~

හරීන් සහ මනූෂගේ ඩූ ඕ ඩයි මෙහෙයුම..!

-සතී පනාවැන්න ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.ජුලි.20, ප.ව. 11.15)  රනිල් රාජපක්ෂ තවමත් සිටින්නේ මැතිවරණ කැම්පේන් එකක් හරියට කරගන්න බැරි තැනකය. ගමට බහින්න බැරි නිසා, තවමත් ඒක දුවන්නේ, ටෙලිවිෂන් සහ සමාජ මාධ්‍ය වල සල්ලි පොම්ප කරමින් කරන මෙහෙයුමක් ලෙසටය. ඒ ඒ පක්ෂ ටාගට් කර මෙහෙයුම් කමිටු නායකයන් යොදවා, 500-1000 කණ්ඩායම් සාදා විශාල පිරිවැයක් දරමින් කරන ඒ මෙහෙයුම බිමට බස්සවගන්න තවමත් රනිල් සහ ගෝල පිරිසට බැරි වී ඇත. රනිල්ට ජන හමු පවත්වා ගන්න නොහැකි වී ඇත්තේත්, කරපුවා එක හමුවෙන් නවත්වා ඇත්තේත් ඒක නිසාය. රනිල්ගේ හොඳම ගෝලයෙක් වන අකිලගේ දිස්ත්‍රික්කයෙන් පටන් ගත් "සැබෑව" ජන හමු මාලාව එවැන්නකි. ඒක මාලාවක් කිව්වට, රනිල් රාජපක්ෂගේ ඇත්ත හැකියාවේ "සැබෑව" එලියට ආපු නිසා එක ජන හමුවෙන්ම එය නවත්වා දැම්මේය. මේ බිමට බහින අභියෝගය යම් තරමකට සීමාව පහු කරගත්තේ හරීන් සහ මනූෂය, නමුත් ඒ පන්නා ගැනීම ජුගුප්සා ජනකය. පිළිකුල් සහගතය.

මාධ්‍ය සහ මානසික අල්ලස් මෙහෙයුම..

මෙතනදී ඔවුන් අතිශය විලි ලැජ්ජා නැති ලෙස එම ආයතන සතු මහජන අරමුදල් අවභාවිතා කරන බවක් පෙනේ. විශේෂයෙන් හරීන් තරුණ සේවා සභාවත්, මනූෂ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ අරමුදලත් තම සිතැඟි පරිදි පරිහරනය කරන බව අභ්‍යන්තර සේවකයන් පවසන්නේ ඉතා කනස්සල්ලෙනි. එයට හේතුව විශේෂයෙන් මේ විදෙස් සේවා අරමුදල වගේ දෙයක් ආරම්භ කිරීමේ මූලික අරමුණ, විදෙස්ගත ශ්‍රමිකයන්, ඔවුන්ගේ පවුල් වල ආරක්ෂනය සහ ප්‍රවර්ධන කටයුතු වීමයි. චන්දයක් වෙනුවෙන් අවභාවිතා කරන්නේ මේ "ප්‍රවර්ධන" කියන වචනයයි. මනූෂ සංගීත සාජ්ජ පවත්වන්නේ, මේ ප්‍රවර්ධන වචනය දඩමීමා කරගෙනය.

බෙදන ජොබ් ඇප්ලිකේශන් ගණනට තව කොරියා වැනි රටවල් 10-15 ක් ඕනෑ..

මේ හැම වැඩසටහනකම, දෙන තව එක චන්ද ඇමක් වෙන්නේ කොරියන්, ජපන් ජොබ් ඇප්ලිකේෂන් එක බෙදීමයි. උදාහරණයක් ලෙස කොරියාවෙන් තවම ලංකාවට විවෘත නොකළ වී-8 කාණ්ඩයට පවා අයදුම් පත් එකතු කිරීමත්, ඒ වෙනුවෙන් මුදල් එකතු කිරීමත් ජයටම කරනු ලබයි. උදාහරණයක් ලෙස පසු ගිය දා අම්පාරේ පැවති මනූෂගේ කැම්පේන් ජෝගියේදී ලැබුණ අයදුම්පත් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවූ බව අසන්නට ලැබුණි. අමාත්‍යාංශයේම දත්ත වලට අනුව කොරියාවේ ඉන්නේ ශ්‍රී ලාංකිකයන් 30,000 පමණ පිරිසකි. ඒක නිසා මේ ජොබ් ඇප්ලිකේශන් එක කියන්නේ බත් පැකට් එකේ, ටකරමේ, අරක්කු භාගයේ අලුත් වර්ෂන් එක බව, මේ තරුණ පරපුර තේරුම් ගෙන ඇතුවාට සැකයක් නැත.

හින්දලාම යන්න ඕන..

