා' ගෙයක් ගෙයක් පාසා, කඩයක් කඩයක් පාසා හිඟමනේ යති.

සියලු රට වැසියන් දැඩි නියඟයකට මෙන්ම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මෙවන් කාලපරිච්ඡේදයක දිවයිනේ සිවුදෙසින් මහා පරිමාණයෙන් හිඟාකෑම දුගී ජනයා තවත් පීඩනයට ලක් කරන්නක් විය.

පීඩිත මහජනතාව විසින් මෙසේ සිඟමන් යදින සොල්දාදු උන්නැහේලාට හොඳම කුණුහරුපයෙන්  සංග්‍රහ කළ අවස්ථාද මේ අතර නැත්තේම නොවේ. එතුලින් සමස්ත යුද හමුදාවේ ප්‍රතිරූපයට සිදුවූ හානිය ගැන වග කියනුයේ කවුරුන්ද ?

කුලී වැඩ කළ සොල්දාදුවෝ....

යාපනය, මුලතිව්, කිලිනොච්චි යන ප්‍රදේශයන්හි ස්ථාපිත  යුද හමුදා පොලිස්  ඒකකයන් හට ලක්ෂ 5 බැගින්වූ මුදල් ප්‍රමාණයක් සොයා ගැනීමට ප්‍රමාණවත් වපසරියක් නොතිබූ නිසා නිවාඩු යන සෑම සෙබලෙකු හට නිවාඩු ගොස් පැමිණෙන විට රුපියල් හය දහස බැගින් ගෙනැවිත් දෙන ලෙසට අණදෙන නිලධාරීවරුන් අණ දුන්නෝ ය..!

ලැබෙන සොච්චම් වැටුප ද ජීවත්වීමට  ප්‍රමාණවත් නොවූ සමයක රුපියල් හය දහසක් පඩියෙන් වෙන් කළහොත් අඹු දරුවන් බඩගින්නේ තැබීමට සිදු වන බව  හොඳින් දන්නා සොල්දාදු උන්නැහේලා, අහෝ තම නිවාඩුවෙන් දින දෙකක් කුලී වැඩ කර එම මුදල මෙකී පජාත 'කලර්ස් නයිට් එක' වෙනුවෙන් ලබා දුන්නෝ ය.!

ලිලිපුට්ටාට දෙන අම්මටසිරි පාටි දෙක....

මෙසේ සොල්දාදු උන්නැහේලා කුලී වැඩ කර හිඟා කමින් රැස්කල ලක්ෂ 35 ක මුදලින් හමුදාපති  ලිලිපුට්ටා  වෙත පිරිනැමෙන  ඉස්තරම් වර්ගයේ තේ පැන් සංග්‍රහය සඳහා රුපියල් හාරලක්ෂ හැත්තෑ දහසක් (රු. 4,70,000)  සහ එදිනම රාත්‍රියේ නිලධාරී නිවස්නයේදී හමුදාපති  ලිලිපුට්ටා හට පිරිනැමෙන ඉස්තරම් විස්කි පාටිය සඳහා රුපියල් ලක්ෂ විසිපහකට අධික (රු.25,000,00) මුදලක්ද වියදම් වශයෙන් ඇස්තමේන්තු  කර තිබේ.

ඛෙදනීයම කරුණ නම් මුදල් සෙවීමට අපා දුක් විඳ එම උත්සවය සඳහා සහභාගී වන සොල්දාදු උන්නැහේලා දහසක ට හිමි වනුයේ මාළු පාන් ගෙඩියක් සහ ප්ලේන්ටියක් බැගින් වීම ය.

හමුදාවම පජාත කර ලක්ෂ 35 ක් සොයා වර්ණ දෙන්නේ 7 කට පමණයි...

ලක්ෂ 35 ක මුදලක් හිඟා කා පවත්වනු ලබන මෙම "අම්මට සිරි වර්ණ රාත්‍රියේදී" හමුදාපති ලිලිපුට්ටා අතින් වර්ණ පිරිනමනුයේ සොල්දාදු උන්නැහේලා හත් දෙනෙකුට පමණක් වන අතර හුදෙක් මෙය වර්ණ රාත්‍රියක් නොවූ හමුදාපති ලිලිපුට්ටා සහ හමුදා පොලිස් ලොක්කා වර්ණ ගැන්වීමට සංවිධානය කළ 'අම්මට සිරි රාත්‍රියක්' බව සක් සුදක් සේ පැහැදිලිය.

-සොල්දාදු උන්නැහේ

---------------------------
by     (2023-08-30 17:24:26)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links