~

අලි හොරකමේ ගිය විනිසුරු තිළිණ ගමගේ පාතාලය එක්ක ඩීල්...!

-LeN අධිකරණ අභ්‍යන්තර තොරතුරු සේවයේ වාර්තාවකි

(ලංකා ඊ නිව්ස් -2024.පෙබ.19, ප.ව.6.30) ඇමති ටිරාන්ගේ හා දේශබන්දුගේ යුත්තියේ මෙහෙයුමට අමුතු තාලයේ නඩු තීන්දු දෙන කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අලි හොරකමේ ගිය හැටි.

තිළිණ ගමගේ වර්තමාන කොටුව මහේස්ත්‍රාත්වරයාය . එහෙත් ඔහු රටම දන්නේ අලි පැටවෙකු හොරෙන් තබාගත් මහෙස්ත්‍රාත්වරයා ලෙසිනි . තත්ත්වය වඩාත් දරුණු වන්නේ තිළිණ ගමගේ සතුව සිටි අලි පැටවා මව් කෙනෙර මරා අල්ලා ගත් එකෙකු බව තහවුරු වීම නිසාය. එහි වැරදි කිහිපයක් බැලූ බැල්මට නිරීක්ෂණය වෙයි. මව් කෙනෙර මැරීම, අලි පැටවා පැහැර ගැනීම, වනජීවියේ ලේඛණ ( අලි පොත) ව්‍යාජ ආකාරයෙන් යාවත් කාලීන කිරීම, වැනි වැරදි ගණනාවක් එම සිදුවීම පසු පස ඇත.

මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මෙම අලිපැටියා රඳවා සිටියේ මහරගම ඔහු පදිංචිව සිටි නිවසේය. අලිපැටවා ඔහුට විකුණා ඇත්තේ මහරගම අලි රොෂාන් නැමැත්තාය. අලි රොෂාන් යනු ලංකාවේ අංක එකට නම කියවෙන ජාවාරම් කාරයෙකි. මහරගම පුවක්පිටිය පන්සල කෙන්ද්‍රකරගෙන අලි ජාවාරම කළ අලි රොෂාන් අදටත් නිදැල්ලේය. ඔහුගෙන් අලි මිලදී ගැනීම නිසා උඩුවේ ධම්මාලෝක සහ කොලොන්නාවේ සුමංගල හිමිවරුන්ට ද චෝදනා එල්ල විය. මහේස්ත්‍රාත්වරයා මෙන්ම හොර අලිපැටවුන් මිලට ගත් සියල්ලෝ අදටත් නිදැල්ලේය.

තිළිණ ගමගේ සතුව සිටි අලි පැටියා ද මේ අලි රොෂාන් විසින් විකිණූ බව පැවසේ. එම අලිපැටියාට අදාලව ඇති සියළු ලේඛණ අසත්‍ය ඒවා බව තහවුරුව ඇත. අලිපැටියාගේ මුල් අයිතිකරු ලෙස ලේඛනවල සඳහන් චන්ද්‍රරත්න යටවර  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ තමාට කිසිදිනක අලි පැටවෙක් නොසිටි බව පැවසීමෙන් එය තහවුරු වෙයි.

මෙම සිද්ධියට අදාලව තමා අත් අඩංගුවට ගැනීම වලකාලන්නැයි ඉල්ලා මහේස්ත්‍රාත්වරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළ ද 2016 මාර්තු 8 හෝ ඒ ආසන්න දිනයක අධිකරණය එකී පෙත්සම ප්‍රතික්ෂේප කළේය. ඉන් අනතුරුව ඔහු අත් අඩංගුවට ගත්තද ඔහුට ඇප ලැබුනි. ඔහු ඇති දැඩි කළ අලි පැටවා නීත්‍යානූකූල නොවනා බව තහවුරු වීමත් සමග ඔහුට එරෙහිව නඩු පැවරුනි. තිළිණ ගමගේ ගේ වැඩ තහනම් වි‍ය.  එහෙත් ඔහු  රාජපක්ෂලාගේ සමීප වළල්ලේ හිතවතෙක් වූ නිසා දුෂ්කර සේවා ස්ථනයක් වූ කැබිතිගොල්ලෑවේ සිට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ස්ථාන මාරුවක් ලබාගෙන පැමිණීමට තරම් වාසනවන්තයෙක් විය.

තිළිණ ගමගේ විසින් ගොනුකළ පෙත්සම විභාගයට  ගත් අවස්ථාවේ අධිකරණය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා පොදු දෙපොළ පනත යටතේ තිළිණ ගමගේ අත් අඩංගුවට ගත හැකි බව පැවසීය. අලි සම්බන්ධ වැරදි වලට සාමාන්‍ය ජනයාට නඩු පැවරෙන්නේ ද මෙම පනත අනුවය. එවිට ඇප ලබාගැනීම අසීරුය. ඊට අමතරව වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනතේ 22 අ (7) 22 අ (12) 22 අ  (13) යටතේද ඔහුට එරෙහිව අපරාධ නඩුවක් ගොනුකළ හැකි බව එහිදී පෙන්වාදෙනු ලැබීය.

