-ජනමිත්‍ර ලියයි
(ලංකා ඊ නිව්ස් -2023.සැප්.10, ප.ව.10.45) වසංගතයක දී ඇන්ටිජන් වලින් ගසා කෑ දිලිත් ජයවීර නම් හිත් පිත් නැති හාදයාට අයත් නයි දෙරණ සිනමා සම්මාන උළෙල ආරම්භ කළේ 2012 දී ය. අනාගත ජනාධිපතිවරණයකදී කඩේ යන නළු නිළි රැලක් ඇති කර ගැනීම උදෙසා මෙය ආරම්භ කළ ද සිනමාවට සම්මාන උළෙලක් ඇරඹීම වටිනා කටයුත්තකි. පළමුවන සම්මාන උළෙලට වඩා දෙවන සම්මාන උළෙල උත්සව සිරියෙන් සමන්විත වූ අතර මෙවර පසුගිය සැප්තැම්බර් 08 දා වන විට එය බල්ලාට ම ගොස් තිබුණි.
උළෙලේ ආරම්භය සවස 6 ට කියා කී නමුත් ආරම්භ වූයේ සවස 7:30 වන විට ය. චිත්‍රපට 17 ක් තෝරාගෙන තිබුන ද ඔවුන් හිතාමතාම චිත්‍රපට 12 ක් අමතක කොට සම්මාන දුන් බව ඉතාම පැහැදිලිව පෙනෙන්නට තිබුණි. ජුරිය සඳහා තෝරාගෙන සිටි විමුක්ති ජයසුන්දර, ප්‍රසන්න ජයකොඩි, සුදත් මහ දිවුල්වැව තමන් මෙතෙක් උපයා ගෙන තිබූ කීර්තිය දෙරණේ ඉඳුල් අනුභව කිරීම සඳහා යොදාගෙන ක්‍රියා කළ බව ද පැහැදිලිව පෙනෙන්නට තිබේ. ජාත්‍යන්තර සම්මාන පවා ලැබූ විමුක්ති ජයසුන්දර පිටකොන්දක් නැති ගැරඬියෙක් බව තහවුරු වුයේ අශෝක හඳගමගේ ගේ විශිෂ්ට නිර්මාණයක් වූ Alborada චිත්‍රපටයේ ප්‍රධාන නිළියගේ චරිතය රඟපෑ විදෙස් නිළියට මේ ග්‍රහ ලෝකයේ කිසිදු සම්මාන උළෙලක නොමැති අයුරින් 'හොඳම සහාය නිළියට' හිමි සම්මානය දීමෙනි. ප්‍රධාන නිළියක් සහාය නිළියක් කිරීම ද ලෝක වාර්තාවකි. විමුක්ති ජයසුන්දර, ප්‍රසන්න ජයකොඩි හා සුදත් මහදිවුල්වැව හැරුණුකොට ලාල් හරින්ද්‍රනාත්, අනෝමා රාජකරුණා යන දෙදෙනාද ජුරිය නියෝජනය කොට ඇත.
සාමාන්‍යයෙන් සිනමා සම්මාන ජූරියක් සඳහා සිනමා කැමරාකරුවෙකු හා රංගන ශිල්පියෙකු හෝ ශිල්පිනියක් සහභාගි කරගන්නේ විවිධ අංශ නියෝජනය සඳහා ය. මේ අපූරු ජුරියට අනුව දෙරණේ සුකිරි බටිල්ලියක් වූ නෙත්මි රොෂෙල්, ආදරණීය ප්‍රාර්ථනා නම් සීනිබෝල චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම නිළියට පවා නිර්දේශ කිරීමත්, ආශාවරී චිත්‍රපටයේ ඉෂන්කා හොඳම නිළිය සඳහා දෙවන නිර්දේශ කිරීමත් ඉතා හිරිකිතය.
ලාල් හරින්ද්‍රනාත්, අනෝමා රාජකරුණා දෙදෙනා මන්ද බුද්ධික විය හැකි වුවද සාමාජය ඉදිරියේ සර්ව සාධාරණය වෙනුවෙන් සටන් කරන විමුක්ති ජයසුන්දර, ප්‍රසන්න ජයකොඩි සහ සුදත් මහදිවුල්වැව තිදෙනා අනෙක් සියලු චිත්‍රපට අමතක කොට යුරේනි නොශිකාට හොඳම නිළිය ලෙස තෝරා සම්මාන දීමට තරම් ගොන් මැන්ටල් තුනක් වීම කෙතරම් ජුප්සාජනක ද.? දෙරණේ බලපෑම් පැමිණියේ නම් ඉතාම ගෞරවයෙන් ඔවුන් ඉල්ලා අස්වී ඉවත්ව නොගියේ මන්ද?
