-මාණ්ඩලික වාර්තාකරුවෙකු ලියයි
(ලංකා ඊ නිව්ස් -2024.අගෝ.29, ප.ව.9.35) ගෑස් සිලින්ඩරය පෙන්වමින් ගෑස් සිලින්ඩරයට කතිරය නොගැහුවොතින් ගෑස් නැති වෙනවා යයි ජනතාව බිය කරමින් ඡන්දය ඉල්ලන රනිල් රාජපක්ෂ සිය පරාජය පිළිගෙන ඇතැයි වාර්තා වේ. ඔහුගේ ඡන්ද කැම්පේන් එක මුළුමනින්ම අවුල් වියවුල් වී ඇති අතර අකිල, සාගල, කොට වජිර, ලන්සා වැනි එක එක අය තැන තැන කාර්යාල හදාගෙන කැම්පේන් කරන්නට ගියද ඒවා කිසිදු ඒකමිතියකින් තොරව අවුල් ජාලයක් වී රැස්වීම් පවා අවලංගු කිරීමට සිදුව තිබේ.
රනිල් රාජපක්ෂ පවසා ඇත්තේ 'දැන් ජනාධිපතිවරණය අත් හැර ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය බලාගෙන හෝ කැම්පේන් සිදුකළ යුතු' බවයි. එනම් ඔහු තම පරාජය පිළිගෙන තිබේ.
සැප්තැම්බර් 21 වැනිදා ඡන්දයෙන් රනිල් තෙවැනියා වන බව ඕනෑම පකිස් බූරුවෙකුට පවා තේරුම් ගොස් ඇති බැවින් රනිල් වෙනුවෙන් කැම්පේන් කිරීමට මුදල් දීමට කිසිදු ව්‍යාපාරිකයෙක් ඉදිරිපත් නොවන තත්ත්වය ද රනිල්ගේ කැම්පේන් එක නන්නත්තාර වීමට බලපා තිබේ. රනිල් වෙනුවෙන් වෙන්කරන ලද පුවත්පත් දැන්වීම් පවා අවලංගු කර ඇත.
මේ තත්ත්වයේ තවත් ප්‍රධාන සිද්ධියක් ඊයේ සිට පැන නැගී ඇත. ඒ නම් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරය දැරූ පාලිත රංගේ බණ්ඩාර රනිල් සමග විරසක වී දැන් සජබේ සජිත්ට සහාය දීමට උනන්දු වීමයි. රංගේ බණ්ඩාරට මෙවැනි තීරණයක් ගැනීමට සිදුව ඇත්තේ ඔහුට නොදන්වා මහ ලේකම් ධූරයෙන් ඔහු ඉවත් කර පක්ෂ නායක රනිල් රාජපක්ෂ විසින් ඒ වෙනුවට රවි කරුණානායක, ක්‍රිෂාන්ත, ශමල් සෙනරත්, රෝලන්ඩ් පෙරේරා ආදියගෙන් සමන්විත විධායක කමිටුවක් පත් කිරීමයි.
රනිල් රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද උදෑසන එළිදැක්වූ අවස්ථාවට රංගේ බණ්ඩාර සේම රවි කරුණානායක ද සහභාගී වී සිටියේ නැත.
ඊයේ දක්වා සජිත්ට බැන බැන සිටි රංගේ හෙට සජිත්ට සහාය දැක්වීමට ඉදිරිපත් වුවහොත් මේ දිනවල ඕනෑම කුණු ගොඩක් එකතු කරගන්නා සජිත් රංගේව ඉඹ පිළිගන්නවා ඇත. එසේ පිළිගෙන 'ගෙඹි දේශපාලනය අවසන් කරන බවට' අධෝ මුඛයෙන් වේදිකා මත්තේ බෑඟිරි ගසනවාද ඇත. ලංකාවේ ගඳ ගහන දේශපාලන සංස්කෘතියට තව ගඳ නාඩගමක් එක්වනු නිසැක ය.
මේ අතර ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකට දැන් රටේ රැල්ලක් නිර්මාණය වෙමින් පවතින බව පක්ෂ විපක්ෂ සියළු දෙනාම පවසති. එම රැල්ලට 'අනුරැල්ල' යනුවෙන් නමක් ද පට බැඳ තිබේ.
---------------------------
by (2024-08-29 16:10:34)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි