~

වී ගොවියාට සාධාරණය කරන්න කියා වී මෝල් කාරයන්ට ආණ්ඩුවෙන් අම්මට සිරි ණයක්..!

(ලංකා ඊ නිව්ස් -2023.සැප්.03, ප.ව‍.8.00) වී මෝල් කාරයන් නාඩු හාල් කිලෝවක මිල පවා අහස උසට නංවද්දී  යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීමේදී වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබා දීම සඳහා වී මෝල් හිමියන් සවිබල ගැන්වීමේ අරමුණෙන් යැයි කියා යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙත සහනදායී පොලී අනුපාතයක් යටතේ ණය යෝජනා ක්‍රමයක් (Pledge Loan Scheme) සැප්තැම්බර් 01 දින සිට ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.
 
ඒ අනුව දෛනික ඇඹරුම් ධාරිතාව මෙට්‍රික් ටොන් 25ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් සහිත වලංගු ව්‍යාපාර ලියාපදිංචියක් හිමි වී මෝල් හිමියන් වෙත මෙම ණය මුදල ලබා ගැනීමේ හැකියාව පවතී. එක් මෝල් හිමියකු සඳහා 16%ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ රුපියල් මිලියන 50 ක උපරිමයකට යටත්ව මෙම ණය මුදල ලබා ගත හැකිය. ඉන් 12%ක පොලී අනුපාතයක් මෝල් හිමියන් දැරිය යුතු අතර ඉතිරි 4% පොලී සහනාධාරයකි.

අදාළ ණය මුදල දින 180 ක් තුළ ගෙවා අවසන් කළ යුතු ය. මහජන බැංකුව සහ ලංකා බැංකුව මගින් ලබා දෙන මෙම සමස්ත ණය මුදල්වල වටිනාකම රුපියල් මිලියන 4,000ක් හෙවත් රුපියල් කෝටි 400 කි.
 
2023 අගෝස්තු මස 14 වැනි දින අමාත්‍ය මණ්ඩලය මගින් ගනු ලැබූ තීරණයකට අනුව ආරම්භ කෙරෙන මෙම සහන ණය යෝජනා ක්‍රමය මෙම වසරේ සැප්තැම්බර් මස 01 දින සිට නොවැම්බර් මස 30 වැනි දා දක්වා ක්‍රියාත්මක ය.‍

---------------------------
by     (2023-09-03 14:39:06)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links