~

ටිරාන් හුලස්ගේ පොලිස්පති සට්ටැඹියා ගෙදර ගිය පසු මීළඟට 'වෙන්ඩ පොලිස්පතිලාගේ' කෙරුවාවල් මෙන්න..!

-ලංකා ඊ නිවුස් විශේෂ වාර්තාකරු 'පොලිස් පොඩ්ඩා' ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.ජුලි.25, ප.ව. 5.10) ශ්‍රී ලංකා පොලීසිය මෙන්ම මුළු රටම තම අශුචී ගන්ධයෙන් ගඳ ගැස්වු දේශබන්දු තෙන්නකෝන් හෙවත් 'ජුන්ඩාලේප බන්දු' නම් සට්ටැඹියාට ශ්‍රේෂ්ඨාධිකරණය කණ කිස්කන්නට ප්‍රහාරයක් එල්ල කර ඇත. සිරිකොතේ අතුගෑමට පැමිණි 'ජුන්ඩාලේප බන්දු' සට්ටැඹියා පොලිස්පති තනතුරට නොව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරි නිල නිවස්නයේ පිඟන් සේදීමටවත් නුසුදුසු බව ඔහු විසින් ඔප්පු කරන ලද්දේ අදක ඊයේක සිට නොවේ.

1971.03.07 දී රටේ පෙර අවාසනාවකට ජාතක වූ 'ජුන්ඩාලේප බන්දු' සට්ටැඹියා ශ්‍රී ලංකා පොලිසියට එක්වන්නේ 1998 වර්ෂයේ ය. එතැන් සිට පොලිසියේ 'විටමින්' සොයමින් එම්ඕ හොඳ හැටි කපමින් අංක එකේ දූෂිතයෙකු වු ඔහුට සැමදා රැකවරණය ලැබුණේ අශෝක විජේතිලක, නිශාන්ත වීරසිංහ, සමන් දිසානායක, ජගත් විජේවීර හා අබ්බගාත මේජර් ජනරාලයෙකු වු ජගත් අල්විස් වැනි දූෂිතයන්ගෙනි. තමන්ට විරුද්ධව එකළ තිබු සියලු ම චෝදනා පත්‍ර ජාතික පොලිස් කොමිෂන් සභාව ලවා සියල්ල නිදහස් කර ගැනීමට මේ දූෂිතයා නොකළ බලු වැඩක් නොමැත. ඇතැම් චෝදනා පත්‍ර නීතීය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයෙන් එහාට යන්නේ නැත. පොලිස් කොමිසමේ 'ආයතන හා විනය' අංශයේ සේවය කළ පාලිත නැමැත්තා එකල මොහුගේ චෝදනා පත්‍ර එනතෙක් මඟ බලා සිටියේ ගාණක් කපා ගැනීමටය. මෑතක දී පොලිස්පති ධූරය සඳහා බාධාවක්ව තිබූ පාස්කු චෝදනා පත්‍රය, වර්තමාන ලේකම් 'හැට පැන්නත් ගෙදර යන්නේ නැති' කොමිසමේ තමරා පෙරේරා ඉවත් කරන්නේ කිසිදු හිරිකිතයකින් තොරවය. ඒ සඳහා අල්ලස මිලියන ගණනක් බවට රාවයක් ඇත. සත්තකින්ම 'ජුන්ඩාලේප බන්දු' යනු තමන්ගේ ඉලක්කය සඳහා යාමට තම අම්මා අප්පා වුවද පවා දෙන්නෙකි.  

ජුන්ඩාලේප බන්දු ගේ අලුත්ම ජාවාරම...

ටිරාන් හුලස්ගේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා ජුන්ඩාලේප බන්දු 'යුක්තිය' නැමති අශුද්ධ මෙහෙයුම ප්ලෑන් කළේය. පාර අයිනේ නිකරුණේ ගැවසෙන රස්තියාදුකාරයන් හට කුඩු පැකැට් එක දමා පසු දා තමා මෙතරම් ගංජා හා කුඩු ජාවරුමුන් ඇල්ලූ බවට ප්‍රසිද්ධියේ පැවසීම තරම් 'ජුන්ඩාලේප බන්දුට' වෙනත් ආතල් එකක් නොමැත. මෙයට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ 'ජුන්ඩාලේප බන්දු' විසින් 'ප්ලාන්ට්' කර ඇති මහින්ද ගුණරත්න මෙන්ම කුපාඩියෙකු වු පෙන්ෂන් ගිය පොලිස් අධිකාරි ටිරාන් හුලස්ගේ උපදේශක දසනායක නමැත්තා ද හවුල්ය. විශේෂ කාර්ය බලකායේ වරුණ ජයසුන්දර මෙහි අනෙක් මොළකරුය. එහෙත් අදටත් පාතාලය නිමක් නැත. ශ්‍රී ලංකාව මහ දවල් මීනී මරා දමන චිකාගෝවක් බවට පත් ව ඇත. 'යුක්තියේ නාමයෙන්' මිනිස්සුන්ගෙන් දසනායක හා ගුණරත්න ගසා කෑ මුදල් ප්‍රමාණය ඉතා ඉහළය. මේවා ඉදිරි ආණ්ඩුවකින් සොයා බැලිය යුතු කරුණු කාරණා වේ.