පොලිස් නිළධාරියෙකුට අස්වාභාවික ලිංගික ක්‍රියාවක්

තිළිණ ගමගේ මහේස්ත්‍රාත්වරයාගේ ක්‍රියාකලාපය අධිකරණ ක්ෂේත්‍රයේ  ගැටළුවක් වන්නේ අලි හොරකම නිසා පමනක් නොවේ. ඔහුගේ ඇතැම් ක්‍රියාකාරකම් මිනිස් සමාජයට නොගැලපෙන ඒවා ලෙස හැඳින්වීමේ වරදක් නැත. වරක් ඔහු තමා ලඟ සේවය කළ පොලිස් නිළධාරියෙකුට අස්වාභාවික ලිංගික ක්‍රියාවක් කරන්නට ගොස් හිරේ නොවැටි බේරුනේ අනු නමයෙනි. එම පොලිස් නිළධාරියා කොම්පඤ්ඤවීථිය පොලිසියට මේ ගැන පැමිණිළි කිරීමට ගිය අවස්ථාවේ පගාවක් ලෙස ලක්ෂ 20 ක් දී වැඩේ ගොඩින් බේරා ගැනීමට සමත්වූ බව ප්‍රකට කරුණකි . එම සිදුවීමෙන් ඇතිවූ කම්පනය සහ පසු ආරක්ෂාව තකා එම පොලිස් නිලධාරියා රැකියාවද අත හැර මේ වන විට කැබිතිගොල්ලෑවේ පදිංචිව සිටිනා බව දැනගන්නට තිබේ. කෙනෙකුගේ ලිංගික දිශානතිය අපට ගැටළුවක් නොවනා මුත් බලහත්කාර කම සහ බිය වැද්දීම හෝ අල්ලස් දීම අනුමත කළ නොහැක.

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන ඉදිරිපත්කරනුයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයටය . නීතීඥයන් සමග ඩීල් දමමින් ජෙරොම් ප්‍රනාන්දු නිදහස් කර ගැනීමට ඔහු උත්සාහ ගත් බවද අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රකට කථාවකි . මේ ආකාරයේ අකටයුතු ක්‍රියා සිදුකළද දැඩි ආගමික නැඹුරුවක් පෙන්නුම් කරන්නෙකි . ඊට හේතුව ඔහුගේ ඇතැම් ක්‍රියාවන් පිළිබඳ ඔහුගේම යටි සිත කරනා බලපෑම විය හැක .  

මහෙස්ත්‍ර්ත්වරයෙක් ලෙස ලබනා ආදායමට වඩා ඔහුගේ වියදම් සැර බව බොහෝදෙනා පවසති. පන්සල් කෝවිල් සඳහා ඔහු විශාල ලෙස මුදල්,වැය කරයි. අලිපැටියා ගැනීම සඳහා ගෙවා ඇති මුදල ලක්ෂ 30 කි. සාමාන්‍ය වශයෙන් ඇත් ගොව්වෙක් සඳහා රුපියල් 35000 ක පමන වැටුපක් ගෙවිය යුතුය. ඊට අමතරව අලිපැටියාගේ ආහාර සහ බෙහෙත් හේත් සඳහාද  ඊට වැඩි මුදලක් යෙදවිය යුතුය. මෙ වියදම් ඔහු සපයාගත් ආකාරය සොයා බැලිය යුතුය.

''කොටුවට අත තියන්න එපා''

තිළිණ ගමගේ අධික ලෙස මත්පැන් බීමට ලොල් වූ අයෙකි. ඔහු පාතාල සාමාජිකයන් සමගද මත්පැන් පානය කරනා බව වාර්තාවේ. මත්පැන් බොන අතර තුර බෝතල් සහ බයිට්වල ඡායාරූප සිය මිතුරන්ට වට්සප් ක්‍රමයට යැවීම ඔහුගේ පුරුද්දකි.

දිවයින පුරා සිටිනා පොලිස් ස්ථානාධිපතිවරුන්ගෙන් පළි ගැනීමටද ඔහු රුසියෙකි. තමා සමග මත්පැන් පානය කිරීමට එන ලෙස ඔහු පොලිස් ස්ථානාධිපතිවරුනට ඇරයුම් කළද ඔවුන් පැමිණෙන්නේ නැත . එවැනි අවස්ථාවල පෞද්ගලිකව පළිගැනීම ඔහුගෙ සිරිතය . මෑතකාලයේ  එලෙස පෞද්ගලිකව කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් පෞද්ගලිකව පළි ගෙන තිබේ. අධිකරණ ක්ෂේත්‍රයේ  රැස්වීම්වල දී ඔහු සෙසු මහේස්ත්‍රාත්වරුනට බලපෑම් කරනුයේ ''කොටුවට අත තියන්න එපා'' යනුවෙනි.

හරක් කටා සමග ඩීල්..

මොන බල පරාක්‍රමය තිබුනත්  අලි පැටවාගේ ප්‍රශ්නය නිසා තිළිණ ගමගේ අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත්තේය. එනිසා ඔහු එහි නිළධාරීන් සමග දැඩි වෛරයකින් පසුවේ.  එහි වත්මන් ප්‍රධානීන් වෙත මහේස්ත්‍රාත්වරයා උපදෙස් දී ඇත්තේ පාතාල නායක හරක් කටා සම්බන්ධව සිය නියෝග ක්‍රියාත්මක කරනා ලෙසය. ''නැතිනම් උඹලා හිරේ දානවා'' යනුවෙන් තිළිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  නිළධාරීන්ට තර්ජනය කිරීමට හේතුව ඔහු සහ හරක් කටා අතර ඇති සමීප සම්බන්ධයයි

පාතාල නායක හරක් කටාට කාගීල්ස් ෆුඩ් සිටියෙන් ආහාර ලබාදීමටත්, කියවීමට පත්තර ලබාදෙන ලෙසත් නියෝග කළේ මේ විනිසුරුවරයාය. එවැනි වැරදි තීන්දු ලබාදෙමින් හරක් කටාට සමිප වීමට උත්සාහ ගනිමින් සිටි තිළිණ ගමගේ අධිකරණය හමුවේ පවසනුයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරක් කටා පිළිබඳ පරීක්ෂණ නිසි ආකාරයට නොපවත්වන බවයි . අවසානයේ මාධ්‍ය මගින් වාර්තා කරනුයේ එම ප්‍රකාශයන්ය. තිළින ගමගේ ඩබල් ගේමක් ප්ලේ කරනා බව ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුට රහසක් නොවේ. ඔහු මත්පැන් බොනකොට කියන්නේ ''හරක් කටා එළියට ගන්නත් මගෙන් අවසර ගන්න ඕන'' කියළයි. තිළිණ ගමගේ සමග බොන මිතුරෙක්වන නීතිය හා සාමය අමාත්‍ය ටිරාන් අලස්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයෙක් මේ බව හොඳටම දන්නා මුත් ඇමති ටිරාන් ඒ බව නොදන්නා සේය.

අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂිකා නිරෝෂිණී හෙවාවිතාරණ මිරිහාන පොලිසියට ස්ථාන මාරු කිරීමට ද තිළිණගමගෙ ගේ  බලපෑම තිබෙනා බව වාර්තා වේ.

සීිඅයිඩිය පරීක්ෂණ වලින් ඉවත්වන බව කීවා..

අපරාධ පරීක්ෂණ  දෙපර්තමේන්තුවට වරද පටවමින් අධිකරනයේදී ප්‍රකාශ කරනා තිළිණ ගමගේට එරෙහිව දැනටමත් අධිකරණ හා පොලිස් කොමිසම විමර්ෂන අරඹා ඇත. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හමුවට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානීන් තිළිණ ගමගේ මහේස්ත්‍රාත්වරයා නඩුවට අදාල නොවනා දේ තමන් ඉලක්ක කරගනිමින් අධිකරණයේදී ප්‍රකාශ කිරීම නතර කළ යුතු බව පවසා ඇත . එසේ නැතිනම් තමන් අධිකරණ ක්‍රියාවලියෙන් ඉවත්වන බව ඔවුන් දන්වා ඇත. සාකච්ඡාවට පැමිණි නීතිපතිවරයා තිළිණ ගමගේ සමග සාකච්ඡා කර විසඳුමක් ලබදෙන බව පවසමින් තත්ත්වය තාවකාලිකව සමනය කර ඇත.

මෙම සාකච්ඡාවෙන් පසු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂද මහේස්ත්‍රාත් තිළිණ ගමගේට හදිසි ඇමතුමක් ලබා දී ඇත . මහෙස්ත්‍රත්වරයා ඊට පිළිතුරු දී ඇත්තේ ගෙදර යන ගමන් ය. අධිකරණ අමාත්‍යවරයාගේ පැය බාගයක් පමන වූ දේශණය අසා සිටි තිළිණ ගමගේ නිවසට පැමිණ හොඳටම මත්පැන් බී නිදාගත් බව දැනගැනීමට ඇත . මහෙස්ත්‍රාත්වරයාගේ ක්‍රියා කළාපය ගැන අධිකරණ සේවා කොමිසමට ද පැමිණිළි ලැබෙමින් පවතින බව දැනගන්න තිබේ.

-LeN අධිකරණ අභ්‍යන්තර තොරතුරු සේවයේ වාර්තාවකි

---------------------------
by     (2024-02-19 13:22:08)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links