මේ වසරේ මුලදී මේ කැම්පේන් එක පටන් ගන්න තිබුණ මූලික සාකච්ඡාවකදී, මේ ඇමටියෝ දෙන්නම කියලා තිබුණේ, මේ අරමුදලට කරන දෙයය. එතන සිටි මේ ලියුම්කරුගේ හිතවතෙකු මේ බව පැවසූවත්, ඔවුන් මෙතරම් පීච්චන් ලෙස මහජන මුදල් අවභාවිතා කරාවි යැයි ලියුම්කරු ඒ මොහොතේ සිතුවේ නැත. එතැනදී ඔවුන් පවසා තිබුනේ ප්‍රධාන අරමුණු කිහිපයකි.

(1) බිමට බහින්න රනිල් සතුව සංවිධාන ජාලයක් නැත. එනිසා මෙවන් සෝභන කාරී උත්සව සහ ජොබ් කාඩ් වැනි ක්‍රම හරහා මෙය කළ යුතුය. නාමල් රාජපක්ෂ "නිල් බලකාය" හරහා මේ වැඩේ සහ මුදල් ගැරීම සාර්ථකව කළ බවත් එය ආදර්ශයට ගත හැකි බවත් ඔවුන් පවසා ඇත.

(2) රනිල්ට ජනාධිපවතිවරණය දිනා ගැනීම ඇති ඉඩකඩ ඉතා අවමය. එනිසා නැවත ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීකමවත් ඒවි යැයි සිතිය නොහැක. ඒක නිසා, තව වරක් පාර්ලිමේන්තු ඒම මනූෂට-හරීන්ට ප්‍රශ්න කාරීය. එබැවින් හම්බ කරගන්න පුළුවන් දේ මේ ටික කාලය තුළ උපරිමයෙන් කර ගත යුතුය. බොහෝ විට මොවුන් දෙදෙනා ජනාධිපතිවරණ ප්‍රථිපල කියන්නට පෙර රටින් පිට වෙනු ඇත.

(3) යන යකා කොරහත් බිඳගෙන යන්නා සේ මී ළඟට එන එකෙක්ට ශත පහක් අරමුදල් වල ඉතිරි නොකළ යුතුය. එවිට එන ඇමතිවරයා ඉතා අපහසුතාවයට පත් වෙන අතර, එමගින් ඔවුන් ඉකමනින් අප්‍රසාදයට පත් කළ හැකිය.

යටින් ගේම ඉල්ලන අලි සබ්‍රී..

පසු ගිය දා කොළඹ තරු හෝටලයකදී විදෙස් කටයුතු ඇමති අලි සබ්‍රී මේ ලියුම්කරුට මුණ ගැසුනි. විනාඩි 20-30 ක් පවතින දේශපාලන තත්වය ගැන දික් ගැසුනු ඒ සාකච්ඡාවේදී විදෙස් ඇමතිවරයා කෙලින්ම පැවසූයේ හරීන්-මනූෂ ඩබලගේ මේ සංදර්ශන වලින් කරන ගසා කෑම ගැන ඔහුද ඇතුළු ආණ්ඩුවේම ඇමතිවරුන් පවා ඉන්නේ ඉතා කනස්සලෙන් බවකි. මේ සංදර්ශන වලින් රනිල් රාජපක්ෂ ජනාධිපතිකාරයා පවා ඇස ගිනි කන වට්ටවා ගෙන ඇතැයිද අලි සබ්‍රී පැවසුවේය. මේ එක සංදර්ශනයකට වැය වෙන මුදල, සංගීත කණ්ඩායම්, ප්‍රදර්ශන කුටි, සහ බෙදන ජොබ් ඇප්ලිකේශන් ගණන ගැන විපක්ෂය ඉලක්කම් එක්ක කියපු දාට, මේ රටේ තරුණයාගේ රැවටීමේ සීමාව නිමා වෙන බවත්, ජොබ් ඇප්ලිකේශන් එක දීලා බලා ඉන්න තරුණයාගේ විදෙස් ගත වීමේ ආශාව තීරණාත්මක මොහොතේදී මේ ආණ්ඩුවට එරෙහිව වෛරයකට පෙරලීමට මාලිමාව කල් මරමින් නිල අල්ලන්න බලා සිටින බවත් අලි සබ්‍රී වැඩි දුරටත් පැවසුවේය.

මේ කරුණු බොරු නම් මනූෂට හරීන්ට එක දෙයක් කළ හැක. මෙතෙක් පවත්වපු සංදර්ශන ටිකේ විස්තරාත්මක අයවැයක්, ඒ ඒ අයිතම යටතේ මහජනතාවට ඉදිරිපත් කළ හැක. ඒවාට මුදල් ලබා ගත් තැන එතැන දී පැහැදිලි වෙනු ඇත. ඔබලා විසින් මේ විස්තරාත්මක අය-වැය ලේඛණය ඉදිරිපත් කරන්නේ නම්, ඒක අපටද ප්‍රචාරය කළ හැක.

මේ කතා අසා සිටි මට මතක් උනේ එක් උපහැරණයකි.

"ලිප ගිනි මොළවන තෙක් දිය සැළියේ - සැපයක් යැයි කකුළුවා දිය කෙළියේ"

-සතී පනාවැන්න

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/69

---------------------------
by     (2024-07-20 19:41:09)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links