කෙසේ වුවද ජුන්ඩාලේප බන්දුට පක්ෂව සහ ඔහුට එරෙහිව නඩු පැවරූ පිරිසට එරෙහිව පෝස්ටර් කැම්පේන් එකක් කිරීමට ඇමති ටිරාන් හුලස් සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න ඇතුළු පිරිසක් මේ වන විට කටයුතු කරමින් සිටිති.

රනිල් රාජපක්ෂට නින්ද නොයන ප්‍රශ්නය …

'ජුන්ඩාලේප බන්දු' සට්ටැඹියා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එළවා දැමීමෙන් පසු රනිල් රාජපක්ෂට මතුව ඇති ප්‍රශ්නය වැඩ බලන පොලිස්පති ලෙස පත් කළ යුත්තේ කවුරුන්ද යන්නයි. ජුන්ඩාලේප බන්දු සමඟ පොලිසියට එක්වු ලලිත් පතිනායක නැමති හීරළුවා ද, නිලන්ත ජයවර්ධන ද සිටී. නිලන්න ජයවර්ධනට මේ කපේදී ගොඩ ඒමක් නැත. නිලන්තගේ විනාශයට ප්‍රධානම හේතුව ජුන්ඩාලේප බන්දු සට්ටැඹියා යි. එම නිසා නිලන්ත ගැන කථා කිරිමෙන් කිසිදු පලක් නැත. ලලිත් පතිනායකට  විරුද්ධව මුල්‍ය හෝ කාන්තාවන් සම්බන්ධ චෝදනා නොමැත. එහෙත් ඔහුට ඉංග්‍රිසියෙන් ඔහු ගැන පවා විස්තර කිරීමට නොහැකි ය. පාස්කු ප්‍රහාරය එල්ල වන විට මොහු කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ය. එම නිසා ඔහුට ද ගැලවීමක් නොමැත. ඉන්පසු ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ ඉහළින්ම සිටිනුයේ ප්‍රියන්ත වීරසුරිය වේ. ඊට පසු සංජීව ධර්මරත්න ද ලංකාවේ අංක එකේ කුඩු ජවාරාමා ද සිටිති.

ටෙන්ඩර්වලින් හොඳ හැටි ගැසු ප්‍රියන්ත වීරසුරිය …

ප්‍රියන්ත වීරසුරිය යනු වර්තමානයේ පොලිසියේ සිටින විශාලතම ධනවතා ය. සැපයුම් අංශයේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති හා සහායක සේවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටියදී ඔහු සැපයුම් අංශයේ කළ කී දෑ බොහෝය. අදටත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ගිණුම් අංශයේ පොලිස් ටෙන්ඩර් පිළිබඳව කටයුතු කරනුයේ මොහු විසින් ස්ථානගත කළ පොලිස් පරීක්ෂකවරයෙකි. පොලිසියේ තොරතුරු තාක්ෂණ අංශයට අනුයුක්තව සිටින මොහු ලවා අමාත්‍යාංශයේ ගිණුම් අංශයේ නිලධාරීන් උසි ගන්වමින් ප්‍රසම්පාදන කමිටු සඳහා සමාජිකයන් නම් කෙරෙනුයේ ප්‍රියන්ත වීරසුරිය විසින් මෙම පරීක්ෂකවරයා හරහාය. වරක් මොහු සැපයුම් අංශයේ අධ්‍යක්ෂකව සිටියදී එම අංශයේම පොලිස් කොස්තාපල්වරියන් හා උප පොලිස් පරීක්ෂකවරුන් ලවා සමාගම් අටවා ගෙන සැපයුම්කරුවන්ගේ ලේඛනයේ සැපයුම්කරුවන් ලෙස ලියාපදිංචි කර තිබියදී නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට හසුවිය. එකළ සිටි ඉලංගකෝන් ඒවා යටගැසුවේය. තමන් පොලිසියේ පහළම තැන සිට පැමිණි බවත් ඒ නිසාම හැම තනතුරක්ම පිළිබඳව අවබෝධයක් ඇති බව පවසන මෙම ප්‍රියන්ත වීරසුරිය යනු නොම්බර එකේ රාජපක්ෂ සට්ටැඹියෙකි. කාමිනී සෙනෙවිරත්න සමඟ ප්‍රසිද්ධියේ අනාචාරයේ හැසිරෙන මෙම ප්‍රියන්ත වීරසුරීය වරෙක රන්මල් රණතුංගගෙන් පවා ගුටි කෑවේ කාමිනී සමඟ එකට සිට අසුවෙලා ය.