තවද 2022 වසරේ සුරංග ද අල්විස් නැමැත්තා අධ්‍යක්ෂණය කළ කසි කබල් The Game නම් චිත්‍රපටයට නිර්දේශිත නාම 10 ක් සමග සම්මාන දෙකක් දීමට තරම් මෙම ජූරිය අනුභව කෙළේ පුන්නක්කුද? යන්න විශාල ගැටලුවකි.
දෙරණ මිට පෙර වසරකදී සම්මාන උළෙලක් පැවැත් වූ විට සිනමා ඔෆ් ටුමොරෝව් කාණ්ඩයට නයිට් රයිඩර් චිත්‍රපටය තරඟ වැදුණු අතර එවිට එම වසරේ සිනමා ඔෆ් ටුමොරෝව් සඳහා හොඳම චිත්‍රපටයක් නොමැති බව කී දෙරණ මෙවර එම චිත්‍රපටය සඳහාම සම්මාන 8 ක් නිර්දේශ කොට හොඳම නිළියට පවා සම්මාන ලබා දීම ගැන (දෙරණ සභාපති) ලක්සිරි වික්‍රමගේ සහ (අධ්‍යක්ෂ වැඩසටහන්) ශර්මිලා ධර්මරාසා ෆොන්සේකා නිදහසට කරුණු ලෙස කියන්නේ කුමක්ද ?
ඕනෑම සම්මාන උළෙලක තිබෙන හොඳම ගීත රචනය, හොඳම ගීතය වැනි සම්මාන මේ උළෙලේ දී අමතක කොට තිබූ දෙරණ තමන්ගේ අනාගත ව්‍යාපෘති වෙනුවෙන් දෙරණින් බිහිකළ වසු පැටවුන්ට ජනප්‍රියම කාණ්ඩයේ සම්මාන දීමෙන් එය වඩාත් හිරිකිත කළේය.
වසරේ වැඩිම අදායම් ලැබූ චිත්‍රපටයේ පබෝදා සංදීපනී, ගින්දරි චිත්‍රපටය සමග තවත් එම වසරේම චිත්‍රපටයක් සඳහා රංගනයෙන් දායක වූවා ය. ඇයගේ ජනප්‍රියත්වය නිසාම එය වසරේ අදායම් වාර්තා පිහිටැවූ චිත්‍රපටය බවට පත් විය. නමුත් අසාර්ථක චිත්‍රපටයක රංගනයෙන් දායක වූ දෙරණේ දෙවැනි ඉනිමේ නයනතාරා වික්‍රමාරච්චි වසරේ ජනප්‍රියම නිළිය වූවා ය. මේවා අම්මටම සිරි සම්මානය. (දෙරණ සභාපති) ලක්සිරි වික්‍රමගේ සහ (වැඩසටහන් අධ්‍යක්ෂ) ශර්මිලා ධර්මරාසා ෆොන්සේකා ලංකාවේ සිනමාව රුපවාහිනිය මෙන් කොත්තු ගැහීමට සිත්තන්නේ නම් එය සිහිනයක් පමණකි.
ඇන්ටිජන් දිලිත් ගේ අනාගත දේශපාලන ප්‍රොජෙක්ට් වෙනුවෙන් 'සිනමා සම්මාන' යන නාමය භාවිතා කිරීම වහාම නැවැත්විය යුතුය. නුඹලා ගේ කළු සල්ලිවලින් සිනමාව නැටවීමට අප ඉඩ තබන්නේ නැත. සිනමාව රූපවාහිනියෙන් කිසිලෙසක කිසිදිනෙක පෝෂණය වුයේ ද නැත. දෙරණට සම්මාන උළෙලක් අවශ්‍ය බයිට් වලට පමණි.
2023 සිනමා සම්මාන උළෙලින් සමස්ත සිනමාවටම කළේ අපහාසයකි. දිලිත්, කරුණාකර ඔබේ සිඟිති ආතල් නයි දෙරණ රූපවාහිනියට පමණක් සීමාකරගන්න. නැතිහොත් ලබන වසරේ සිට දෙරණ සම්මන උළෙල වර්ජනය කිරීමට කර්මාන්තයේ නියැලෙන්නන් ලෙස වෙනම සංවිධානය කිරීමට අපිට සිදුවනු ඇත.
ඇන්ටිජන් දිලිත් ජයවීර සහ නයි දෙරණේ සුනඛ සේනාවන්ගේ වැඩ ගැන අපි අවදියෙන් සිටිමු.
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/86
---------------------------
by (2023-09-10 17:32:32)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි