~

රනිල්ගේ ගැට කොට උඩ..! ජනාධිපතිවරණය ස්තිරයි..!

(ලංකා ඊ නිව්ස් -2024.ජුලි.18, ප.ව. 11.00) රනිල් රාජපක්ෂ ප්‍රමුඛ කිසිදු ජන පදනමක් නැති ආණ්ඩුව ජනාධිපතිවරණය පීලි පැන්නවීමට ගහන ලද සියළු ගැට තුරුම්පු හෙළිදරව් වෙමින් නැගී ආ ජනතා විරෝධය හමුවේ අසාර්ථක වීමත් සමග ආණ්ඩුව අඩිය ආපස්සට තබා තිබේ. ඒ අනුව අවසානයට ගෙන ආ 22 වන ව්‍යවස්ථා සංශෝධන කතාව යලි නූපදින මරණයක් කරා ගෙන ගොස් ඇත.

කැබිනට් අනුමැතිය ලැබුණු 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගැසට් නිවේදනය ජනාධිපතිවරණය අවසන් වන තෙක් නිකුත් නොකරන ලෙස අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සිය අමාත්‍යාංශයේ ලේකම්වරයාට අද (18) උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරණය කල් දැමීම සඳහා මෙම සංශෝධනය ගෙන එන බවට ජනතාව අතරේ බියක් ඇති වී තිබෙන හෙයින් එම බිය දුරු කිරීම සඳහා තමා මෙම පියවර ගත්තා යැයි ලංකාදීප කළ විමසුමකට පිළිතුරු දෙමින් විජයදාස පවසා ඇත.

ජනතාව අතර බිය දුරු කිරීම නොව ජනතාව ගේ විරෝධයට බිය වූ ආණ්ඩුව අඩිය ආපස්සට ගත් බව පැහැදිලි ය.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක ද විද්‍යුත් නාලිකාවකට අද ප්‍රකාශයක් කරමින් අවධාරණය කර ඇත්තේ ලබන සතිය තුල ජනාධිපතිවරණ දිනය සහ නාම යෝජනා බාර ගන්නා දිනය ප්‍රකාශයට පත් කරන බවයි.

ජනාධිපතිවරණය නොපවත්වා කල් දැමීමට රනිල් ගහන සියළු ගැට පරාජය වන බවත් අවසානයේ  ඔහුට ඉතිරි වන්නේ තම ටයි ගැටය පමණක් බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක නිතර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ.

ඕනෑවට වඩා ගැට ගහන්න යන අය ජනාධිපතිවරණයෙන් කුජීත වෙනවා පමණක් නොව ඉන්පසු පාර්ලිමේන්තු මැතිවරණයෙන් ද කුජීත වන බව ස්තිරවම ලියා තැබිය යුතුය. 

---------------------------
by     (2024-07-18 19:00:24)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links