කෙසේ වෙතත් ජුන්ඩාලේප බන්දු තනතුරෙන් පහකිරීමත් සමඟ ප්‍රියන්ත වීරසුරීය වැඩ අල්ලා ඇත. රනිල් රාජපක්ෂගේ ඉතා සමීපතමයෙකු හරහා මීළඟ පොලිස්පතිවීම සඳහා තරඟයට පිවිස ඇත. විශ්වාසදායී ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට වැඩ බලන පොලිස්පති තනතුර සඳහා ප්‍රියන්ත වීරසුරියගේ නම අද හෝ හෙට පාර්ලිමේන්තුව වෙත යොමු කිරීමට නියමිතය.

BDSM සංජීව ධර්මරත්න…

ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ මීළඟට ඉහළින්ම සිටින්නේ තවත් අංක එකේ කුපාඩියෙකු වු සංජීව ධර්මරත්නයි. ඉලංකෝන්ගේ අංක එකේ ගෝලයෙකු වූ සංජීව ධර්මරත්නට මුල්‍ය චෝදනා නොමැත. අසම්මත ලිංගික චර්යාවන්වලින් හෙඹි සංජීව ධර්මරත්නට නාඩි වැටෙන ගෑණු පරාණයක් පෙන්නට බැරිය. කළුතර පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂකවරයාව සිටි සංජීව ධර්මරත්න එකල පොලිස් විද්‍යාලයේ දැමූ සෙල්ලම් ප්‍රසිද්ධ වෙබ් අඩවියක පළ කිරීමට තරම් අප්‍රසන්න ජනකය. ඒ නිසා ඔහුගේ පෙර විවාහයන් දෙකම විසුරුවා හැරීමට සිදුවිය. කොතරම් සල්ලායකු වුවත් දමයන්ත විජය ශ්‍රී තරම් රාත්‍රී කාලයේ පොලිස් විද්‍යාලයේ කාන්තා නේවාසිකාගාර වෙත ගොස් වැලේ වනා තිබෙන කාන්තා යට ඇඳුම් පරීක්ෂා කිරීම හා සිප ගැනීම  වැනි අසික්කිත ක්‍රියාවල ධර්මරත්න නිරත වී නොමැත. ධර්මරත්න චරිතයට  තවත් කලු පැල්ලමක් එක් වුයේ එකල කොළොන්නාවේ සහකාර ප්‍රාදේශීය ලේකම් විජිතා මායාදුන්නේ සමඟ පැවති අසම්මත ලිංගික ඇසුරයි. පොලිස් මූලස්ථානයේ සිවිල් පරිපාලන අංශයේ අධ්‍යක්ෂක තනතුරට ඉලංගකෝන් ලවා පත්කළ විජිතා මායාදුන්නේ පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් එළවා දමන තෙක් එම තනතුරෙහි යහමින් වැජඹී සිටියේ  BDSM සංජීව ධර්මරත්නගේ අනුහසිනි.    

රනිල් රාජපක්ෂ හමුවේ ඇති උභතෝකෝඨික ප්‍රශ්නය…

රනිල් රාජපක්ෂට මේ වේලාවේ වැදගත් වන්නේ ජනාධිපතිවරණය ජය ගැනීමයි. පොහොට්ටුවේ බලපෑම නොවන්නට රනිල් රාජපක්ෂ ජුන්ඩාලේප බන්දු වැනි කුපාඩියෙකු පොලිස්පති වැනි තනතුරකට පත් නොකරන්නට ද ඉඩ තිබිණ. මීළඟ පොලිස්පතිවරයා පත් කළ යුත්තේ ඉහත සඳහන් කළ නිලධාරීන් අතුරෙනි. ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ මීට පහළින් සිටින උන් ගැන කථා කර පලක් නොමැත. එම නිසා ජ්‍යෙෂ්ඨතා ලේඛනය විසි කර දමමින් සලකා බැලිය යුත්තේ රටක් ආදරය කරන පුද්ගලයෙකු මෙන්ම දැනට පොලිස් සේවයේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් පිළිබඳ ව මිස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ ඉහළින්ම සිටින නිලධාරීන් පිළිබඳ ව නොවේ. එසේත් නොමැති නම් සිවිල් රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පොලිස්පති තනතුරෙහි වැඩ බැලීම සඳහා පත් කළ යුතුය.

-ලංකා ඊ නිවුස් විශේෂ වාර්තාකරු 'පොලිස් පොඩ්ඩා' විසිනි

---------------------------
by     (2024-07-25 11:40:09)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links