~

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සතුව ක්ලබ් වසන්තගේ රහස් තොරතුරු රැසක්...!

-LeN අභ්‍යන්තර තොරතුරු සේවය වාර්තා කරයි

(ලංකා ඊ නිව්ස් -2024.අ‍ගෝ.27, ප.ව.4.40) අතුරුගිරියේදි ඝාතනයට ලක් වු ක්ලබ් වසන්ත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සමග සමීපව කටයුතු කළ අයෙක් බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ මහරගම පිහිටි නිවසට මසකට තුන්වතාවක් පමණ යන ක්ලබ් වසන්ත  මධුවිත පානය කරමින් රහස් ගණුදෙනු රැසක් කතාකර තිබේ. මෙම පුද්ගලයා සමග ගණුදෙනු නොකරන ලෙස මහේස්ත්‍රාත්වරයාගේ ආරක්ෂක නිලධාරීන් පවා දැනුම් දී තිබුණි. එහෙත් මහේස්ත්‍රාත්වරයා කිසිදු ආරක්ෂක උපදෙස් නොතකමින් කටයුතු කළ අතර ඔහුට ඉහ මොළ රත්වූයේ  ක්ලබ් වසන්ත ඝාතනය කිරීමත් සමග ය.

ක්ලබ් වසන්තට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු රැසක් තිබූ අතර මහේස්ත්‍රාත්වරයා විත්තිකරුවන් නොමැතිව නඩු විසඳුවේ ක්ලබ් වසන්ත නිසා ය. ඇතැම් නඩුවල ගණුදෙනු සඳහා ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට ක්ලබ් වසන්ත තැරුව්කරුවකු ලෙස කටයුතු කර තිබේ.

මේ නිසා ක්ලබ් වසන්ත මහේස්ත්‍රාත්වරයාගේ නම තැන්තැන් වල  විකුණමින් මුදල් ලබාගෙන තිබේ. තවද ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන්  මුදල් ලබාගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තමන්ට පාතාලයෙන් තර්ජන ඇති බව ප්‍රකාශ  කරමින් පොලිස් හා පොලිස් විශේෂකාර්ය බලකායේ ආරක්ෂාව ලබා ගත්තේ අතේ පත්තු වන බොරුවක්ද කියමිනි. එම පුවත හිරු මාධ්‍ය ජාලයේ ප්‍රධාන පුවතක් වුවත් මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ කිසිදු පාතාල තර්ජනයක් මහේස්ත්‍රාත්වරයාට නොමැති බවයි.

තවද ඉහළම දේශපාලන හස්තයක් හා පොලිසියේ ඉහල නිලධාරීන් දෙදෙනෙකුගේ දැනුවත් භාවය මත ක්ලබ් වසන්ත ඝාතනය කළ බවට ද චෝදනා  එල්ල වන අතර එම ඝාතනයට සාධාරණය ඉෂ්ට නොවීමට ද එය එක් හේතුවක් වී අවසන්ය.

පාතාල කල්ලි සමාජිකයින්, ව්‍යාපාරිකයින් සමග ඩීල් දමා ගණුදෙනු කළ නීතිඥවරුන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන්ද අගවිනිසුරුවරයා සහ අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිලි රැසක් ඉදිරිපත් කර ඇත්තේ මේ අතර වාරයේ ය.

-LeN අභ්‍යන්තර තොරතුරු සේවයේ වාර්තාවක්

---------------------------
by     (2024-08-27 11:20:42)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links