~

විනිසුරු තිළිණ ගමගේ තමන්ට මරණ තර්ජන ඇතැයි කී බොරුව අතේ පත්තු..!

-විශේෂ ලියුම්කරුවකුගේ අනාවරණය

(ලංකා ඊ නිව්ස් -2024.මැයි.09, ප.ව.9.35) කොටුව මහේස්ත්‍රාත් ලෙස සිට අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස උසස් වීමක් ලද තිලිණ ගමගේ සෑම විටම පුවත් මවන්නෙකි. තමන්ට පාතාලයෙන් මරණීය තර්ජන ඇති බව ප්‍රකාශ කරමින් පොලිස් ආරක්ෂාව වැඩි කරගත් මහේස්ත්‍රාත්වරයාට කිසිදු මරණීය තර්ජනයක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව “අනිද්දා”  පුවත්පතට ප්‍රකාශ කර තිබුණි. "මරණ තර්ජන ඇති බව තහවුරු කර ගන්න බැරිවුණා" නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.

පාතාල කල්ලි සාමාජිකයෙකුගෙන් මිස් කෝල් එකක්..

තිලිණ ගමගේ කළ රංගනය ගැන පොලිස් ප්‍රධානීන් කීවේ 'පාතාලය සමග හොඳටම සම්බන්ධතා තියෙන මහේස්ත්‍රාත්වරයාට‍ මොන තර්ජනයන් ද?'  යනුවෙනි. ඒ බව මේ වන විට සනාථ වී තිබේ. ඩුබායි වල සිටින පාතාල කල්ලි සාමාජිකයෙකුගෙන් (සමයංට ප්‍රහාර එල්ල කළ) මහේස්ත්‍රාත්වරයාගේ ජංගම දුරකථනයට මිස් කෝල් එකක් ගෙන්වා ගෙන තමන්ට පාතාලයේ තර්ජන තිබෙන බවට පොලිසියට පැමිණිලි කිරීමට ඔහු සමත් විය.

කොම්පඤ්ඤ වීදිය පොලිසියට ලැබුණු පැමිණිල්ල වැඩිදුර විමර්ශන සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කෙරිණි. පරීක්ෂණවලදී තිලිණ ගමගේ දිගින් දිගටම කීවේ දැඩිගම ජුවලර්ස් අයිතිකරුවන්ගෙන් පමණක් තමන්ට තර්ජන තිබෙන බවයි. එහෙත් තිලිණ ගමගේට පාතාලය සමග සබඳතා ඇති බව තහවුරු වන්නේ දැනට බන්ධනාගාර ගත කර සිටින  'හරක් කටා' නම් පාතාල කල්ලි නායකයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ සිටියදී ලබාදුන් රජ සැලිකිලි නිසාය.ඔහුට කෑම බීම ලබා දීමට නියෝග ලබා දුන්  තිලිණ ගමගේ ඒ වෙනුවෙන් රුපියල් කෝටි දෙකක මුදලක් ලබාගත් බවට තොරතුරු අනාවරණ වී තිබේ. එක්තරා නීතිඥවරයකු හා කාන්තාවන් විසින් හරක් කටාගෙන් එම මුදල ලබාගෙන මහේස්ත්‍රාත්වරයාට ලබාදුන් බව පරීක්ෂනවලදී හෙලි වී තිබේ.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු නිදහස් කිරීමේ නාට්‍යයද ඔහු  ඒ ආකාරයෙන්ම සිදුකර ඇති අතර ඊට නීතීඥවරුන්  කිහිපදෙනකු සහ කූඨ තැරැව්කරුවන් කිහිපදෙනෙකු සම්බන්ධ වී තිබේ. මෙලෙස නීතියට පටහැනි කූඨ ව්‍යාපාරික තිලිණ ගමගේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කොළඹ පැවැත්වු පාටියට ගොස් ඒ බව හෙලිවීමත් සමග උසාවියේදී පොලීසියට බැන වැදුනේ මේ බව පොලිස් නිලධාරීන්ගෙන් ජනමාධ්‍යයට යන්නට ඇතැයි උපකල්පනය කරමිනි.

"දැන් මුලු අලුත්කඩේම මගේ"

සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසු අලුත්කඩේ  ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ලෙස රාජකාරි ආරම්භ කිරීමට පෙර මහරගම නිවසේදී ඔහු  සාදයක් පැවැත්වුයේ තැරැව්කරුවෙකු වන කැරොකේ වසන්ත හා බිරිඳ සමගය. ව්‍යාපාරිකයින් මෙන්ම නීතිඥවරයෙකු වන ප්‍රදිප් ගමගේ, ඔහුගේ බිරිඳ හා දියණියද පැමිණ සිටි අතර ඔවුන් සියලු දෙනාටම තිලිණ ගමගේ කීවේ, "දැන් මුලු අලුත්කඩේම මගේ"  යනුවෙනි.

පාතාල කල්ලි තර්ජන තිබෙන බව ප්‍රකාශ කළ තිලිණ  ගමගේ මෙම සාදයෙන් පසු කිසිදු ආරක්ෂකයෙකු නොමැතිව v8 වාහනයක නැග ලක්ෂ ගණන් වටිනා හැම්පර් තුනක් රැගෙන ගියේ කිසිවෙකු නොසිතු අයුරිනි. තමන්ට මරණ තර්ජන තිබෙන බව ප්‍රකාශ කිරීමෙන් පසු තිලිණ ගමගේ මහරගම ව්‍යාපාරික නිවෙසේ දී ඇමැති ටිරාන් අලස් හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සමග ආරක්ෂාව ලබා දීම ගැන රහසිගතව සාකච්ජාවක්ද පවත්වා ඇත.

කොටුව මහේස්‍ත්‍රාත් අධිකරණයට අලුතින් පත් වු කෝසල සේනාධීර මහේස්ත්‍රාත්වරයා තිලිණ ගමගේ කළ හොර වැඩ සියල්ල මේ වන විට හෙලිදරව් කරගෙන ඇත. කෝසල සේනාධීර අලුත්කඩේ  ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස පත්වීමට සිටියත් එය සිදුවුයේ නැත. සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසු සහ පෙර තිලිණ ගමගේ දුන් දාන, පුද පුජා වල වටිනාකම රුපියල් මිලියන දහයකට අධික වන අතර එවැනි මුදලක් වැය කිරීමට මහේස්ත්‍රාත්වරයෙකුට  හැකිදැයි ගැටලුවකි. මේ වන විට තිලිණ ගමගේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ නිතීඥවරුන්ට හා සේවකයින්ට බැන වදිමින් කටයුතු කිරීම පිළිබදව නිතීඥ සංගමයටද තොරතුරු ලැබී ඇත.

කොළඹ එක්තරා වෙළඳ ව්‍යාපාරිකයෙකුගේම නඩුවක් සම්බන්ධයෙන් නීතිඥවරයෙකු මගින් තිලිණ ගමගේට ලබාදීම සඳහා ද විශාල මුදලක් ලබාගෙන තිබේ. මේ පිළිබදව ද අගවිනිසුරුවරයාට  හා අධිකරණ සේවා කොමිසමටද පැමිණිලි ලැබී ඇත. මෙම ව්‍යාපාරිකයා ආණ්ඩුවේ ගැත්තෙකු ද වන අතර ඔහු මේ පිළිබඳ ජනාධිපතිවරයාට ද පැමිණිලි කර තිබේ.

-විශේෂ ලියුම්කරුවෙකු විසිනි

---------------------------
by     (2024-05-09 16:09:49)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links